Powered By Blogger

Saturday, September 17, 2011

අද සෑප්තෑම්බර් දාහත්වෙනි සෙනසුරාදා

ඊයේ හවස රින්ග් එක රෙඩි කියලා කෝල් කරා. ඒක නිසා අද උදේන්ම ඒකත් අරන් යන්න හිතුවා. මඟදි, මදුසන්කවත් අරගෙන කෙලින්ම ගියා නුගේගොඩ සම්පත් බෑන්කුවට. රින්ග් එකට දෙන්න තියන බෑලන්ස් එක අරන් ස්වර්ණමහල් එකට ගිහින් මුද්ද ගත්තා.

අම්මගෙ බ්ලෙන්ඩර් එකේ ජොග්ගුවේ, මූඩිය කෑඩිලා කියලා කාලයක් තිස්සේ හොයනවා. හොයාගන්න බෑහෑ. මම ඒක නුගේගොඩින් බලන්නම් කිව්වත්, කරන්න වෙලාවක් ලෑබුනේ නෑහෑ. ඒක නිසා අද ඒකත් අරන් ආවා බලන්න. මුද්ද අරන්, මූඩි බලන්න ගියත් උදේ වෑඩිනිසා කඩ වහලා. හවසට යනගමන් බලනවා කියලා හිතන් ඔෆිස් ගියා.

ඊයේ ප්ලෑන් කර විදිහට මම මාළඹේ බිල් දෙක හදන්න ගත්ත. මදුසන්කට කිව්වා, මට්ටක්කුලියෙ බිල හදාගෙන යන්න කියලා. මම හදපු බිල් දෙකේ වෑඩ ඉවරවෙනකොට වෙලාව 2.30 ට වගේ ඈති. සඳුඳා උදේට බිල මාළඹේට යවන්න පුලුවන් වෙන්න, ලියුම් කවරයකත් දාලා ඈඩ්ඩ්‍රස්කරලම තිබ්බා. මදුසන්කගේ වෑඩේ බලන්න වෙලාවක් තිබුනේ නෑහෑ. ඒයා කිව්වා " තව වෑඩ ටිකක් තියනවා, සඳුඳට බලන්නම් " කියලා.

අද හවස මම ගෑණු ළමයට එන්නම් කිව්වා, පොඩි රවුමක් දාන්න යන්න. එයා 2.30 ට වගේ කතාකරලා අහුවා එනවද කියලා. මම කිව්වා වෙලාවක් දෙන්න ඒ වෙලවට මම එන්නම් කියලා. 3.30 ට එන්න කිව්ව. මම 3.10 ට වගේ ඔෆිස් එකෙන් පිටත් උනා මදුසන්කත් එක්ක. නුගේගොඩ බස් ස්ටෑන්ඩ් එක ගාවට ආයිත් ගියා, බ්ලෙන්ඩර් එකේ වෑඩේ බලන්න. ඒත් හරියන මූඩියක් තිබ්බෙ නෑහෑ. ඒක වෙන දවසක කොටුවෙන් බලනවයි කියලා හිතාගෙන එන්න ආවා. මදුසන්කට පෑපිලියානෙ හන්දියෙන් බහින්න උනා, මොකද මම රත්තනපිටියෙන් නවතින නිසා.

කොහොමහරි එහෙට 3.45ට වගේ ගියා. මම යනකොට චමිලා ලෑස්තිවෙලා හිටියේ. මාමණ්ඩියට රින්ග් එක බාරදුන්නා.

ෆොටොග්‍රෑෆර් අපිට ගිය සතියෙ කිව්වා " පුලුවන්නම් හොඳ ලස්සන ලොකේෂන් එකක් මේ අවටින් බලන්න කියලා. ඒක බලන්නත් එක්කයි අද ගමන. මුලින්ම අපි හිතපු තෑනට ගියා. එතන නම් ටිකක් දුර උනත් තෑන හොඳනිසා චමිලත් කෑමති උනා. වෑඩේ කන්ෆර්ම් කරන්නෙ නෑතුව එන්න ආව, ලබන සතිය ඈතුලත තීරණයක් ගන්නවා කියලා.

ඒ වෙනකොට වෙලාව 5.00 ට වගේ නිසා, අපි පානදුරේ බීච් එක පෑත්තට ගියා. 6.30 වගේ වෙනකන් චෑට් එකක් දාගෙන ඉඳලා එන්න ආවා. එන්න හදනකොටම, ප්‍රසාද් අයියා හම්බවෙලා ඈහුවා " කවුරු එක්කද ආවේ " කියලා. මම චමිලාව පෙන්නලා කිව්වා " ගෑණු ළමයත් එක්ක " කියල. ප්‍රසද අයිය ඈවිල්ල හිටියේ, අක්කයි, දුවයි, පුතයි එක්ක. ඒ ගමන එයා එයාගෙ වයිෆ්ට කතා කරලා අපිව පෙන්නල කිව්වා " මේ මෙයාගෙ වෙන්ට නෝන " කියලා. පිටත් වෙන්කොට වෙලාව 6.38 යි.

චමිලාව ගෙදර ගිහින් දානකොට 7.30 ට වගේ ඈති. එයාගේ අම්මයි, තාත්තයි එක්ක ඉස්සරහට තියන වෑඩ ගෑන පොඩි චෑට් එකක් දාගෙන ඉඳලා 8.00 ට වගේ එන්න ආවා. ආපහු ගෙදර එනකොට වෙලාව 9.00 ට වගේ ඈති.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .