Powered By Blogger

Sunday, October 2, 2011

අද ඔක්තෝබර් දෙවෙනි ඉරිදා

අද ඉරිදා දවසක්නේ. වෑඩත් ඉතින් සුපුරුදු ලෙසම තමයි. උදේ නෑගිටිනකොට වෙලාව 7.00යි. මේ වගේ නිදාගන්න වෙන්නෙත් ඉතින් ඉරිදාවකමනෙ. නෑගිටලා තේකක් බිව්ව. ඈවිත් ඵ්C එක දෑම්ම, මොවී ටොර්‍රෙන්ට් ඩවුන්ලෝඩ් වෙන්න. ඒ ගමන්ම ආරම්භක සටහනත් කෙටුවා මේ විදිහට. සුපුරුදුලෙස වත්ත අතුගෑමෙන් වෑඩ පටන්ගන්න ඕන. වත්තපුරාම කොල වෑටිලා බලන්න කෑතයි.
-----------------------------------------------------------------------------------------------------------

වත්තෙ වෑටිලා තිබුණ කොලටිකක් අතුගාලම උදේ වෑඩ ඈල්ලුවා. ට්කක් අතුගාලා ගොඩවල් ගහල කෑමට ගියා.

උදේට කාලා බීලා ඉවරවෙලා වෑන් එක හේදුවා. අද අමතර වෑඩක් කරන්න උනා. මොකද, සීට් බෙල්ට් දාන එක පළවෙනිදා ඉඳන් අනිවාර්යයිනෙ. මම පුරුදුවෙන්නත් එක්ක කියලා සිකුරාදා සීට් බෙල්ට් එක දාගෙන ගියා. දවල් බලන්කොට කලිසම ඉස්සරහ කලුපාටයි. සීට් බෙල්ට් එකේ තිබුන ජරාව සේරම මගේ කලිසමේ ගෑවිලා. ඒක නිසා අද සර්ෆ් එක්සෙල් දාලා සීට් බෙල්ට් සේරම හේදුවා කුනු යන්න. මගේ අම්මේ එවාටේ තිබුන කුනු කන්දරාව. සබන් වතුර එක කලුපාට උනා ඒවා හෝදනකොට. මම හිතන්නෙ මට වෑන් එක දුන්නට පස්සේ මම සීට් බෙල්ට් පළවෙනිපාරට දෑම්මෙ ගිය සතියෙ.

වෑන් එක හෝදලා බයිසිකලෙන් ගියා සරික්කමුල්ලට. බල්ලා නාවල දාන්න BAYTICOL එක නෑහෑයි කියල මම ගිය සතියට කලින් කිව්වනෙ. අද අපේ රෑන්ඩි නාන සතියනෙ, එකනිසා BAYTICOL එකක් ගෙනාවා.

ඒක ගෙනත් පොඩි අයියගේ බයිසිකලේත් හෝදලා දෑම්ම. ඊල්ඟට බල්ල නාවන්න සබන් කුඩු පෙගෙන්න දාලා, තනකොල කපන මෑෂිමත් අරන් තනකොල කපන්න පටන්ගත්ත.

තනකොල ටිකක් කපලා ඈවිත් රෑන්ඩියව නෑවෙව්වා. ආයිත් ගිහින් තනකොල කෑපුවා. කොහොමත් තනකොල කපන මෑෂිම එක දිගට දාන්න හොඳ නෑහෑ. මොකද ඒකේ තියන මෝටරේ රත්වුනොත් පිච්චෙනවනෙ. ඒක නිසා මම විනාඩි දහයක් විතර් එක දිගට කපලා, වෙන තියන දෙයක් කරනවා ආපහු විනාඩි 15ක් 20ක් යනකම්.

මෙන්න් බොලේ වෑස්සක් කඩාවෑටෙන්න යනවා, අහස් කළුකරගෙන. මම හිතුවා අද දවසේ වෑඩ ටික එතනින්ම ඉවරයි කියලා. යන්තම් පොද වෑස්සෙත් තනකොල කපන එක කරගෙන ගියා. මොකද වෑහල තෙමුනට පස්සෙ මට වෑඩ කරන්න අප්පිරියයි. වෑස්ස ටිකක් වෑඩි උන නිසා, රෑන්ඩිව තෙත පිටින්ම කූඩුවට දාන්න උනා. මොකද නෑත්නම් එයාට දාපු බෙහෙත් ටික සේරම වෑස්සට හෝදන් යයිනෙ.

මොනව උනත් වෑස්ස එහෙමම නෑවතුනා. මමත් වෑඩේ කරගෙන ගියා. පොඩි අයියා ශාණිව දහම් පාසලෙන් ගේන්න යනගමන් දොඩම් වීදුරුවක් ගෙනත් දුන්න තනකොල කප කප හිටිය තෑනට. එකත් බීලා වෑඩේ දිගටම කරන් ගියා, වෙලාව 1.00 වගේ වෙනකන්.

ඊට පස්සෙ ගෙදරට ඈවිත් TV ස්ටෑන්ඩ් එක පුරාවට තිබුන දූවිලි සේරම පිහිදෑම්ම. එකේ තියන සේරම බඩු අරන් පිහිදාන්න ඕන, හරියට දූවිලි අරින්න. ඒකටත් ලොකු වෙලාවක් යනවා. ඒ වෑඩෙ කරන්න සති ගානක් හිතන් හිටියත් අද තමයි කරන්න ලබුනේ.ඒ මදිවට මගේ මේසේ උඩත් මහ දූවිලි තට්ටුවයි. කම්පියුටරෙයි, රවුටර් එකෙයි, හෑම තෑනම දූවිලි. ඊළඟට ඒ ටිකත් සුද්ද කරලා දෑම්ම.

ඒ වෙනකොට වෙලාව 1.30 ට වගේ ඈති. ඒ නිසා ගිහින් කෑවා. අද දවල්ට තිබුන ගෙදර වෑලේ හෑදිලා තිබුන එකම පතෝල කරලයි, ගෙදර වම්බටුයි. පතෝල වවන්න හරි අමරුයි. හෑදෙන හෑම කොලයක්ම පනුවො කනවා. වෑලට වෑඩිපුර තියෙන්නෙ නටු, කොල කිහිපයයි තියෙන්නෙ. ඒක නිසාද මන්ද, කරල් හෑදෙන්නෙ නෑහෑ. වම්බටු වගාවත් දෑන් සවුත්තු වෙලා. ඒවා කප්පාදු කරල, පොහොර දාලා අලුත් කරල ගන්න හිතන් ඉන්නෙ කාලෙක ඉඳලා. එත් ඒකට වෙලාවක් හොයාගන්න බෑරිඋනා.

කාලා ඉවරවෙලා ඈඳට ඈවිත් පොතක් බලන්න පටන්ගත්ත. පොත් ප්‍රදර්ශනෙන් පොත් ගත්තත් තාම ඒ එකක්වත් හරියට කියවන්න ලෑබුනෙ නෑහෑ. මගේ ගෑණු ළමයත් හෑම තිස්සෙම අහනව ගත්ත පොත් කියෙව්වද කියලා. නෑහෑ කිව්වම ඉතින් සවුත්තුව දානවා.

පොලියානා කියන පොත මට ගන්න හිතුනෙ, නිසූපාගේ පෝස්ට එකට කස්ටිය දාලා තිබුන කමෙන්ට්ස් දෑකලා. ඒත් පොලියානා පලවෙනි පොත මම යන දවසෙ ඉවරවෙලා තිබුන. ඒක නිසා මම ගත්තෙ ඒකේ දෙවෙනි පොතේ, කොටස් දෙකකට කරල තිබුන පරිවර්තන පොත් දෙක.

POLIYANA GROWS UP කියන පොතේ, පලවෙනි පරිවර්තන පොත එන්නෙ " සතුට බෙදන පොලියානා " නමින්. මම ඉතින් ඒක කියවන්න පටන් ගත්ත. ඈඳේ හන්සිවෙලා කියෙව්ව නිසාද කොහෙද දන්නෙම නෑතුව නින්ද ගිහින්. මට 3.00 ට වගේ ඈහෑරුනා.මට සාමන්යෙන් හාන්සිවෙලා හිටියොත් නින්ද යනවා. නෑත්නම් නෑහෑ. හාන්සිවෙලා TV බෑලුවත් ප්‍රතිපලේ ඕකම තමයි. ඒක නිසා වාඩිවෙලා තමයි ආපහු පොත බලන්නෙ කියලා හිතාගත්ත. මම 3.30 වගේ වෙනකන් ඉඳලා ආපහු වෑඩ පටන් ගන්න ගියා.

චාටර් වෙවි තියන ඈන්තූරියම් පෑලවගයක් තිබ්බා මල් පෝච්චි කිහිපයක. ඒවා ගලවලා, අලුතින් පස්දාලා රී ප්ලාන්ට් කරා. ආපහු තනකොල ටිකක් කෑපුවා වෙලාව 5.00 වගේ වෙනකන්. දෑන් ඉතින් තිබහයි, මහන්සියි. ඈවිත් තේකක් හදන් බිව්වා. මොකද අම්මත් නිදිනෙ.

ඊලඟට ගිහින් කුනු පිච්චුවා. මල් පදුරුවල අතු පාහලා දෑම්ම. මොකද නෑත්නම් මල් පඳුරු උනත් පේන්නෙ මහ කෑලෑවක් විදිහටනෙ. ඒ වෑඩ ටික කරල ඉවරවෙනකොට වෙලාව 6.00 කිට්ටුයි.

අම්මට පොල් ලෙලි ගහන්න බෑරිනිසා, මම සතියටම සෑහෙන්න පොල් ලෙලිගහල තියනවා. මගේ ඉරිදා දවසේ අවසාන වෑඩේ වෙන්නෙ ඒක තමයි. පොල්ගෙඩි හයක් විතර් ලෙලිගහල ගෙනත් තිව්ව. අදට මගේ ඩියුටි ඉවරයි. මම හෝදන්න තිබුන ඈඳුම් ටිකත් අරන් නාගන්න ගියා.

7.00 වගේ වෙනකොට නාගෙන කරගෙන ආවා. ඈවිත් PC ඔන්කරගෙන කොටන්න පටන් ගත්ත. දෑන් වෙලාව 8.20 යි. යන්තම් අද දවසේ විස්තරේ කොටල ඉවරයි. දෑන් රෑ කෑමට යන්න ඕන.

එහෙනම් ඉතින් අදට සමාප්තයි. සුභ රාත්‍රියක් !

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .