අස්සයා පැනලාගියාට පස්සේ ඉස්තාලය වැසීම
කාලෙකින් සටහනක් දාන්නත් බැරි උන එකේ, දැන් නම් හෝල් සේල් එකේ ලියන්න දේවල් තිය්නවා. වෙන මොකුත් ගැන නෙමෙයි. අපේ ඔෆිස් එකේ හුට පට ගැන.
දැන් නම් අපේ ඔෆිස් එක එකම අල්කලන්චියක් වෙලා තියෙන්නෙ. මම මීට අවුරුදු දෙකකට කලින් කියපු දේවල් දැන් හැබෑවෙලා. එක අතකින් බලන්කොට සතුටක් දැනෙනවා, මොකද මම මීට අවුරුදු දෙකකට කලින් අපේ කම්පැණියේ අනාගතය ගැන දැකපු දේවල් යථාර්තයක් වීම ගැන. අනික් අතින් දැනෙන්නෙ මහ පුදුම දුකක්. මොකද මම අපේ කම්පැණියට වැඩ කරේ, මගේ ආයත්නයක් වගේ කියන හැගීමකින්. ඒ කැපවීම අද රස්සාවල් හොයාගෙන එන කිසි කෙනෙකුගෙ මම දැක්කෙත් නැහැ, දකින්න ලැබෙයි කියලා හිතන්නෙත් නැහැ.
අද අපේ කම්පැණිය යම් තැනෙක තියනවනම්, ඒකේ ගෞරවය පිටුපස්සේ මන් ඉන්නවා කියලා අපේ හිටපු පරණ කට්ටිය සේරම වගේ දන්නවා. ඒත් මෑතකදි අපේ කම්පැණියට ඇවිත්, එයාලා නිසා තමයි අද මේ තියන දියුණුව කියලා ලකුණු දාගන්න හදන පිරිස ගොඩක් වැඩියි.
අද මට ආරන්චි වෙච්ච හැටියට දැන් තමයි අපේ බොස්ට මේ තිත්ත ඇත්ත තේරිලා තියෙන්නෙ. හැබැයි පරක්කුවෙලා හරි ඇත්ත අවබෝධ වෙච්ච එකගැන මට අද හරි සතුටුයි. හැබැයි, දැන් ඉතින් බොහෝම පරක්කු වැඩියි. වෙන්න ඕන සේරම දේවල් උනාට පස්සේ ඇත්ත තේරුම් ගන්න කොට වෙන්නෙ අර අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනව වගේ වැඩක්.
අදවෙනකොට අපේ ඔෆිස් එක හොල්ලගෙන හිටපු අයගේ තටු කැඩිලා ගිහින්. එහෙම වෙලත් මෙච්චරකල් කරපු දේවල් නවත්තන පාටකුත් නැහැ. මේ අය තව හිටියොත් වෙන්නෙ, ඉතුරුවෙලා යමක් තිබුණනම් ඒකත් නැතිවෙන එක විතරයි. මේ ගැන ඉතා ඉක්මන් තීරණයක් ගන්න ඕනා. බොස්ට මේගැන තීරණයක් ගන්න තව මාස ගනණක් ඕන බවයි මට තේරෙන්නෙ. හැබැයි එතකොට තව මොනවා වෙලා තියෙයිද කියල දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි.