Powered By Blogger

Saturday, September 3, 2011

අද සෑප්තෑම්බර් හතරවෙනි ඉරිදා. . .

ඉරිදා තමයි මට සතියටම තියන එකම අ නිවාඩු දවස. උදේ ඉදන් රෑ වෙනකන්ම වෑඩ ගොඩයි.

වත්ත අතුගලා තමයි වෑඩ් පටන්ගන්නෙ. ඊළගට වෑන් එක හෝදන්න ඕන. පස්සේ කාලා බීලා වත්තෙ තියෙන වෑඩක් කරනවා.

අහ්... ඕකීඩ් වලට පොහොර ගහන්න තියෙන එකම් දවසත් ඉරිදා තමයි. ඕකීඩ් කොටුව යට වල් වෑවිලා මහා කෑලෑවක් වෙලා. තාම සුද්ද කරන්න ලෑබුනෙ නෑහෑ. මේකට හොද සාත්තුවක් දෙන්න පුළුවන්නම් මාසෙට සෑහෙන ගානක් හොයන්න පුළුවන්. කොහෙද ඉතින් ඒකටවත් වෙලාව්ක් නෑහෑනේ. මේ ඉන්නේ පොඩි අයියගෙ දුව මිහිෂාණි. ආදරේට අපි කියන්නෙ ෂාණි කියලා.





ගිය ඉරිද අපේ බලු තඩියාව නාවපු නිසා මේසතියේ ඕන නෑහෑ. එයාව සති දෙකකට සෑරයක් නාවපුවම් ඈති.එහෙම නෑත්නම් ඉතින් මෑක්කො තමයි. මෑක්කො වෑහුවොත් උන් මරලා පව් කරගහගන්න වෙන නිසා, කොහොම හරි සති දෙකකට සෑරයක් රෑන්ඩිව නාවනවා. රෑන්ඩි රට බල්ලෙක් උනාට වෑඩ නම් වල් බල්ලෙක් තරම්.... ඒ ගෑන ඉතින් ලියන්නත් ලෑජ්ජයි වගේ.





ඒ වගේම මගේ වගා කටයුතුත් බලන්න ඕනනේ. දෑන් වගා කරපුවාගේ අවසාන කාලය. වම්බටු, වෑටකොළු මෑ මෑරීගෙන යනවා. ඒවා අලුතෙන් ඉන්දන්න ඕන. වෙලාවට ඉන්දන්න බෑරි උනොත් අස්වෑන්න නෑති කාලයක් එනවා. අපරාදේ මොනවා කරන්නද වෙලාවට ඉන්දන්න ලෑබුනේ මෑ ඈට ටිකක් විතරනෙ.







ඒ මදිවට මේ ඉත්තෑ කරදරේ. මේ අවුරුදු තිස් හයකට නොදෑකපු, නොහිටිය ඉත්තෑවො ටිකක් අවුරුදු දෙකක වගේ ඉදන් වත්ත විනාස කරනවා. යන්තම් දෙන්නෙක්වා අල්ලලා බොරලෑස්ගමුවෙ වෙලට ගිහින් දෑම්මා. ඒත් තව කොච්චර ඈත්ද?





මගේ කරල් පීදුනු බන්ඩක්ක ටික සේරම මේ හෑත්ත ගිය සතියේ විනාස කරානේ. එහෙම උනාම වගා කරන්න එපා වෙනව අප්පා. පව් කරන්නෙ නෑති උනාට ඒක දෑක්ක ගමන් හිතට ලොකු තරහක් ආවා. මොනවා කරන්නද උන්ව තියා මොකෙක් උනත් මරන්න මටනම් හිතෙන්නෙ නෑහෑ. පුළුවන් උනොත් අල්ලලා ට්‍රාන්ස්පොර්ට් කරන්න ඕන කලින් දෙන්නා ළගටම.

අදට ඈති වගේ. මේක ලිය ලිය හිටියොත් අද මට වෑඩක් කරන්න වෙන්නෙ නෑහෑනේ.

අද දවසේ විශේශ දෙයක් උනොත් ආපහු සටහන් කරන්නම්. දෑන් මම වෑඩ පටන් ගන්න ඕන.

4 comments:

  1. බුදු අම්මේ, මෙහෙම වැඩ තියෙනව නම් ඉතින් ඉරිදත් විවේකයක් නැතිව ඇති. :) ඒත් වගා කරද්දි, මල් එක්ක ඉද්දි නම් වෙහෙසක් දැනෙන්නෙ නැතිව ඇති එච්චර.
    බ්ලොග් එකට සුභ පැතුම්...

    ReplyDelete
  2. මල් කඩනවා වගේ වවන එක ලේසි නෑහෑ මචන්. Anyway..thanks for the comment.

    ReplyDelete
  3. ඔන්න මාත් මේ පැත්තෙ ආවා.
    පව් අනේ ඉත්තෑවා.උන්ට බොරලැස්ගමුවෙ පැත්ත අල්ලයිද දන්නෙ නෑ.
    ඇයි රැන්ඩි මොනවද කරන්නේ ලියන්න ලැජ්ජා හිතෙන තරමට...:D

    ReplyDelete
  4. ආවටයි,කමෙන්ට් එකට තෑන්ක්ස් නිසූ. ඔයා ඉන්නෙ පාදුක්කේ නිසා ඉත්තෑවට කරදරයක් වෙනෑකක් නෑහෑ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .