Powered By Blogger

Monday, September 12, 2011

අද සෑප්තෑම්බර් දොලොස්වෙනි සඳුඳා . . .

ඊයේ දවසේ කතාවත් ලියලා ඉවර කර්න්න බෑරි උනානෙ. කමක් නෑහෑ, ඒකේ අඩුව පස්සේ දාන්නම්කො. මම ඉතින් අද දවසේ සටහන් දාන්නයි මේ ලෑස්තිවෙන්නෙ.

අද මම වෑඩට පිටත්වෙන්න ටිකක් පරක්කු උනා. මොකද මම ඊයේ කිව්ව වෑට ගහන්න කට්ටිය එනකන් හිටියා. ඒ අය ආවට පස්සෙ තමයි, මම වෑඩට යන්න පිටත් උනේ.

පරක්කුත් උන නිසා මම හිතුවා ටෙලිෆෝන් බිල් ටිකත් ගෙවාගෙනම් කාරිය වෑඩට යන්න. ටෙලිෆෝන් කිව්වම බලයිනේද, ෆෝන් කීයක් පාවිච්චි කරනවද කියලා. ඈත්තම කියනවානම් ෆෝන් හතරක් බිල් ගෙවන්න තියනවා. පස්වෙනි ෆෝන් එක ප්‍රිපේඩ් එකක් නිසා ඒක ගෙවන්න කියලා තෑනකට යන්න ඕන වෙන්නෙ නෑහෑ. අනික, ඒකේ රීලෝඩ්ස් වලට ගෙවන්නෙ අපේ කම්පෑණියෙන්.

පළවෙනි එක තමයි, ගෙදර ලෑන්ඩ් ෆෝන් එක, දෙක තාත්තගෙ නමට ගත්ත මොබිටෙල් උපහාර එක. තුන සහ හතර තමයි අලුත ගත්ත ඩයලොග් මල් පෑකේජ් දෙක.

ඔන්න, රත්මලානේ මෑලිබන් හන්දිය ගාව තියන ඩයලොග් එකෙන් මම මල් පෑකේජ් දෙකේ බිල් ගෙව්වා. ඒක ගෙවලා පිටත් වෙනකොටමයි, පොලිස් රාළහමි කෙනෙක් සෙට් උනේ. මෑන් කිව්වා ගල්කිස්සෙ උසාවිය ගාවට දාන්න කියලා.

මොබිටෙල් එකයි, ලෑන්ඩ් ෆෝන් එකෙයි බිල් ගෙවන්න ඕන ටෙලිකොම් එකකනෙ. කොහොම හරි ටෙලිකොම් එකකට යන්න බෑරිඋනා. මොකද, මගදි පොලිස් රාළහමිකෙනෙක්ව දාගෙන එන්න උනානේ. ඉතින් මෑන් ඉන්දෙදි මට වාහනේ නවත්තලා යන්න බෑහෑනෙ. ඉතින් මම අද ඒක ඔෆිස් එකේ අයට කියලා කරගන්න බෑලුවත්, ඒකත් හරිගියේ නෑහෑ. හෙට තමයි, ඒ බිල් දෙක ගෙවන්න වෙන්නෙ.

කොහොමහරි ඉතින් ඔෆිස් යනකොට වෙලාව 9.45 ට වගේ ඈති. ගිය ගමන් සෙනසුරාදා අමතක උන ඊ මේල් එකක් දෑම්මා. ඊළඟට අද හවස කළුතර මීටින් එකට ගෙනියන්න ඕනකරන ඩ්‍රොවින් එකක් විරාජිත්ට කියලා ඈඳ ගත්තා.

මම ගන්න පෙන් ඩ්‍රයිව් සේරම පාවිච්චි කරන්නෙ වෙන අය. ඊයෙ මට හදිස්සියකට පෙන්ඩ්‍රයිව් එක ඕන වෙලා පනයනකන් හෙව්වා. පස්සෙ තමයි මතක් උනේ ඒක පූර්ණිමා ගෙනිච්ච බව. මීට අවුරුද්දකට කලින් වගේත් 4 GB පෙන්ඩ්‍රයිව් එකක් ගත්තා. ඒකත් වෙන්කට් ( අපේ ෆයිනෑන්ස් මෑනේජර් ) ඉල්ල ගත්තා. ඒත් ඒක අද වෙනකන් දුන්නේ නෑහෑ. මිනිස්සුන්ගෙ හෑටි, කෙනෙක්ගෙන් දෙයක් ඉල්ල ගත්තම ආපහු දෙන්න මත්ක්වෙන්නේ නෑහෑ. අපිටනම් කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගත්තහම, ඒක ආපහු දෙනකම් හිතට මහ වදයක්, බරක්, සමහර වෙලාවට නින්දයන්නෙත් නෑහෑ. ඒත් ඒකට මෙහෙමත් මිනිස්සු. . . .

ඒක නිසා මම අද මගේ ඔයවගේ අයිටම්ස් සප්ලයි කරන මෑන්ට කෝල් එකක් දුන්නා 8 GB පෙන්ඩ්‍රයිව් එකයි, 4 GB මයික්‍රො SD එකකුයි ගේන්න කියලා. ඒ පාර විරාජිතුත් 8 GB පෙන්ඩ්‍රයිව් එකක් ගේන්න කිව්වා. මෑන්ගෙ බඩු ලාබයි. 8 GB පෙන්ඩ්‍රයිව් එක 1,400.00 යි, 4 GB SD කාඩ් එක 1,100.00 යි.

මෑන් ඒවා ගෙනාවා විතරයි, පූර්ණිමාට පෙන්ඩ්‍රයිව් එක ඕන උනා. එයා කියනවා " ඔයාගේ හෑම දෙයක්ම මුලින්ම පාවිච්චිකරන්නෙ මමනේ, ඒක නිසා ඕකත් මුලින් මටම දෙන්නලු " හෑබෑයි ඕකේ අනික් පෑත්තත් වෙනවනම් තමයි මම කෑමති. අනික් පෑත්ත කොහොම උනත්, මුලින් නෑතත් දෙවෙනියට හරි එයාගේ ඒවත් පාවිච්චි කරන්න ලෑබෙනවනම් . . . . . . . .

කොහොම කොහොම හරි වෙලාව දෙකත් පහු උනා.

ආහ් . . . ඒ අස්සෙ සදර්න් ෆ්යර් එකෙන් ගෑස් ඩිටෙක්ටර් 4ක් ඉල්ලනවා. මම ඉතින් ඒකත් ලෑස්ති කරගෙන, ඒකට බිලත් හදාගත්තා. ( බිල ඒ වෙලාවෙම දුන්නෙ නෑත්නම්, ඕකේ සල්ලි අහලා බොස්ගෙන් කනක් ඈහෙන්නෙ නෑහෑ. බිල දුන්නට පස්සෙ ඉතින් කනක් ඈහෙන්න නෑතිවෙන්නෙ අකවුන්ට්ස් එකේ අයටනෙ ) මම ඉතින් යනගමන් ඒවත් දීගෙනම කළුතර එන්න ආවා.

එන්න ලෑස්ති වෙනකොටම බොස් කියනවා " නවින්, මාලදිවයිනේ සර්විස් එකට ආපහු යන්න වෙනවා. ඒකට කොටේෂන් එකක් දෙන්න ඕන " කියලා. මම ඒත් කිව්වා " අපි මේ පාර නිකම්ම ගිහින් හරියන්නේ නෑහෑ, ගියපාර දුන්න සර්විස් රිපෝර්ට් එකට අනුව, අඩු බඩු එහෙට ගියාම හරි, අරන් හරි යන්න ඕන" කියලා. ඒ පාර බොස් කිව්වා " අපි, ඒ විස්තර කියලා සාමාන්ය සර්විස් එකටයි, බඩු අරගෙන කරනව නම් ඒකටයි, දෙකටම කොටෙෂන් දෙකක් දෙමු " කියලා. කොහොමත් ඒ වෑඩේ, මේ කලබලේට බලන්න බෑහෑනෙ. ඒ වෑඩේට හෙට අතගහනවයි කියලා හිතාගත්තා.

කොහොම හරි කළුතර රාමඩා සයිට් එකට එනකොට 3.30 ට වගේ. මීටින් එක ඉවරවෙනකොට 5.30 වගේ වෙලා. ඒත් එන්න විදිහක් නෑහෑ, පොඩ් සයිට් විසිට් එකක් යන්න ඕන ප්‍රශ්ණ වගයක් විසඳගන්න. ඒ ටික බලලා ඉවරවෙනකොට වෙලාව 6.38 යි. ගෙදරට එනකොට වෙලාව 7.15ට වගේ ඈති.

ඊට පස්සේ, මූණ හෝදගෙන කාරිය, තේකක් අරගෙන ආවා, කම්පියුටරේ කොටන්න. 8.20 වගේ වෙනකොට ගෑණු ළමයා කෝල් කරා. නිසූපා එක්ක කරපු චෑට් එකත් නවත්තලා ආන්සර් කරා. කථාව ඉවරවෙනකොට රෑ 10.00 ට වගේ. අම්ම මගේ කෑම එක බෙදලා වහලා තිබුනා. ඒක කාලා වොෂ් එකක් එහෙම දාගෙන එනකොට වෙලාව 10.45 ට වගේ. මේ අවසන් සටහන දාන්නෙ දෑන්.

4 comments:

  1. //මුලින් නෑතත් දෙවෙනියට හරි එයාගේ ඒවත් පාවිච්චි කරන්න ලෑබෙනවනම් . . . . . . . . //

    නවීන්ද්‍ර අයියේ..මේවා වෙන්ට නෝනා දැක්ක කාලෙක මගුලත් ඉවරයි හරිද...ලියන ඒවා පරිස්සමින් ලිව්වොත් නේද හොද...

    ReplyDelete
  2. එක තමයි මාත් කල්පනා කොලේ..
    මෙවා මෙහෙම කියන එක හරිද මන්දා...

    ReplyDelete
  3. Try & Try Again කියල සුද්දා කියල තියෙන්නෙ නිකන් නෙවෙයිනෙ... දිගටම Try කරන්න.....එතකොට දෙවෙනියට හරි වැඩෙ කොරගන්න බරියැ....නේද.......

    ReplyDelete
  4. මගේ කට හොඳ නෑති බවනම් එයා දන්නවා. ඒක නිසා මේවා ගනන් ගන්න එකක් නෑහෑ. කෝකටත් පොස්ට් එක එඩිට් කරමුකො නේද?

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .