Powered By Blogger

Saturday, September 10, 2011

අද සෑප්තෑම්බර් දහවෑනි සෙනසුරාදා . . .

ඊයේ හවස ට්‍රිලක්ෂිකා එකෙන් කතා කරලා කිව්වා " තියන ඕකීඩ්ස් ඔක්කොම අද උදේටඅරන් එන්න "කියලා. අද උදේත් වහිනවා. මොනව කරන්නද? වෑස්ස පායනකන් හිටියෝත් ඕකීඩ් ටික කපන්න, වෑඩට යන්න පරක්කු වෙනවනෙ. වෑස්සෙම ඕකීඩ් මල් කෑපුවා.

අද මදුසන්කත් පඩි ගන්න ඔෆිස් යන්න ඕන නිසා, ගොළුමඩම හන්දියෙන් ගන්න කිව්වා. යන ගමන් එයාවත් අරගෙන ගිහින් පීරිස් මාවත ළඟින් දාගෙන මම ගියා ඩීන්ස් පාරේ ට්‍රිලක්ෂිකා එකට. මල් දීලා, ලොකු අයියා අම්මට එවලා තියෙන එක්සස්යිස් මෑෂින් එක ගන්න ඕන ඩොකියුමන්ට්ස් ගන්න නවම් මාවතේ තියන CWE එකට ගියා. ඒ වෑඩටිකත් කරගෙන ඔෆිස් එකට එනකොට 10.30 වගේ වෙලා.

ආපු ගමන් බොස් වෑඩ කිහිපයක් කිව්වත්, වෑඩ කරන්න කම්පියුටර් එකක් තිබුනෙ නෑහෑ.මොකද, මදුසන්ක මගේ එකේ වෑඩ් කරකර හිටපු නිසා. මේ දවස්වල ඔෆිස් එකේ කම්පියුටර් දෙකක්ම කෑඩිලා, හදන්න යවලා. මන්ජුලාගේ කම්පියුටර් එක ටිකකට ඉල්ලගෙන, ඊමේල් දෙක දෑම්මා. ඊටත් පස්සෙ තවත් මේල් එකක් යවන්න කියලා බොස් කිව්වා.එත් ඒක් ආපහු මතක් උනේ මේ සටහන දාන කොටයි. සඳුදා උදේන්ම ඒක කරන්න ඕන.

කොහොමහරි තියෙන වෑඩ පුළුවන් විදිහට කරලා ඉවරවෙනකොට දවල් උනා. ආහ්. . . මේ අස්සෙ විරාජිත් අස්වෙනවයි කියලත් කිව්වා. මේ හදිස්සියෙ විරාජිතුත් ගියාම අපිම තමයි අමරුවෙ වෑටෙන්නෙ. ඒත් ඉතින් මොනවා කරන්නද? එයාලගෙ දියුණුවට හොඳ තෑනකට යනවනම් අපි ඒකට විරුද්ධ වෙන්න හොඳ නෑහෑනෙ අපේ ප්‍රශ්ණ ගෑනවිතරක් බලලා.

මොනවා උනත් අපේ කම්පෑණියෙ මිනිස්සු යන එකගෑන, අපේ බොස් මීටවඩා හිතලා බලනවනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නෙ.

අපි කට්ටිය දවල්ටත් කාලා යන්න පිටත් උනා. රෝෂියි, සම්පතුයි (රෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්) දෙන්නත් ඩික්මන් පාරට යන්වයි කිව්වනිසා ඒ දෙන්නවත් දාගෙන මම බම්බලපිටියට ආවා. මම බම්බලපිටියට ආවේ, පොඩි ප්‍රසන්ට් එකක් ගන්න. පඩිත් ගත්ත නිසා මම හිතුවා, ලබන සතියට පස්සෙ ඕනවෙන ප්‍රසන්ට් එක අදම අරන් තියාගන්න. ප්‍රසන්ට් එක මොකක්ද, කාටද කියලා අහලා දෑන්ම කමෙන්ට්ස් දාන්න එපා. ඒක අදාල දවසට ලියන්නම්.

ඒකත් කරගෙන ගෙදර් එනකොට වෙලාව 5.20යි.

3 comments:

  1. ප්‍රසන්ට් එක අරයට නේද ?

    ReplyDelete
  2. ආනේ මන්ද අනුන්ගෙ ඩයරි මෙහෙම කියවන එක හරිද කියල ,කමක් නෑ ලියන්නකො අපි කියවනව :))


    ප.ලි: වර්ඩ් වෙරිෆිකේශ්න් අයින් කරානම් කොමෙන්ට් කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
  3. බ්ලොග් එකක් කියන්නේ අනිත් අයට කියවන්න අවසර තියෙන ඩයරියක් තමයි නදී.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .