Powered By Blogger

Monday, October 31, 2011

අද ඔක්තෝබර් තිස් එක්වෙනි සඳුඳා

අද ඔෆිස් එකේ කරන්න තිබුණ වෑඩ ගොඩක් තිබුණ නිසාත්, මගේ අඩෙන්ටිටි කාර්ඩ් එක අළුත් කරගන්න ග්‍රාමසේවක මහත්තයා හම්බවෙන්න යන්න ඕන නිසාත් දවෙල් වෙලා වෑඩට යන්න තීරණය කරා.

උදේ ඉඳන් ඔෆිස් එකේ තිබුණ වෑඩ වගයක් කරේ. මාළඹේ ඩ්‍රොවින් එක තාම ඉවරකරගන්න ලෑබුනේ නෑහෑ. ඒකත් පුළුවන් තරමට ඉවර කරා. ඊළඟට ඉන්සුලෙෂන් වෑඩේට කුවේට් වලට කතාකරන්න බෑලුවා. ඒත් කෑටලොග් එකේ තියන කිසිම නොම්මරයකට කතා කරන්න බෑහෑ. ඒ පාර මට රිප්ලයි එකක් එවපු ඉන්දියන් මෑන්ට මේල් එකක් දෑම්මා, කුවේට් ෆෑක්ටරි එකේ, එක්ස්පොර්ට් ඩිවිෂන් එකේ කන්ටෑක් නොම්මරයක් එවන්න කියලා.

ඊට පස්සේ, මාළඹේ සයිට් එකෙන් ඉල්ලපු ප්‍රොෆොර්මා ඉන්වොය්සස් ටික ලෑබිලා තිබුන නිසා, ඒවායේ අඩුපාඩු මමම හදලා, කවරින් ලෙටර් එකක් එක්ක චින්තකට මේල් කරා. මේටික කරලා ඉවරවෙනකොට වෙලාව නම්යත් පහුවෙලා. ඒක නිසා උදේට කාලා, ග්‍රාමසේවක මහත්තයා ළඟට යන්න ලෑස්ති උනා.

මුලින්ම පොස්ට් ඔෆිස් එකට ගිහින් රුපියල් 30 ක මුද්දර ගත්තා. ඊළඟට අවශ්ය ලියකියවිලි අරන් ග්‍රාමසේවක ඉන්න අපේ වත්තල්පොල පන්සලට ගියා. මතකනේ මම මගේ ID එක අළුතින් හදාගන්න ඔතනට ගිහින් කියපු කතාව.

අදනම් වෑඩිය කට්ටියක් හිටියෙ නෑහෑ. ග්‍රාමසේවකලා හතරදෙනෙක්ම එකතෑන් වෑඩ. ඒත් අපේ ග්‍රාමසේවක මහත්තයට තමයි වෑඩිම කට්ටියක් හිටියේ. මමත් ඉතින් ෆයිල් එකත් අරන්, හිටගෙන හිටියා මගේ වාරේ එනකන්. ඒ අතර එක ග්‍රාමසිවක නෝනෙක් කියපි, "බන්කුවක් අරගෙන වාඩිවෙන්නකො,කට්ටියම හිටගෙන බලන් ඉන්නෙ " කියලා. ඒ ගමන මම බන්කුවක් අරගෙන වාඩිඋනා.

මෙතන එක හොඳක් තියනවා, අපේ මේ කට්ටිය පුළුවන් වෑඩ බෙදාගෙන කරනවා. අදාලා කෙනාගාවට ගිහින් අන්තිමට අත්සනයි, සීල් එකයි ගහගන්න ඕන. ඒක හොඳ ලක්ෂණයක්, සාමාන්යයෙන් රාජ්ය සේවයේ දකින්න නොලෑබෙන.

ඉතින් මගේ වාරේ ආවම, මම කිව්ව " මගේ ID එක අලුත් කරගන්න, ග්‍රාමසේවක මහත්තයා කියපු, ලියකියවිලි අරගෙන ආවේ " කියලා. ඒ පාර එයා, රිනිව් කරන ෆොර්ම් ඒකත් එක්ක, මාව අර එදා කිව්ව ටිකක් පොෂ් තරුණ ග්‍රාමසේවක් නෝනට දෑම්ම. මගේ රෑකියාව " ඉන්ජිනේරු " කියලා දාන්න නම් ඔෆිස් එකෙන් ලියුමක් ඔව්න කිව්ව. මම කිව්ව "දවල්ට ඔෆිස් ගියාම ඒක ගන්නම් " කියලා. එහෙනම් ඒක අරගෙන යන්න කිව්වා ජාවත්තෙ යනකොට. එයා සේරම ෆොර්ම් එක පුරවලා දීලා අපේ එක්කෙනගෙන් සීල් එක ගහගන්න කිව්වා.

ඒ පාර ග්‍රාමසේවක මහත්තයා කියපි " දෑන් මේටික අරගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිහින්, සහතික කරගෙන ජාවත්තට අරන් යන්න " කියලා. මම පානදුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අදාල කෙනාට ලියකියවිලි දුන්නා.

ඒ ගමන ඒ නිළධාරිනිය, අදාල පොතේ සටහන් කරලා, මට කියපි " සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, අනිත් බිල්ඩින් එකේ පහත මාලයේ, දකුණුපෑත්තෙ කාමරේ ඉන්නවා. එයාට කියල මේවගේ අත්සන් කරගෙන එන්න " කියලා. මේකේ තිබුනේ මගේ ලියකියවිලි ටික විතරක්ම නෙවෙයි. අපි ප්‍රාදේශීය ලේකම් කාරයාලයෙන් වෑඩක් කරගන්න ගියාම අපිට පියන් වෑඩෙත් කරන්න් වෙනවා. කමක් නෑහෑ ඉතින් වාතවෙවී කාලය ගතවෙනවට වෑඩිය හොඳයි, ඉතින් අපිම ගිහින් හරි වෑඩේ ඉක්මනට ඉවර කරගන්න ලෑබෙනවනම්.මම ගිහින් ඒතුමියගේ කියුබිකල් එක ඉස්සරහ ඉන්නකොට, ඈතුලේ කිහිපදෙනෙක් හිටියත් මට කතා කරලා, අදාල ඩොකියුමන්ට් වල අත්සන් කරලා දුන්නා.

ඒ පාර මම ඒටික ආපහු ගිහින්, අර නිළධාරිනියට දීලා, රෙජිස්ටරියේ අත්සන් කරගෙන එන්න ආවා.

මම ගෙදර එනකොට 11.30 ට වෑගේ ඈති. කලින් වෑඩි උනත් වෑඩට යන්න ඕන නිසා ඉක්මනටම කෑවා. කාලා 12.10 වගේ වෙනකොට ඔෆිස් යන්න පිටත් උනා. මම ඔෆිස් එකට යන්කොට වෙලාව 1.30 ට වෙගේ ඈති.

මුලින්ම, පොල්හේන්ගොඩ අපාර්ට්මන්ට් එකේ ෆයිනල් බිල් එකේ, හාර්ඩ් කොපියක් කන්සල්ටන්ට් ඔෆිස් එකට එවන්න කියලා තිබුන වෑඩේ කරා. ඊළඟට, තවත් මට්ටක්කුලියෙ බිලේ අවුලක් තියනවයි කියලා මදුසන්ක කිව්ව. ඒපාර මම දයාදිට කතා කරලා ඒ ගෑන ඈහුවම, තිබුනෙ රුපියල් 7,000.00 වගේ වෙනසක්. මම ඒත් දයදිගෙන් ඈහුවා " QS විදිහට ඔය පොඩි වෙනසක්වත් ඔයාට කරන්න බෑරිද?" කියලත්. ඒපාර එයා කියපි "පුලුවන් නම් ඒක හදලා එවන්න" කියල. ඒ ගමන මම අදාල පේජස් තුන විතරක් හදල මේල් කරා. නෑත්නම් ඉතින් ඔය බිලත් ලෑබෙන්න කල් යනවනෙ.

ඊළඟට මගේ ID එකට ඕන කරන ලෙටර් එක හදාගෙන බොස් ළඟට ගියා අත්සන් කරගන්න. බොස් ඒකට අත්සන් කරලා කියනවා " ID එකේ ජොබ් එක විදිහට ඉන්ජිනේරු කියලා තියන් එකෙන් වාසිත් තියනවා " කියලා.

ඊට පස්සේ මම , අපේ ක්ලියරින් ඒජන්සීකේ, නිශාන්ති ඉල්ලපු ඩොකියුමන්ට්ස් වගයක් ලෑස්තිකරා. ඒටික කරලා එයාට මේල් කරලා, කෝල් කරලා මතක් කරා මම ඒවා ඒවපු බව.

වෙලාව තවත් තියනවා, ඒ පාර මම මාළඹේ සයිට් එකේ තව දෙන්න තියන් ඩොකියුමන්ට්ස් වගයක් ලෑස්තිකරා. එටික ඉවරවෙනකොට වෙලාව 6.00 ට කිට්ටුයි. ඉතුරු වෙලා හිටියේ චන්දනයි, මන්ජුලයි, මායි විතරයි. ඔය අස්සේ මන්ජුලා ඔෆිස් එකේ ප්‍රශ්ණ ගෑන කතාවක් දෑම්මා. අපිත් ඉතින් ඔය ගෑනනම් කතාකරලා වෑඩක් නෑහෑ කියලම, පොඩි චෑට් එකක් දාලා එන්න ආවා. දෑන් මේක මහ අවුල් ජාලයක් වෙලා තියෙන්නෙ. කොහොම මේ ප්‍රශ්ණ විසඳෙයිද කියලා කියන්න බෑහෑ, බලන් ඉන්නවා ඈරෙන්න.

හතවෙනකොට වගේ ගෙදර ආවා, ඈවිත් තේකක් බීලා කොටන්න ගත්තා. ඒ අස්සෙ 8.00 වෑගේ ක්‍රිස්ටො අයියා ඈවිත් පණිවිඩයක් දුන්නා ' ඉස්සර අපේ ගෙදර් ඉස්සරහ හිටිය ඈන්ටි අන්ත්‍රාවෙලා, හෙටයි ෆියුනරල් එක ' කියලා.

මේ ඈන්ටිලාගේ ෆෑමිලි එක අපිට අපේ නෑයෝ වගේ උදව් කරේ. අපේ අම්මලට, අපිට සෑලකුවෙ එයාළගෙම දරුවන්ට වගේ. අපි පොඩි කාලේ මේ පෑත්ත්ටම TV එකක් තිබුනේ මේ ඈන්ටිලගෙ ගෙදර. මට තාම අදවගේ මතකය් අපි 'Incredible Hulk ' බලන්න හවසට එහේ යනවා. එහේ ගියාම අපිට කන්න බොන්න දෙනවා. නොගිහින්ම බෑරි මළගෙදරක්නෙ. හෙට ෆියුනරල් එකට යන්නත් වෙන්නෙ නෑහෑ තාත්තගේ Mර්‍RI ස්කෑන් එකේ අපොයින්මන්ට් එක 3.30 ටනෙ. මොනවා කරන්නද රෑට කාලා එහේ ගියා. පව් Delrin ඈන්ටි වෙනස් වෙලා. අඳුරන්නත් අමාරුයි. හෑබෑයි, විනාඩි පහලොවක් වගේ පොඩි වෙලාවකින් පන ගිහින් තියෙන්නෙ. වාසනාවන්ත මරණයක්, ඒ වගේ අනුන්ට පිහිට වෙච්ච හොඳ මනුස්සයෙක්ට දුක් විඳින්න වෙනවානම් ඒක ස්වබාව ධර්මයෙත් වෑරෑද්දක් වෙන්න එපෑයි නේද?

ආපහු එහෙන් එනකොට වෙලාව 10.30 ‍යි. ගෙදර ඈවිත් නිදාගත්තා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .