Powered By Blogger

Wednesday, October 12, 2011

අද ඔක්තෝබර් දොලොස්වෙනි බදාදා

අද කළුතර සයිට් එකට යන්න ඕන. ඒක නිසා උදේ 8.00 වගේ වෙනකන් මගේ රස කතා බ්ලොගයට අලුත් කතාවක් කෙටුවා. දවල් උන නිසා දඩි බිඩි ගාලා ලෑස්තිඋනා. 9.30ට වගේ කළුතර යන්න පිටත් උනා.

කළුතරට යනකොට 10.30 වගේ වෙලා. මම සයිට් එක ගාවට යනකොටමයි, ඉන්දිකත් ආවෙ. මම ඉතින් සන්කෙන් ඔෆිස් එකට ගිහින් බෑලුවා ඉන්දික නෑහෑ. කෝල් කරා ෆොන් එක වෑඩ නෑහෑ. ටිකක් සයිට් එකේ රවුමක් දාලා, ආපහු ගියා ඔෆිස් එකට.

ඉන්දික හිටියා. ඉන්දික එක්ක කතා කරලා ඈහුවා මොකද BOQ ප්‍රශ්නෙට උනේ කියල. එයා ආපහු කියනවා, BOQ එකේ නෑති ඒවා කියලා ලෙටර් එකක් දාන්නලු, වේරි එෂන් ඉල්ලලා. වෑඩේ අවුල් නිසා මම කාදර් එක්ක ගිහින් කතා කරා. කාදර් කියන්නෙ සයිට් එකේ QS. ඔහොම ඉන්න අතරෙ සිල්වා ලොක්ක ආවා. මෑන් ඈවිත් මට කියනවා ' ඕය ගොල්ලො ඉඳලා හිටලා ඈවිත් යනවා, වෑඩක් කරන්නෙ නෑහෑ. එයාගේ කාමරෙන් යන්න. ගිහින් ඉන්දික එක්ක ඕන දෙයක් කතාකරගන්න" කිව්ව.

මට මිනිහගේ හොම්බට දෙකක් ගහන්න හිතුන. මොකද කාදර් ඒ කාමරේ ඉන්න නිසයි, මම එතන හිටියෙ. මිනිහත් එක්ක කතාවකට ගියා නෙමෙයිනෙ. සමහරවිට මිනිහ දන්නෙ නෑතුව ඈති මාත් සතා කියලා. මම හොඳට හොඳයි වගේම නරකටත් නරකයිනෙ.

මම හිතාගත්තා, ලියුමකින්ම මම උඹට කතාකරන්නම් කියලා. ඒවගේම අද මීටින් එකේදි උඹට මම හොඳ ගේමක් දෙන්නම් කියලා.

කට්ටිය මීටින් එන්න ආවා. මමත් ආවා. මඟදි සිල්වා ලොක්ක ඈහුවා" දෑන් මොකද ඔයගොල්ලො කියන්නෙ ? " කියලා. මට ආපු චාන්ස් එකේ මම දුන්න මෑන්ට රිටර්න් එක. මම කිව්ව" ඔයා කතා කරන්න වත් දන්නෙ නෑහෑනෙ. හරමද කතාකරන්නෙ? මගේ ප්‍රශ්ණ විසදල දෙන්න මට වෑඩකරන්න. මම දෑන් මීටින් ඈවිල්ලා වෙච්ච දේවල් සේරම කියනව' කියලා.

ඕකට මෑන්ට තවත් තරහගිහින් කියවගෙන ගියා. ඒත් මිනිහා දෑනගත්තා මම අමාරුකාරයෙක් බව. මට මීටින් එකට එන්න එපා කිව්ව. මම කිව්ව මම ඈවිත් මොකුත් කියන්නෙ නෑතුව ඉන්නම් කියලත්. ඒත් මිනිහා අකමෑති උනා. මොකද මිනිහා දන්නවා මම ආවොත් මීටිමේදි සන්කෙන් එකට අරින බව. ඒපාර මම එහෙනම් යනන්ද ඈහුවා. මට යන්නත් එපාලු. ඕන උනොත් අඬගහන්නම් කියලා මෑන් ගියා මීටින් එකට.

මට ඉතින් කරන්න දෙයකුත් නෑහෑ. මේ මගුල 2.00 වගේ වෙනකන් යනවනෙ. මමත් ඉතින් වාත වෙවී හිටියා. 1.30 ට වෙගේ ඉන්දික කතාකරලා එන්න කිව්ව.

මම යන්කොට සිල්වා ලොක්ක මඟ කට්ටිය එක්ක කතාව. මිනිහා හිතුවා මම ආවේ කටිටියට විස්තරේ කියන්න කියලා. මම එනව දෑකලා මිනිහා ඉක්මනට ඉස්සරහට මම ලඟට ඈවිත් කියනවා. " ආ දෑන් ඔයා මොකද කරන්නෙ, තව වෙලා ඉන්නවද" කියලා. මම කිව්ව මම ආවේ ඉන්දික මට අඬගහපු නිසා" කියලා. ඒ පාර මෑන් කියනවා " ගනන් ගන්න එපා. කියපු දේවල් වලට හිත නරක් කරගන්න එපා. ඕගොල්ලො කොල්ලොනෙ. ඕව ගනන්ගන්න එපා ' කියලා මෑන් මගේ ඔලුවත් එහම අතගාලා ෂේප්මන්ට් එකක් දාගත්ත.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .