Powered By Blogger

Sunday, September 25, 2011

අද සෑප්තෑම්බර් විසිපස්වෙනි ඉරිදා

අද ආයිත් ඉරිදාවක්. ඒ කියන්නෙ මට වෑඩ වෑඩි දවසක්. අදත් සුපුරුදු විදිහට උදේ 6.45 ට වගේ නෑගිට්ටා. තේකක් බීලා එහෙම, ඉන්ටර්නෙට් එකේ පොඩි සර්ෆ් පාරක් දාලා බලන්කොට වෙලාව 7.45 ට වගේ ඈති. ඉදලත් අරන්ගියා ඉස්සරහ අතුගාන්න. ඉස්සරහ පෑත්තම කොස් කොල වලින් වෑහිලා. ඒකටත් හෙතුවක් තිබුණ. ඒක තමයි ගිය ඉරිදා අල්ලපු වත්තෙ කොස්ගහ යට ගොඩගහල තිබුණ, ගස් කපලා දාපු අතුටික එකපාරටම ගිනිගත්ත එක.

මම ගිය ඉරිදා අතුගොඩට මෙහායින් කුනු වගයක් පිච්චුවා. මෙන්න බොලේ ටික වේලාවකින් සර සර ගාලා සද්දයක් ඈහිලා බලන කොට වෑට අයිනෙ මහා ගිනි ජන්ජාලාවයි. ඒ ගින්නෙ ගිනි දෑල් මීටර් 3ක් 4ක් වගේ උසට ඈදුන නිසා, ඒ කොස් ගහේ කොල සේරම පිච්චිලා තිබුනා. දෑන් ඒ කොල ටික වෑටිලා ඉවරවෙනකන් ඉතින් අතුගාලා පිරිමහන්න බෑරිවෙනවා.

ටිකක් අතුගාලා එහෙම ඈවිත් කොළකෑඳ එකක් බිව්වා. ඒක බීලා වෑන් එක හෝදන්න ගත්තා. වෑන් එකෙන් පස්සේ පොඩි අයියගේ බයිසිකලේ. ඒ දෙකම හෝදලා ආව උදේට කන්න. අද තිබුණෙ සුදු කව්පි. කෑමෙන් පස්සේ මූණකට හෝදගෙන, හෝදන්න තියන ඈඳුම් සබන් වල පෙඟෙන්න දෑම්මා.

1 comment:

  1. ඉරිදා උදේ වරුවක් විතරයිද අය්යා තිබුනේ......

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .