Powered By Blogger

Wednesday, October 5, 2011

අද ඔක්තෝබර් පස්වෙනි බදාදා

අද බදාදානෙ, බදාදා කියන්නෙ මීටින් දවස. පහුගිය සුමානෙට සයිට් වල හරිහෑටි පේන්න වෑඩක් කෙරුනෙ නෑත්නම් ඉතින් මීටින් ගියම වෙන්නෙ අපේ රෙදි ගලවගන්න තමයි.

අද උදේ මීටින් තියන මට්ටක්කුලියෙ සයිට් එකෙත්, පහුගිය සතියටම වෑඩක් කෙරුනෙ නෑහෑ. ඒක නිසා මීටින් යන්න හරිම උදාසීන ගතියක් තියෙන්නෙ. ඒක නිසා මට අද උදේන්ම මීටින් එකට යන්න එච්චර උවමනාවක් තිබුනෙ නෑහෑ. කොහොම උනත් සයිට් එකේ කෙරෙන්න ඕන වෙන වෑඩ වගයක් තිබුන නිසා මට්ටක්කුලියට අද යන්නම උනා.

මට්ටක්කුලියෙ සයිට් එකේ වෑඩ කරන්න අඩු PVC බඩු අපි ප්‍රොෆෙසර්ට අරන්දෙන්න කියලා ප්‍රොෆොර්මා ඉන්වොයිස් දෙකක් දුන්නනෙ. ඒකට පේමන්ට් කරන්න නම් Mr. ජයන්තිකුමාරගෙ සිග්නේචර් එක අරන් එන්න කියලා, ප්‍රොෆෙසර් කියලා තිබුනා. ඕක ඉතින් බලන් හිටියට වෙන්නෙ නෑති නිසා, මමම අද උදේ ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් එකට ගියා ඔය ඩොකියුමන්ට් එක අරගෙන එන්න. මොකද, අද මීටින් එකට Mr. ජයන්තිකුමාර එන නිසා සිග්නේචර් ගන්න පුලුවන් නිසා.

මට අද සයිට් කිහිපයකම වෑඩ කරගන්න තිබුණ. බදාදාට කොහොමත් මම මුළු දවසම වගේ එලියෙ ඉන්නෙ.

මම උදේන්ම චමිල්ට කතා කරලා කිව්වා " කළුතර සයිට් එකේ කොලර් තියන්න ඕනකරන, ප්යිප කෑලි දෙක ලෑස්තිකරලා තියන්න, මම 9.30 වගේ එනකොට එනව ඒක් අරන් යන්න" කියලා. එත් මම 9.37 ට වගේ ඔෆිස් එකට ආවේ අර ඩොකියුමන්ට් එක වෑල්ලවත්තෙන් අරගෙන. ඒ වෙනකොටත් ත්‍රෙඩ්කටින් මෑෂින් එක ඔෆිස් එකට ගෙනත් තිබුනෙ නෑහෑ.

ඔන්න මම ආවහම මගෙන් වෑන් එක ඉල්ලගෙන ගියා, පවර් සෝ එක බාරදීලා, ත්‍රෙඩ් කටින් මෑෂින් එක අරන් එන්න. ඕවට ගියාම ඉතින් මට දවස ඈතුලත කරන්නතියන වෑඩටික කරගන්න බෑරි වෙනවා.

ඒ වෑඩේ චමිල් කරනකන් මම මගේ පහුගිය මාසේ වියදම් හා බිල් සේරම රෝෂිට බාරදුන්න. හෑබෑයි හෑම මාසෙම මුල බිල් බාරදුන්නත් බිල් ගෙවපු කාලයක් මතක නෑහෑ. මම ඉතින් මගේ පඩිය අරන් පඩියෙන් භාගයක්ම වගේ ඊළඟ මාසේ වියදම් වලට ගන්නවා. ඈත්තටම බෑලුවොත් මම මේ අවුරුද්දටම අරන් තියෙන්නෙ මගේ පඩියෙන් භාගයක් වගේ. මේ ප්‍රශ්නෙ කවදා කෙලවර වෙයිද දන්නෙ නෑහෑ.ඒක ඉතින් අතුරු කතාවක්නෙ. අපි දවසේ ඉතුරු ටික බලමුකොනේද?

ඔන්න ඉතින් චමිල් පයිප්ප කෑල්ලෙ පොට කපල දුන්න 10.30 වගේ වෙනකොට. මම ඒකත් අරන් ගියා ශ්‍රි සන්ඝරාජ මාවතේ යකඩ කපන ඒරියා එකට. එක තෑනකට ගිහින් කිව්වා මට මේ වගේ රවුම් දෙකක් කපල දෙන්න කියලා. මෑන් කිව්ව " ටික වෙලාවක් යයි, ඉන්න පුළුවන්ද? " කියලා. මොඅනව කරන්නද බෑරි උනත් ඉන්න එපෑයි වෑඩේ කරගන්න ඕනනෙ.

මට එතන පෑය භාගයක් විතර කට්ටක් කන්න උනා රවුම් දෙකක් කපාගන්න. ඒක කරගත්ත ගමන් පිටත් උනා, මට්ටක්කුලියේ යන්න. සිලෝන් ඔක්සිජන් එක හරියෙදි මදුසන්ක කතා කරලා කියනවා. "ජයන්තිකුමාර සර් යන්න හදන්නෙ. කොහේද ඉන්නෙ? " කියලා. මම කිව්ව " දෑන් ළඟ ඉන්නෙ, විනඩි පහෙන් එනවයි " කියලා.

කොහොමහරි මම සයිට් එකට යනකොට වෙනදා මීටින් තියන රූම් එක රිනවේෂන් කරනවා. මම ඒක නිසා සයිට් එකට ගියා. ගිහින් මදුසන්කට කෝල් එකක් දීලා ඈහුවම කිව්වා " උඩට එන්න' කියලා. මම ගිහින් අපේ ස්ටෝර්ස් එකට ගියා. මෑන් නෑ. ආපහු කෝල් කරා. එතකොට කිව්ව " ජයන්තිකුමාර සර් යන්න හදන්නෙ, වාහන තියන තෑනට එන්න" කියලා.

මම ගිහින් මෑන්ට කිව්වා " පොඩි වෑඩක් කරගන්න තියනවා, එකයි ආවේ" කියලා. එතකොට මෑන් කියනවා" වෑඩක් කරගන්න තියනවනම් මොනව හරි කරන්න ඈති. නෑත්නම් ඉතින් වෑඩක් කරගන්න නෑහෑනෙ" කියලා. කොහොමත් ඉතින් අපි මොනවත්ම වෑඩක් නොකර ඉන්නෙත් නෑහෑ, මොනව හරි කර්නවා. ඒත් ඒවා කරපු බව පේන්නෙ, දකින්නෙ නෑහෑ. මොකද, කාලය ශ්‍රමය වෑයකරපුවා දකින්නෙ, ඒවායේ ප්‍රතිපලයක් හෑටියට බවුතික දෙයක් උනාමනෙ. කියපු දේ තේරුණාද මන්ද. . . . .

කොහොම හරි මෑන්ට කියලා ප්‍රොෆොර්මා දෙකේ සිග්නේචර් දාගත්තා. ඒක කරලත් මහ දේශනයක් තිව්ව. මෑන් කියනවා " මේ වෑඩේ නොවෑම්බර් 30 වෙනකොට ඉවර කරන්න ඕන. තිහ කිව්වට 15 ඉවර් කරන්න ඕන. මේ මදුසන්ක කියන්නෙ 30 ඉවර කරල දෙන්නම් කියලා. අහල බලන්න " කියල.

"මේවා දෙනවනම් දෙන්න තිබුනෙ මීට ගොඩක් කලින්නෙ. මම දන්නෙ නෑහෑ උඹළගෙ ලොක්ක මොනවා කරනවද " කියල. ඉතින් අපිත් කිව්ව " අපිත් දන්නෙ නෑත්තෙත් ඕකම තමයි. අපේ ලොක්කා මොනවා කරනවද, කරන්න යනවද " කියලා.

ඒ පාර මෑන් කියනවා " උඹළගෙ ලොක්ක කොම්පෑණිය නිකම්ම වහලා දාන්නත් නෙමෙයි හදන්නෙ. කොම්පෑණියෙ නමත් නෑතිකරගෙනම වහන්න වගේ හදන්නෙ " කියල. එහෙම කියලා මෑන් කාර් එකට නෑගලා වාහෙනේ ස්ටාර්ට් කරත් එක්ක. එත් එක්කම Mr. ගමිණි කෝල් කරා මෑන්ට ආපහු සයිට් එකට එන්න කියලා. මෑන්ගෙ පස්සෙන් අපිත් සයිට් එකට ආපහු ගියා.

මදුසන්ක කියපු විදිහට අද මීටින් එකට එන්න පරක්කු වෙච්ච එක හොඳයි. මොකද අද සේරම කට්ටියට බෑනලා, වෑඩ ඩිලේ එකටයි අනේක් අවුල් ව්ලටයි. ගාමිණී ලොක්කටත් අද මල පෑනලලු හිටියේ. මෑන් හිටන් අද කටිටියට සද්දෙ දාලා තියනවා. කාලෙකින් ප්‍රොෆෙසර්නුයි, Mr. අරුන්නුයි හිටිය නිසා එහෙම වුනා වෙන්නත් බෑරි නෑහෑ. කෝක උනත් අද මම මීටින් එකට ගියානම් කලිසම විතරක් නෙමෙයි, එහෙනම් අනිකත් ගලවගන්න තමයි වෙන්නෙ. ඕකට තමයි කියන්නෙ හෑම දෙයක්ම වෙන්නෙ හොඳටයි කියලා හිතන්න කියලා.

කොහොම හරි කට්ටියව මඟ ඈරගෙනම ආපහු උඩ අපේ ස්ටෝරුවට ගියා. 28ම්ම් ක්ලෑම්ප් මාළඹේට ඉල්ලපු නිසා, යන්තම් 12ක් වගේ අහුලලා හොයාගත්ත. එළියට ගියොත් මේ සතියෙත් දවල් කෑම නෑතිවෙන නිසා කාලම යමු කියලා මදුසන්කට කිව්වා.

ශාන්තව යවලා, වෑන් එකට ක්ලෑම්ප් දාලා කෑම එක ගෙන්න ගත්ත. නිසූපාගේ ඔෆිස් රූම් එකට ගිහින් කෑම කෑවා. කාලා නිසූපයි, මදුසන්කයි එක්ක පොඩි චෑට් එකක් දාලා, කෑළණි යන්න පිටත් උනා.

කෑළණියේ ඔල්වින් ගාවට ගිහින් බ්‍රෑකට් සාම්පලේ දුන්නා, අඩු බ්‍රෑකට් දහය හදාගන්න. ඊළඟට කළුතර වෑඩේ කිව්ව. මෑන් කිව්ව ගෝලයා ආවාම කරලා දෙන්නම් කියලා. කොහොමත් ඔල්වින් මාර ගනන්. ගනන් කිව්වෙ වෑඩවල ගනන් විතරක්ම නෙමෙයි. මිනිහා ගනන් උස්සගෙන ඉන්න පොරක්. කතාකරන විදිහට දත්ටික බඩට යන්න දෙන්න හිතෙනවා. ඒත් මොනවා කරන්නද? අපේ වෑඩේ කරගන්නත් එපෑයි. එක නිසා ඉවසලා එන්න ආවා. ඒක මිනිහා පාහනකන් අපි සේදවත්තෙ එන්න ආවා.

එන ගමන් මදුසන්කට ලන්කා බෑන්කුවකට යන්න ඕන කිව්ව, ගෑණු ළමයට සල්ලි වගයක් දාන්න. ඒකත් කරගෙනම ගියා, ධනුෂ්ක හම්බවෙන්න. කෑවට බෙහෙත් බොන්න අමතක උන නිසා එහෙදි තමයි බිව්වෙ. යනකොට මෑන් ගෙදර හිටියා.

මෑන්ට කිව්වා ක්ලීනින් ඈක්සස් එකට ඕනකරන මොඩිෆිකේෂන් ටික. ඊට අමතරව 1,250.00 ට වගේ ගලි කවරයක් හදලා දෙන්න පුලුවන්ද? ඈහුවා. මොකද ගලි කවරෙ ප්‍රශ්නෙත් තාම විසඳුනේ නහෑනෙ. අනෙක් සයිඩ් රේන් වෝටර් අවුට්ලට් ටික ඕනකරන විදිහත් කතා කරලා, පේමන්ට් කරන්න තියන ප්ලෑන් එකත් මෙහෙමයි කියල, බෝලයක් එහෙම බස්සලා අපි එන්න ආවා ඔල්වින් ගාවට.

ආපහු එනකොට ඔල්වින් වෑඩේ කරලා තිබුන. ඒකටත් ගෙවලා අපි එන්න හදනකොට නිමල් කිව්ව " වොෂර් අඩුනිසා, පළවෙනි තට්ටුව ප්‍රෙෂර් කරන්න බෑහෑ. පුළුවන් නම් වොෂර් 12ක් අරන් එන්න" කියල. එකත් කරන්නම් කියලා වෑන් එකේ තිබුණ සාම්පල් වොෂර් එක හෙව්ව. ඒක හොයගන්න බෑහෑ. මොනවා කරන්නද? නිමල්ට කිව්ව අපි එනවෙලාවට සාම්පල් එකක් දෙන්න. හෙට අරන් දෙන්නම් කියලා.

අපි 5.00ට වගේ ට්‍රිලියම් එක ළඟට ආවා. මෑන් පඩි දෙන්නෙ කවදහ අහනවා. බෙහෙත් ගන්න සල්ලිත් නෑහෑ කීයක් හරි පුළුවන් නම් දෙන්න කිව්ව. බෙහෙත් ගන්න කිව්වම නොදීත් බෑහෑ. මිනිහගේ හෑටියට දීලත් බෑහෑ. මොකද මිනිහා බොන බෙහෙත් ගෑන අපේ ඔෆිස් එකේ කවුරුත් දන්නවනෙ. ඒකත් කරලා, සාම්පලේත් අරන් ඔෆිස් ආවා.

අපි එනකොට චන්දනයි, විමලසේනයි විතරයි හිටියෙ. අපි පොඩි චෑට් එකක් දාලා එන්න ආවා. මදුසන්ක නුගේගොඩින් බෑස්සා, මහරගම ගිහින් යනවයි කියලා. අද 7.05 ට ගෙදර ආවා.

ශාණි තාමත් අපේ ගෙදර. එයාත් අහනවා " අද බාප්පු මොකද කලින් ආවේ?" කියලා. මම කලින් ගෙදර ආපුවහම පොඩි එකාටත් ඒකෙ වෙනස දෑනෙන හෑටි.ශාණිගේ අම්මත් අද පරක්කු නිසා, කාලෙකින් කෙල්ලව හවස දෑක්ක.

තේකක් එහෙම බීලා ඈවිත් කොටන්න ගත්ත. ගෑණු ළමයා කතා කරා 8.10 ට වගේ. කොටන එක නවත්තලා මල් කෑඩුවා 9.40 වෙනකන්. ඊට පස්සෙ ගිහින් කෑවා. කාලා ගිහින් වොෂ් දෑම්මා. ආපහු ඈවිත් ඉතුරු ටික කොටන්න ගත්ත. දෑන් තමයි ඉවර කරේ. දෑන් වෙලාව 11.53 යි. මෙහෙම හෑමදාම කොටන්න අමරුයි. කමක්නෑහෑ, බදාදාටනෙ මෙච්චර් කොටන්න වෙන්නෙ.

ප. ලි. : අද දවල් නිසූපගේ PC එකේ ඉඳන් එයා කියවන බ්ලොග් බෑලුවම මට්ත් හිතුනා, කාලීන දේවල් ගෑන මගේ අදහස් ලියන්න, කියන්න තවත් බ්ලොගයක් කරන්න. වෙලාව තමයි ප්‍රශ්ණෙ. ඉස්සරහට බලමුකො. ඉස්සරහට බලමුකො කිව්වට, ඉස්සරහට මේ කරණ එකත් බෑරිවෙයිද දන්නෙ නෑහෑ. මොකද චමිලාගෙන් ඩයරියටත් පොඩි පොඩි බර බර නෑතුවම නෙමෙයි.

1 comment:

  1. අපොයි තව බ්ලොග් එකක් පටන් ගන්නෙ නැතුව මේකෙම ඒක කරන්න. නැත්නම් ඔයට තියෙන වැඩ හැටියට මුකුත් කරන්න බැරි වෙයි.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .