Powered By Blogger

Saturday, September 24, 2011

අද සෑප්තෑම්බර් විසිහතරවෙනි සෙනසුරාදා

අද උදේට අම්මල එක්ක යන්න ඕන බොරෑල්ලෙ වෑඩකට. ඒක නිසා ගෙදරින් යනකොට 9.20 ‍යි. සෙනසුරාදා උනත්, පාරේ මාර ට්‍රෑෆික්. මම උදේන් ගියානම් මම හිතන්නෙ මෙච්චර ට්‍රෑෆික් එකකට අහුවෙන්නෙ නෑහෑ. කොහොමහරි එතනට යනකොට වෙලාව, 11.00 ට කිට්ටුවෙලා තිබුණ. ඒ වෑඩේ ඉවරවෙනකොට 12.00ට කිට්ටුයි.

වෑඩට යන්නත් ඕන නිසා, අම්මලව ගිහින් දෑම්මා නුගේගොඩ බස් ස්ටෑන්ඩ් එකට. ඊළඟට ආවා ඔෆිස් එකට. ඔෆිස් එකට ආවට ඉන්න කියලා වෙලවක් තිබුනෙත් නෑහෑ. මොකද, නුගේගොඩදිම ගෑණු ළමයා කතාකරල කිව්වා එයගේ EXAM එක ඉවරයි එන්න කියලා. මම ඉතින් කිව්වා මම ඔෆිස් එක පෑත්තෙ විසිට් එකක් දාල එනකම්, හවුස් ඔෆ් ෆෑෂන් එකේ රවුමක් දාන්න කියලා. මොකද ඒ වගේ දෙයකින් ගෑණු ළමයෙක් තියාගන්න එකනෙ, ලේසිම ක්‍රමේ.

මට අද කොහොමත් ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුඳා පාන්දරින්ම නුවර යන්න ඕනනේ. නුවර් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක ගන්නයි, අර ෆිෂර් රෙගියුලේටර් ටික ගන්නයි තමයි, ඔෆිස් යන්න ඕන වුනේ. ගිය එකේ, මදුසන්ක හදාගෙන යන බිලත් බෑලුවා. අවශ්ය කරණ බඩු ටික දාගෙන පිටත් උනා.

අද චමිලාගනේ තමයි ලන්ච් එක. මොකද එයාගේ බර්ත්ඩේ එක දවසෙත් මට මොකුත් අරන් දුන්නෙ නෑහෑනෙ. හවුස් ඔෆ් ෆෑෂන් එක ගාවට ගිහින් කෝල් කරලා කිව්වා, පාරට එන්න කියලා. එයා ආවහම අහුවා කොහෙටද ලන්ච් ගන්න යන්නෙ කියලා. පොත් ප්‍රදර්ශනේටත් යන එකේ එතනටම යමු කිව්ව.

BMICH එක ගාව මාර තදබදේ. මොකද අද සෙනසුරාදා හින්දා මිනිස්සු එනව වෑඩියි. වාහනේ ඈතුලට දාන්නත් බෑහෑ, කාර් පාර්ක් ෆුල්ලු. මල්ලසේකර මාවතේ තිබුණ කාර් පාර්ක් එකකට යන්තම් දාගත්ත.

මුලින්ම ගියා කෑම කන්න තෑනක් බලන්න. ගිහින් බත් කෑවා. ඩෙසර්ට් තියන තෑනක් හොයන්කොට දෑක්ක, මවුන්ට් ලෑවේනියා හොටෙල් එකේ ෆුඩ් අවුට්ලට් එක. එතනින් ගත්තා කෑරමල් පුඩින්නුයි, අයිස් කෝපියි. ඒවත් සප්පායම් වෙලා තමයි, ප්‍රදර්ශනේ බලන්න පටන් ගත්තෙ.

අද කොළඹ ජාය්ත්යන්තර පොත් ප්‍රදර්ශණයේ අන්තිම දවසට කලින් දවස. මේපාර තිබුනෙ 13 වෑනි පාරට උනත්, මම හිතන්නෙ මේ මගේ නොකඩවා ගිය 5ස්වෙනි හරි 6වෙනි පාර. මට මේකට යන්න පුරුදුකලේ අපේ ලොකු අයියා. මේ ගමන එයා මෙහේ නෑතිනිසා, එයාට යන්න බෑරිඋනා. මොනවා උනත් අපේ අයියා නිසා තමයි, මම හෑමදාමත් මේකට දෑන් නොකඩවා යන්නෙ.


No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .