Powered By Blogger

Sunday, September 11, 2011

අද සෑප්තෑම්බර් එකලොස්වෙනි ඉරිදා . . .

අදත් උදේන්ම වත්තෙ ඉස්සරහ අතුගාලා වෑඩ පටන්ගත්ත. ටික වේලාවකින් නිමල් අයියා, ආවා වෙල්ඩින් කරන මෑන් එක්ක. අපේ අම්මට ඕනවෙලා තියනවා පිල වටේට වෑටක් ගහලා කොටුකරගන්න. මොකද අපේ රෑන්ඩියාගෙන් පිල බේරගන්න බෑරි නිසා. වෑස්ස දවස්වලට මුළු පිල පුරාම රෑන්ඩියාගේ අඩිපාරවල්. පොලිෂ්කරාට කිසිම වෑඩක් නෑහෑ.

මම නම් අකමෑතියි ඒ වෑඩේට. ඒත් ඉතින් හෙට ඒවෑඩේ පටන් ගන්නවා. ඉතින් මේ සතියෙ ඉඳන් රෑට වෑස්සොත් අපේ රෑන්ඩියට ඉන්න තෑනක් නෑහෑ. පව්. . .

ඉතින් ඒගොල්ලො ගියාට පස්සෙ කාලා බීලා, මූනකට හෝදගෙන ෂෝටක් එහෙම දාගෙන වෑඩට බහින්න කියලයි හිතුවෙ. මෙන්න බොලේ මහ වෑස්සක් කඩා පහත් උනා. වෑස්සෙන් පස්සෙ මට එළියට බහින්නත් හිරිකිතයි. පොලව ආයිත් වේලෙනකන් මම මොකුත් වෑඩක් කරන්නෙ නෑහෑ. දෑන් වෑස්ස පායපු ගමන් වෑන් එක හෝදන්න ඕන.

අද හවස ගෑණු ළමයව ෆොටොග්‍රෑෆර් ගාවට ගේන්න ඕන. අනුර අයියා ( ෆොටොග්‍රෑෆර් ) වෙලාවක් දුන්නෙ නෑතත් මම 4.00ට වගේ කරපු යෝජනාවට කෑමති උනා. මොකද එයටත් උදේ වරුවෙ මට වගේම වත්තෙ වෑඩ තියනවයි කිව්වා. මම ඉතින් 3.30 ට වත් බොරලෑස්ගමුවට යන්න වෙනව ගෑණු ළමයව එක්කන් එන්න.

ඊයෙ හවස එනගමන් මාළුමිරිස් පෑල කිහිපයක් අරන් ආවා. ඒකෙ පෑල දහයක්වත් නෑහෑ, එත් එක රුපියල් 60.00යි. එළවළු පෑල් විකිණුවනම් මීට වඩා හොඳයි කියලත් ඒවෙලාවෙ මට හිතුනා. ඒ පෑලටිකත් අද වෙන් කරල වෙන වෙනම පෑකට් වලට දාන්න ඕන. මොකද කෙලින්ම බිම ඉන්දුවොත්, අම්මා දවල්ට වතුර දෑම්මෙ නෑත්නම් ඒවා මෑරිලා යනව.

දෑන් වෙලාව උදේ 10.00යි. තාමත් පොද වෑස්ස. කමක් නෑහෑ, දෑන් ටයිප් කරා ඈති. කොහොම හරි ගිහින් කරන්න පුළුවන් දෙයක් කරනවා.


------------------------------------------------------------------------------------------------

ඉතින් කොහොම හරි ගිහින් වෑන් එක හෝදල දෑම්මා. ඊළඟට ගිහින් මම අර කලින් කිව්ව මළුමිරිස් පෑල ටික වෙන වෙනම පෑකට් හදලා දෑම්මා. මගේ වෑරණිය මිරිස් පෑල ටිකේ දෑන් කරල් එන්න පටන් අරන්. ඒවට ගිය සතියෙ පොහොර දාන්න බෑරිඋන නිසා අද ඒ ටිකටත්, කරවිල වෑල් ටිකටත්, පොඩියට හෑදිලා තියන මෑ පෑල ටිකටත් පොහොර දෑම්මා.

මේ වෑඩ ටික කරල ඉවර වෙන්කොට වෙලාව 1.45 ට වගේ ඈති. දෑන් ඉතින් කන්නත් ඕනනෙ, මොඅකද අද හවස වෙන වෑඩකුත් තියනවනේ. ඉක්මනටම කාල දෑම්ම. වෙලව 2.15 යි. අද ඕකීඩ් වලටත් පොහොර නොගෑහුවොත්, ලබන ඉරිද වෙනකන් කෙරෙන්නෙ නෑති නිසා ඒකත් කරනව කියලා, ඒ වෑඩෙත් ඉවර කරා.

ඒවේනකොට වෙලාව 2.50ට වගේ ඈති. ඉතින් දඩි බිඩි ගාලා වොෂ් එකක් දාගෙන ලෑස්ති උනා ගෑණු ළමයගෙ ගෙදර යන්න. 3.10 ට වගේ එහෙට යන්න පිටත් උනා. හෑමදාමත් මම වෙලාවක් කිව්වොත් පරක්කුයි. ( මට චන්ද්‍රිකා නෝනව මතක් වෙනවා ) හෑබෑයි, මම මේ ගෑන කල් තියාම කියල තියන නිසා එයාට මුකුත් කියන්නත් බෑහෑනෙ. මම අරගෙන ගියේ එක ෆෝන් එකයි. මල් ෆෝන් එක ( මල් ෆෝන් එක කිව්වෙ outgoing free කපල් පෑකේජ් එක තියන ෆෝන් එක) තියලයි ගියේ. 3.45 ට වගේ එයා මම නෑතුවට කෝල් කරලා මල් ෆෝන් එකට. මම එතනට යනකොට 4.00 ට වගේ ඈති.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .