Powered By Blogger

Thursday, September 15, 2011

අද සෑප්තෑම්බර් පහලොස්වෑනි බ්‍රහස්පතින්දා

අද මහම මහ කාළකණ්ණි දවසක්. එහෙම ලියන එක හරිද මන්දා. ඒත් වෙච්ච වෑඩත් එක්ක බලනකොට ඊට වඩා හොඳ වචනයක් මට මතක් උනේ නෑහෑ.

අපේ සමාජයේ ජීවත්වෙන මිනිස්සු මහා පුදුමාකාරයි. අපි කොච්චර අපේ කාලය, ශ්‍රමය, මුදල් ඈතෑම් පුද්ගලයන් වෙනුවෙන් වෑයකරත්, ඒ ගොල්ලන්ට අපිට ඕනවුණු වෙලාවට එක තත්පරයක්වත් අපි වෙනුවෙන් ගතකරන්න සූදානම් නෑහෑ.

අද උදේ පාන්දරම මට ජීවිතේටම මුහුන දෙන්න වෙච්ච, තවත් එක් කටුකම අත්දෑකීමක් විඳින්න උනා. මේ ගෑන ලොකු විස්තරයක් ප්‍රසිද්ධියේ ලියන්න බෑරි උනත්, පොඩි සාරාන්ශයක් ලියන්න හිතුවේ, අද සාමාජයේ හෑටි ගෑන සටහනක් දාන්න ඕන නිසා.

මම මාස දහයක් තිස්සෙ එක්තරා පුද්ගලයකු වෙනුවෙන් කරන්න පුළුවන් හෑම දෙයක්ම කරා. ජීවිතේම එපාවෙලා හිටිය අවස්තාවක කවුන්සලින් කරලා ආපහු යථා තත්වයට ගෙනත්, හිටියත් වඩා හොඳ මානසික තත්වයකට ගේන්න මට පුළුවන් උනා පොඩි කාලයක් ඈතුලතදි.

කොහොම උනත් මේ හෑම දෙයක්ම ඉවරවෙනකොට, අපි අතර වෙනදාටත් වෑඩි හිතවත්කමක්, විශ්වාසයක්, . . . . . ගොඩනෑගිලා තිබුණ. ඒත් ඒ දේවල් අනෙක් පෑත්තෙන් කොච්චර දුරට අවන්කද? අව්යාජද කියන එක තේරුණේ අද උදේ තමයි. අද උදේ මම කතාකරාම මට ආපස්සට ආපු වචන, හරියට පිහියෙන් අනින වගේ උනා. මොනවා කරන්නද, අපි හිතන තරම් මේ සමාජය අවන්ක නෑහෑනෙ. හරිම කුරිරු මිනිසුන් අතර තමයි අපි ජීවත් වෙන්නෙ, ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.

අද දවසින් වෑඩි කාලයක් ගතකරේ ඔයගෑන හිතලා.

ජීවිතේ මොන ප්‍රශ්ණ තිබුනත් අපි ජීවත්වෙන්න ඕන. ඒක නිසා, මම දවසේ වෑඩ පටන්ගත්තා, මේ සේරම අමතක වෙන්නත් එක්ක.

බොරෑල්ලේ පීපල්ස් ලීසින් බිල්ඩින් එකේ ගෑස් නළ එලන එකක් බලන්න එන්න කියලා කියන්නෙ, සඳුඳා ඉඳන් වගේ. ඒක බලන්න මුලින්ම ගියා. ඒත් හරිහෑටි තක්සේරුවක් දෙන්න තරම් වෑඩේ, ෆයිනලයිස් වෙලා තිබුනේ නෑහෑ. මට ඕන කරන අමතර දේවල් හොයලා තියන්න කියලා මම එතනින් ගියා, ලිබෙර්ටි ප්ලාසා එකේ වෑඩේ බලන්න.

එතනට ගියාම කියපි, 2.30න් පස්සෙ එන්න කියලා. මොනවා කරන්නද, ආපු එකේ ලිබර්ටි ප්ලාසා ඒකේ පොඩි රවුමක් දෑම්මා, හිතේ දුකත් නෑතිවෙන්න එක්ක.

ඊළඟට දෙහිවල සරණන්කර පාරේ, GN ඈසෝසියේට්ස් එකට ආවා මාළඹේ සයිට් එකට අදාල ලියුම බාරදෙන්න. Mr. රාජපක්ෂ හිටියේ නෑහෑ. ලියුම එතන හිටිය ළමයෙක්ට දීලා එන්න ආවා.

එන අතරදි, චින්තක කෝල් කරලා, මාළඹේ සයිට් එකට කන්සල්ටන්ට් එනවා කියලා එන්න කිව්වා. මම කෙලින්ම ගියා මාළඹේට. යනකොට 12.30 ට වගේ ඈති. උදේ ඈතිවුණ ප්‍රශ්ණෙත් එක්ක කන්න හිතුනෙත් නෑහෑ.

2.30 ට තියන මීටින් එකට ජයවර්ධන ලොක්කා ලෑස්තිවෙනවා, මුලු ස්ටාෆ් එකම ගෙනත් කතා කර කර. මම ඉන්නව දෑකලා, මෑන් මාව අඬගහලා ගත්තා.

මේ දවස්වල සයිට් එකේ වෑඩ නෑවතිලා. ඒ අපේ ප්‍රශ්ණ නිසා. අපේ කිව්වේ අපේ කොම්පෑණියෙ ප්‍රශ්ණ. ගෑස් පයිප්ප එළන්න ඕන කරන බඩු අරන්දෙන්නෙ නෑහෑ, සල්ලි නෑහෑ කියලා. උණු වතුර නල එළන්න එන්න කියල ජයසේනට එන්න කියන්න බෑහෑ, ඒයාගේ කරපු වෑඩේට ගෙව්වෙ නෑතිනිසා.

මේ එක ප්‍රශ්ණයක්වත් ජයවර්ධන ලොක්කට අදාලනෑහෑනෙ. මෑන්ට ඕන සයිට් එකේ වෑඩ ස්මූත් එකට යන්න විතරනෙ. ඕන්න ඉතින් මාව අර මුලු ස්ටාෆ් එක මෑද්දට ගෙනල්ලා බණින්න පටන්ගත්තා. අපිට වඩා පුන්චි එවුන් මෑන් කියනවට හිනාවෙනවා. මම ඒකනෙ අද දවස මහ කාළකණ්ණි දවසක් කියල පටන්ගත්තෙ.

ඈත්තටම මේ වගේ රස්සවක් මොකට කරනවද කියලා හිතෙන්නෙ මේවගේ වෙලාවට තමයි. අපේ ලොක්ක අද ස්ටේජ් වල සින්දු කියනවා, අපි සයිට්වල බෑණුම් අහනවා. අම්මපා . . අපේ ලොක්කට මේ ගෑන ගානක්වත් නෑතිහෑටි. . . .

1 comment:

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .