Powered By Blogger

Thursday, September 8, 2011

අද සෑප්තෑම්බර් අටවෙනි බ්‍රහස්පතින්දා . .

මගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක ගත්තෙ මම O/L කරන්න කලින්නෙ. ඒ මීට අවුරුදු 18කට වගේ කලින්. දෑන් ඒකෙ පිටිපස්සෙ ලියලා තියන කිසිම දෙයක් බලාගන්න බෑරි තරමටම මෑකිලා. ෆොටෝකොපියක් ගෑහුවත්, ඒක වදිනෙන්ත් නෑති තරම්. මම ඉතින් මගේ ඩ්‍රයිවින් ලයිසන් එකත් තියන නිසා දෙකම පෙන්නලා ඕන දෙයක් කරගත්ත. ID එකේ ෆොටෝකොපියක් ඉල්ලනකොට, ID එකයි, ලයිසන් එකයි දෙකම එකට තියලා ෆොටෝකොපි ගහන්නෙ. මොකද, නම ගම බලාගන්න වෙන්නෙ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් හින්ද.


මම ඉතින් මේ ID කතාව ආවේ කොහොමද කිව්වෙ නෑහෑනෙ. මගේ ID කාර්ඩ් එකේ කොපියක් ඕනවෙලා තියෙනවා අපේ මාමණ්ඩියට. ඉතින් මම දවසක් මම මුලින් කියපු විදිහෙ කොපියක් අරන්ගියා. මෑන් ඒකට කෑමති උනේ නෑහෑ. එයා කියනව, එක්දින සේවයෙන් අළුත් එකක් ගන්නලු.

ඒක නිසා අද මම අපේ ග්‍රාමසේවක රාළහමි හම්බවෙන්න ගියා. ග්‍රාමසේවක රාළහාමි කිව්වම තවත් අතීත කතාවක් මතක් උනා. මේකත් වෙලා දෑනට අවුරුදු 5ක් 6ක් වගේ වෙනවා.

මේ සිද්ධිය වෙනකොටත් අපිට හිටියේ, දෑන් ඉන්න ග්‍රාමසේවකම තමයි. දවසක් අපේ අම්මා ගිහින් තියනවා  මොකද්ද වෑඩකට ග්‍රාමසේවකව හම්බවෙන්න. ඉතින් අම්මා වෑඩි හොඳට කියලා කතා කරල තියෙන්නෙ " ග්‍රාමසේවක උන්නෑහේ " කියලා. මේක කිව්ව ගමන් මෑන්ට මල පෑනලා කියනවලු. " හරියට කතා කරන්නවත් දන්නෙනෑහෑ, ගෙදර වෑඩ කරන බාස්ටත් කියන්නෙ බාසුන්නෑහේ කියලා. පොලිස් කාරයන්ටත් රාළහමි කියලා කතාකර්න්න පුලුවන්, එත් අපිට ග්‍රාමසේවක රාළහාමි කියලා කතාකරන්න බෑහෑයි " කියල.

ඉතින් ඊට පස්සේ අම්ම මෑන්ට ' ග්‍රාමසේවක රාළහාමි' කියල ආමන්ත්‍රනය කරල වෑඩේකරගෙන ඈවිත් ඔයකතාව අපිට කිව්වා. එදා ඉඳන් අපේ ගෙදර් කට්ටිය ග්‍රාමසේවකව දෑක්කොත් " ආ...කොහොමද ග්‍රාමසේවක රාළහාමි, කොහේද මේ යන්නෙ " කියලා අහනවා. එහෙම් අහනකොට මිනිහා කට කන්දෙක ගාවටම ඈරලා හොඳ හිනාවක් එහෙම දාලා යනවා. අපි වෑඩක් කරගන්න ගියාමත්, " ග්‍රාමසේවක රාළහාමි, මේකයි. . . . ." කියලා පටන් ගත්තනම් වෑඩේ එළකිරි වගේ කරගන්න පුළුවන්.

අනේ ඉතින් මෙහෙමත් මිනිස්සු. පුදුම හීනමානයක්නෙ තියෙන්නෙ.

ග්‍රාමසේවක ඉන්නෙත් සඳුදයි, බ්‍රහස්පතින්දයි විතරනෙ. මම ඉතින් උදේ නමයට වගේ වත්තල්පොල පන්සලට ගියා. එතනට ගියාම තමයි ලන්කාවේ රාජ්යය සේවය ගෑන කළකිරෙන්නෙ. ඈත්තටම කියනවන් ග්‍රාමසේවකට ඉන්න හිටින්න හරිහෑටි තෑනක් නෑතුව එයාලා කොහොමද රාජකරි කරන්නෙ?  එතන ග්‍රාමසේවකලා තුන්දෙනෙක්ටම තිබුනෙ, කබඩ් දෙකක් විතරයි. වාඩිවෙන්න කරන්න පුටුවක් මේසයක් නෑහෑ. ඔක්කොම පාවිච්චි කරන්නෙ පන්සලේ ඩෙස්ක් සහ පුටු. මේකනම් හරිම ඛේදනීය තත්වයක්. රටේ රාජ්යය නායකයගෙ ඉඳන්, ප්‍රදේශීය සභාවෙ මන්ත්‍රිවරයා දක්වාම රුපියල් දහස් ගනන් වියදම් කරලා උත්සව පවත්වමින් ජෝගි නටනවා. අපේ ගම්වල අහින්සක මිනිස්සුන්ට මූලික සේවය සපයන ග්‍රාමසේවක නෝනා මහත්තුරුන්ට ඉන්න ඉඳින්න තියා, වාඩිවෙලා පිලිවෙලකට වෑඩක් කරන්න මේසයක්, පුටුවක්, අදාල ලිපි ලේඛන තියාගන්න ඒ හෑටි කබඩ් එකක් වත් ලබාදෙන්න මේ කුහක, කපටි, වන්චාකරි දේශපාළුවන්ට (දේශපාළුවන් කිවෙවෙ වෑරදීමකින් නෙවෙයි ) උවමනාවක්, උනන්දුවක් නෑහෑ. අපේ රටේ බහුතරයක් ඉන්නෙ, රටගෑන හිතන්නෙ නෑති තමන්ගෑන විතරක් හිතන බලන දේශපාළුවන්නෙ. හෑබෑයි, මේවගේ මිනිස්සුන්ට චන්දෙ දීලා දිනවන මිනිසුන්ට මෙහෙම වෙලා මදි කියලයි මටනම් හිතෙන්නෙ.

මම ඊයේ එතෑනට ගියාමයි, දෑනගත්තෙ. එතනට ග්‍රාමසේවකලා තුන්දෙනෙක් එනබව. ඒක ගියගමන් දෑනගත්තෙ ඒ තුන්දෙනම හිටපු නිසා නෙමෙයි. වෙන වෙනම මිනිස්සු ඒ ඒ ග්‍රාමසේවකලා එනකල් බලන් හිටපු නිසා.

මොනවා උනත් අපේ, ග්‍රමසේවක රාළහාමිනම් මම යනකොටත් ඈවිල්ලා හිටියා. ටික වේලාවක් යනකොට ගිම්පත, හේනමුල්ල කලාපේ බලන ග්‍රාම සේවක නෝනා ආවා. ඊටත් පෑය බාගෙකට වගේ පස්සෙ තමයි, බෙක්කෙගම කලාපෙ බලන, ගොඩක් පොෂ් ටයිප් එකේ ග්‍රාමසේවක නෝනා කෙනෙක් ආවේ. ඔන්න ඔහොම තමයි අපේ රාජ්යය සේවකයන් මහජන සේවයට වාර්තා කරන්නෙ.

ඊළඟ ප්‍රස්නෙ තමයි, එන එන අය ඔහේ රන්චුව වගේ ග්‍රාමසේවක මහත්තයා වටේට බලන් ඉන්න එක. මම එතනට ගියේ තුන්වෙනියට වගේ උනත්, කට්ටිය වෑඩිවේගෙන එනවත් එක්ක මටත් ටිකක් බය හිතුනා මට කීවෙනියට කතා කරයිද කියලා. කොහොමහරි මාත් වෑඩේ අතාරින්නෙ නෑතුව, තුන්වෙනියට ගිහින් මට අලුතින් ID එකක් ගන්න අයදුම් කරන ක්‍රමවේදය අහගත්තා. මම නම් හිතුවෙ එතනින් මට 12.00න් මෙහා එන්න ලෑබෙන එකක් නෑහෑයි කියල.

2 comments:

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .