Powered By Blogger

Wednesday, September 28, 2011

අද සෑප්තෑම්බර් විසිඅටවෙනි බදාදා

අද මට්ටක්කුලියෙ මීටින් දවසනෙ. අපේ ඔෆිස් එකේ අයට එහෙම සයිට් එකක් තියනව කියලා මතක් වෙන්නෙත්, මීටින් දවසට කලින් දවසෙහරි, එදාට හරි තමයි. ( මේක ඉතින් මටත් සමහර වෙලාවට පොදුයි, මොකද මගෙත් ඔෆිස් එක මේකනෙ. )

ඔන්න ඉතින් ඊයේ හවස බොස්ගෙ ඉඳන් හෑමෝම මට්ටක්කුලියෙ සයිට් එක ගෑන තමයි කතාව. හෙට මීටින් අරන් යන්න මේවා ගේනත් දෙන්න, අරව ගෙනත් දෙන්න, අරක බලන්න, මේකට මොකද උනේ? ඔයවගේ ප්‍රශ්ණ කෝටියයි. හෑබෑයි, මේ වෙලාවට තමයි මට Mr. ජයන්තිකුමාර කියන කතා ඈත්ත කියලා මතක් වෙන්නෙ.

එයා මීට්න් එකේදි කියන්නෙ " උඹලට මේ සයිට් එක ගෑන මතක් වෙන්නෙ බදාදා මීටින් ආවම විතරනෙ. මෙතනින් ගිය ගමන් මේ සයිට් එක අමතක කරලා දානව , ආපහු මීටින් එකකට එනකන් " කියලා. එක වෙලාවකට මට හිතෙනවා මිනිහගේ කටේ මසුරන් දාන්න, කියන ඈත්ත කතාවට. ඒ කොහොම උනත් එහෙමම වෙන්නෙ නෑහෑ, සමහර ප්‍රශ්ණ නම් ආපහු ගියාම මතක් වෙන බව ඈත්ත. ඒත් ඒ සේරම නෙවෙයි. අනික් එයා Meeting Minutes එවන්නෙත් බදාදා උදේනෙ. ඉතින් අපි ඒ මිනිට්ස් දකින්නෙත් මීටින් එකෙදි මිසක් කලින් නෙවෙයිනෙ. එතකොට කොහොමද අනේ, ප්‍රශ්ණ වලට උත්තර හොයන් එන්නෙ? ප්‍රශ්ණෙ ආපහු දකින්නෙත් ඊළඟ මීටිමේනෙ.

කොහොම හරි අදත් සුපුරුදු ලෙස අපෙන්ම මීටිම පටන් ගත්තා. ඔන්න ඉතින් Mr. ජයන්තිකුමාර කියනවා " පහුගිය මිනිට්ස් වල හෑටියට මේවා ඉවරවෙලා තියෙන්නෙ ඕන, අරක කෙරිලා තියෙන්නෙ ඕන " කියලා. අපෙන් ඊළඟට අහනවා "දෑන් කොහොමද තත්වෙ?" කියලා. මදුසන්ක කියනවා" අරකෙන් භාගයක් ඉවරයි, මේක කරන්න තියනවා" කියලා. එතකොට මෑන් අහනවා" ඈයි කරන්න බෑරි උනේ?" කියලා. එතනදි, හෑමදාමත් එකම උත්තරයයි තියෙන්නෙ. සයිට් එකේ බඩු නෑහෑ වෑඩ කරන්න.

ඕකට ඉතින් Mr. ජයන්තිකුමාර හොඳටිකක් කියලා, හෑමදාමත් කියන්නෙ ඕකනෙ කියනවා. මම ඉතින් කිව්ව " ප්‍රොෆෙසර්ට කියලා අඩු බඩු ටික ගන්න ඕන" කියලා. " ගන්න ඕනනම් තවත් බලන් ඉන්නෙ? මෙච්චර කල් බලනෙනෙ නෑතුව, ඉල්ලන්න තිබුනනෙ? "මෑන් කියනවා. ඒ වෑඩෙත් සති දෙකක ඉඳන් බලන්නෙ. පොඩි පොඩි අවුල් නිසා තමයි පරක්කුව. නෑතුව අපි මේගෑන නොබෑලුවා නෙමෙයි. එත් ඒ ප්‍රශ්ණ මෙයාලට excuses නෙමෙයි තමයි. ඒත් මොනවා කරන්නද, වෑඩ කරනකොට ඔහොම තමයි.

කොහොමහරි ඉතින් ඒකත් ඉවර උනානේ. අපේ ලොකු අයියා අම්මට එව්ව exercise machine එක ලන්කාවට ඈවිත් දෑන් මාසෙකටත් කිට්ටුයි. වරායේ PBY එකෙන් කෝල් කරලා අහුවට වෑඩක් උනේ නෑති නිසා, අද ඒකට ගිහින් බලනවයි කියලමයි හිතාගෙන ආවේ.

මම ඉතින් ඒකට යනවයි කිව්වම, මදුසන්කත් කිව්ව "එයාටත් බෑන්කුවක වෑඩකට යන්න තියන නිසා මාත් එක්ක එනවයි " කියලා. ඒත් මම කිව්වා " මම මේ වගේ වෑඩකට යනනිසා, ඔයාගේ වෑඩේට යන්න ලෑබෙයිද දන්නෙත් නෑහෑ " කියල.

කොහොම හරි එතෑනට ගියා. මුලින්ම කිව්ව ගිහින් බලන්න කියලා පෑකේජ් එක ඈවිල්ල තියනවද බලන්න කියලා. ඒකට කාමර අන්ක 2 ට යන්න කිව්වා. එතන හිටිය කෙනා බලලා කිව්වා " මේක ඈවිත් තියෙන්නෙ 16 වෙනිදානෙ, ඈයි මෙච්චර කල් හිටියෙ" කියලා.

හිට්ය හෙතුවත් ඉතින් එතන වෑඩකරන රාජ්ය සේවකයන්ගෙ හොඳකමනෙ. මම කෝල් කරල දෙතුන් පාරක්ම ඈහුවා. එතකොට එතනින් දුන්නෙ දෙපෑත්තටම නෑති උත්තරනෙ. " ඒක අවිල්ලත් නෑ වගේ පේන්නෙ. පස්සෙ කෝල් කරල බලන්න" ඔන්න ඔයවගේ උත්තර තමයි මට ලබුනෙ වරායේ PBY එකට කතා කරාම.

2 comments:

  1. මෙච්චරද එදා වුනේ.කෝ ඉතුරු ටික.මම කමෙනට් එකක් විදිහට ඉතුරු ටික මදුසංකගෙන් අහලා ලියන්නද?...:D

    ReplyDelete
  2. ඒකනන් හොඳ අදහසක්. එහෙනම් ඔයා අහලා ලියන්නකො.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .