Powered By Blogger

Friday, September 9, 2011

අද සෑප්තෑම්බර් නමවෙනි සිකුරාදා . . .

ඊයේ රෑ අපේ සෙත්සිරිපාය සයිට් එකේ එළිවෙනකන් කරන්න වෑඩක්සෙට් වුනා. ඒකනිසා වෑඩකරන අයට ට්‍රාන්ස්පොර්ට් දෙන්න ඕන නිසා, මාව ලයන්ත ( අපේ ඩ්‍රයිවර් මහත්තය ) අපේ ගෙදරට ගෙනෑල්ල දාලා අරන්ගියා. මාව අරන් යන්න උදේට වාහනේ ගෙදරට එවනවයි කියලා තමයි වෑන් එක තියාගත්තෙ.

මමත් සුපුරුදු ලෙස අදත් උදේ 8.10 වගේ වෙනකොට වෑඩට යන්න ලෑස්තිවෙලා වෑන් එක එනකන් බලන් ඉන්නවා. 9.30 ට වගේ පූර්ණිමා කතා කරල අහනවා " නවින් අයියේ, වෑන් එක එවන්න ඕනද? " කියලා. මම ඉතින් ඔය ප්‍රස්නෙට කොහොම උත්තර දෙන්නද? දෙනවා නම් ඉතින් පූර්ණිමාට හොඳවයින් ලුණු ඈඹුල් ඈතුව උත්තරයක් තමයි දෙන්න තිබුනෙ. ( ඒත් ඉතින් එහෙම කරන්නත් බෑහෑනෙ. පූර්ණිමා කියන්නෙ බොස්ට පස්සෙ ඊළඟට බලතල තියන කෙනෙක්නෙ. )

කොහොමහරි ලයන්ත එනකොට 10.30ට වගේ ඈති. ඒ මදිවට 10.30ට වගේ මාළඹේ සයිට් එකේ මීටින් එකත් තියනවා. මොනවා කරන්නද, සොෆ්ට්වේව් එකෙන් ඩ්‍රොයින්ස් ගන්නත් තියනවා. ඔෆිස් එකට ගියත් ඩ්‍රොයින්ස් ගන්න අද සල්ලි ලෑබෙන්නෙ නෑති නිසා, මමම සුපුරුදු
විදිහට මගේ පොකටෙකෙන්ම එකත් කරනවයි කියලා හිතාගෙන මම ලයන්තට කිව්ව " අපි කෙලින්ම යමු සොෆ්ට්වේව් එකට " කියලා. එහෙම ගිහින් ඩ්‍රොයින්ස් අරගෙන ඔෆිස් එකට එනකොට වෙලාව 12.00 වගේ ඈති.

ඩ්‍රොයින්ස් ටික විරාජිත්ට ඉක්මනට නවලා දෙන්න කියලා, මම කවරින් ලෙටර් එක ගහගෙන ඉක්මනටම මාළඹේ යන්න පිටත්වුනා.

මම මාළඹේට 12.30 වගේ වෙනකොට ගියා. සදර්න්ෆයර් එකේ ගාමිණි ආවේ මටත් පස්සෙ. එත් මාළඹේ සයිට් මීටින් එකට අපිව ගන්නෙ අන්තිමට. මොකද ගොඩක් ප්‍රශ්න තියෙන්නෙ අපේ හින්දලු එහෙම කරන්නෙ. ඒකත් එක අතකට හොඳයි, නෑත්නම් මට ප්‍රසිද්ධියෙනෙ බෑනුම් අහන්න වෙන්නෙ.

කොහොම කොහොම හරි මාව මීටින් එකෙන් යවනකොට වෙලාව 2.50ට වගේ. මගේ කෑම එක ඔෆිස් එකේ මේසෙ උඩ. මොනවා කරන්නද, අපේ රාජකාරියේ හෑටි ඔහොම තමයි. තෑනක්, වෙලාවක්, කලාවක් නෑහෑ. දෑන් ඉතින් ඔෆිස් යනකොට තවත් පෑය භාගෙකටත් වෑඩිය යනවනෙ. යනගමන් මොනවාහරි කාලා යන්න තීරණය කරා, අතරමඟ තියන පෙරේරා ඈන්ඩ් සන්ස් එකට ඈල්ලුවා. ගිහින් බෑලුවම වෙජිටේරියන් කියලා කන්න දෙයක් නෑහෑ. මොනවා කරන්නද, බඩගින්න කියලා, නවත්තපු දේවල් ආයි කන්න බෑහෑනෙ.

ආපහු ඈවිත් ඈල්ලුවා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ ෆුඩ් කොර්නර් එකට. ළඟම තියන අවුට්ලට් එකට ගියා. " මොනවද වෙජිටබල් කන්න දෙයක් තියෙන්නෙ " කියලා. මෑන් කිව්ව " වෙජිටබ්ල් බර්ගර් එකක් දාලා දෙන්නම් " කියලා. වෙජිටබ්ල් බර්ගර් එක දානකම් තවත් විනාඩි 10ක් වගේ ඉන්න උනා. ඔන්න ඉතින් ඒක කාලා ඔෆිස් එන්න ආවා.

ඔෆිස් එකට එනකොට 4.00 ට කිට්ටුයි. මගේ බත් එක තාම මේසෙ උඩ. පව්, අම්මා උදේ පාන්දර නෑගිටලා, මහන්සිවෙලා උයලා දෙන්නෙ. මට ඒක සමහර දවසට විසිකරන්න වෙනවා. ඉස්සර මම කන්න බෑරිඋන දාට ගිහින් අම්මට කියනවා " අම්මේ, අද මට බත් එක කන්න බෑරි උනානේ " කියලා. එහෙම් කිව්වම එයාට හරි දුකයි. එයා මහන්සිවෙලා උයන එක මම කන්නෙ නෑතුව අහක දානවා කියලා. ඒක නිසා මම දෑන්, කෑම එක විසිකරාට අම්මට කියන්නෙ නෑහෑ. මොකද එයාගේ හිත රිදෙන නිසා. එත් ඉතින් මම මොනවා කරන්නද, බත්මුල අරන් ගිහින් ඩස්ට්බින් එකට දෑම්මා.

ඒ අස්සේ, ගුණතිලක ක්ලියරින් එකේ මෑන්, ෆෑක්ස් එකක් දාන්න කියනවා. මම කොහොමද ෆෑක්ස් කරන්නෙ. ඔෆිස් එකේ ෆෑක්ස් ලයින් එක කපලනෙ. වෙන කරන්න දෙයක් නෑතිනිසාත්, අබේවික්‍රම කිව්ව නිසාත්, ට්‍රිලියම් එකේ අසිතට ඩොකියුමන්ට් එක මේල් කරලා ඒක අබේවික්‍රමට ෆෑක්ස් කරන්න කිව්වා. ' කරුමෙක මහත ' ට්‍රිලියම් එකේ ප්‍රින්ටර් එක වෑඩකරන්නෙ නෑතිනිසා අසිතටත් ෆෑක්ස් කරන්න විදිහක් නෑහෑ කිව්ව.

මොනවා කරන්නද, ඩොකියුමන්ට් අරන් ගියා පොල්හේන්ගොඩ කමියුනිකේස්ෂන් එකට. ඒක ෆෑක්ස් කරා විතරයි, මෙන්න අසිත කියනවා " නවින්ද්‍ර, ඔයාගේ ඩොකියුමන්ට් එක ෆෑක්ස් කරා " කියලා.

ආපහු ඔෆිස් එනකොට, Accounts එකේ අය පඩි පෑක් කරනවා. අපේ ඔෆිස් එකේ සාමාන්ය ක්‍රමය ඕක තමයි. පඩි සල්ලි ගේන්නෙ හවස ඔෆිස් වහන වෙලවට. ඉතින් රෑ වෙනකල් පඩි පෑක් කරනවා. මම ඉතින්, ඕක අද ගත්තත්, හෙට ගත්තත් වෙනසක් නෑතිනිසා ගෙදර එන්න ආවා.

1 comment:

  1. හික්ස්....නවීන්ද්‍ර අයියේ...ඔයා BME එකේ රෙදි ගලවනව නේද????

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .