Powered By Blogger

Tuesday, October 18, 2011

අද ඔක්තෝබර් දහ අටවෙනි අඟහරුවාදා

අද උදේන්ම මාළඹේ යන්න ඕන. මොකද ඊයෙත් ඒ වෑඩේට යන්න බෑරිඋනානෙ. කොහොමහරි අද ගෙදරින් යනකොට අටත් පහුවෙලා. අඟුලාන හරියෙදි මගේ ෆෝන් එකට මෑසේජ් එකක් ආවා. මම හිතුවෙ උපහාර ෆෝන් එකේ බෑලන්ස් අවුට්ගොයින් විනාඩි ගාන කියල එන සුපුරුදු මෑසේජ් එක කියල. ඒක නිසා ගනන් ගත්තෙ නෑතුව ඩ්‍රයිව් කරා. සොයිසාරාමේ ළඟදි ට්‍රෑෆික් එකේ නෑවෑත්තුවම නිකමට වෑගේ බෑලුවා මෑසේජ් එක මොකක්ද කියලා. ඒක ඈවිත් තිබුණෙ නිසූපාගෙන්.

ඊයේ මම දාපු සටහනේ තිබුණ එකක් නිසයි එයා මට මෑසේජ් එකක් දාලාතියෙන්නෙ. මම එහෙම ලිව්වෙ, නිකමට ජෝක් එකටත් එක්ක. ඒත් මෙයා මේක සිරාවට අරන් වගේ පේන්නෙ. ඈත්තටම මම හිතුවෙ නෑහෑ නිසූපා මේ වගේ කෙනෙක් කියලා.

නිසූපා මට එවල තිබුණ මෑසේජ් එක මෙහෙමයි " Me hoda hitin ara gahala tiyena mada ayin karanawada. Man oya genath kiyanna thiyanatika kiyala dannada?mata oka kalpana karanawata wada weda thivenawa. "

මේකේ කිසිම ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නෑතිවයි මම දාලා තියෙන්නෙ. ඉතින් දෙයියනේ මම වෑරෑද්දක් කියලා දෙයක් කරයි කියලා ඔයාලට හිතෙනවද? මම නිකමට වගේ කියපු එකකට තරහ ගන්න නිසූපා පොඩි ළමයෙක්ද? මොනව උනත් නිසූපා හොඳ කෙල්ල. අපේ ඔෆිස් එකේ ඒ කාලේ හිටපු අනික් දෙන්නත් එක්ක බලද්දි ( ඒ දෙන්න තාම ඉන්නවා ). ඒක නිසා කතාකරලා ෂේප්කරගන්න වෙනවා.

කොහොමහරි 9.15 වෙනකොට ඔෆිස් ගියා. ගිහින් ඊයේ හදපු බිලත් අරන්, රුක්ෂාන් එක්ක මාළඹේ සයිට් එකට ගියා.ගිහින් චින්තක හම්බවෙලා කතා කරලා, රුක්ෂාන්ව ඉන්ට්‍රඩියුස් කරලා දුන්න. ඊට පස්සේ ජයවර්ධන ලොක්කටත්, R. E. Mr. කීර්තිසින්හටත් රුක්ෂාන්ව ඉන්ට්‍රඩියුස් කරලා දුන්න.

ඊට පස්සේ සයිට් එකට ගිහින් අපේ ජයසේනට කතා කරා. රුක්ෂාන්ටත් අපේ කරපු වෑඩත්, කරන්න තියන වෑඩත් පෙන්නුවා. ඒ වෑඩටික ඉවරවෙනකොට වෙලාව 13.50 ට වෑගේ ඈති. මම ඊට පස්සේ ඔෆිස් එකට එන්න ආවා. ඈවිත් දවල්ට කන්කොට 14.50 ට වගේ ඈති. ඒත් චන්දන ඈවිත් අහුවා "අපි තේ බොන වෙලාවටනේද නවින් මහත්තයා කන්නෙ? "කියලත්. මොනවා කරන්නද, අපේ රස්සාවේ හෑටිනෙ.

මම මාළඹේ ඉඳන් එන මඟදි කළුතර සයිට් එකේ ඉන්දිකගෙන් කෝල් එකක් ආවා. ඒත් බ්ලුටූත් එක ඔන්කරගෙන නොහිටිය නිසා කතා කරේ නෑහෑ. හවස්වෙලා කතා කරාම කිව්ව " සීෆුඩ් කිචන් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් ගෑස් බටේ, හෙට දාන්න ඕන " කියලා. හොඳ වෙලාවට ට්‍රිලියම් එකට ආපු 1 1/2" පයිප්ප තිබුණෙ. නෑත්නම් මලාට අපේ ඔෆිස් එකෙන් වෙලාවට වෑඩක් කරන්න බඩුවක් ගන්න පුළුවන්යෑ.

කොහොමහරි හෙට වෑඩේට ඕනකරන බඩු ලිස්ට් එකත් දීලා, වෙන්න ඕන ටික චමිල්ට කිව්වා. මට හෙට ඔෆිස් එකෙන් පිටත්වෙනකොට කියන්න කිව්වා, මම ගෙදරින් කෙලින්ම කළුතරට එන්නම් කියලා.

ඊට පස්සේ මම ගියා ඩෙල්මන් හොස්පිටල් එකට තාත්තාගෙ චෑනල් එක දාන්න. මොකද ඒ ඩොක්ටර් ඉන්නෙ බ්‍රහස්පතින්දා දවස් වලට විතරයි. සේරම ටෙස්ට් කරගත්ත එකේ තවත් පරක්කු වෙන්න ඕන නෑහෑනෙ. ඒ වෑඩේ කරගත්ත ගමන්ම වගේ ලොක්කා කතා කරලා ඈහුවා " නවින් අර කළුතර පූල් එකේ වෑඩේ බෑලුවද? මේල් එකක් දෑම්මද? සිල්වාසාන් හෙට මීටින් එකට කලින් උත්තරයක් ඉල්ලනවා" කියලා.

මට ඔය වෑඩේ හෑමදාම අමතක වෙනවනෙ. මම කිව්ව අමතක් උනා ඒක දෑන් කරන්නම් කියලා. මම ආපහු ඔෆිස් ඈවිත් මේල් එක දාලා, කන්ටෑක්ට් ඩීටේල්ස් අරන් ආවා රෑට කෝල් එකක් දීලා බලන්න කියලා. මේ ගෑන මන්ජුලාගෙන් ඈහුවම කිව්ව හෑබෑයි, ටෙක්නිකල් එකේ වෑසිලිස් කියන කෙනා මලාට රෙස්පොන්ඩ් කරන්නෙ නෑහෑයි කියලා. ( මම රෑ දහයට වගේ කෝල් කරා තියන හෑම නොම්මරේකටම. රෙස්පොන්ඩ් කරන්න තියා, ආන්සර් කරේවත් නෑහෑ. හෙට උදේට සිල්වා ලොක්කට මොනවා කියන්නද මන්ද? )වෙන්කට්ගෙන් ඈහුවා මම යනව එනවද කියලා. මෑන් කිව්වා එයාට වෑඩ තියනව රෑවෙයි කියලා. ඒක නිසා මම 5.40 ට වගේ එන්න ආවා.

ගෙදර ඈවිත් එදා කරගන්න බෑරිඋන තාත්තගේ යූරින් රිපොර්ට් එක ගන්න යූරින් සාම්පල් එකක්, ගේ ළඟ ඩිස්පෙන්සරියට ගිහින් දුන්න. මොකද, බ්‍රහස්පතින්දා හවසට ඒකත් ඕනනෙ.

ඒක කරලා ඈවිත් තවත් වෑකියුම් ප්ලාන්ට් ස්මෑනුෆෑක්චරර් කෙනෙක්ට කෑනඩාවට කතා කරා. මෑන් Mr. Paul කතාවෙන්නම් හොඳ පාටයි. ඩීටේල්ස් ටිකක් ඕන කිව්වා. Quote කරන්න කලින්, ඒවා අහල මේල් එකක් දාන්නම් කිව්වා. ටික වෙලාව්කින් කිව්ව විදිහට මේල් එක දාලා තිබුණ. හෙට ලොක්කගෙන් තමයි එක ප්‍රශ්ණයකට උත්තර ගන්න වෙන්නෙ. ඒක නිසා මට මෑන්ට අද රිප්ලයි කරන්න බෑරිඋනා.

ඊළගට තමයි කලින් කිව්ව ස්විමින්ග් පූල් මෑන් කන්ටෑක් කරන්න හෑදුවෙ. ඒක හරිගියේ නෑහෑ. මොනවා කරන්නද?

මේ වෑඩ අතරේ තමයි දවසේ සටහන කොටන්නෙත්. දෑන් වෙලාව 11.26 යි. දෑන් නිදිමතත් එක්ක.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .