Powered By Blogger

Friday, October 7, 2011

අද ඔක්තෝබර් හත්වෙනි සිකුරාදා

අද සිකුරාදනෙ, අද තමයි මාළඹේ සයිට් එකේ මීටින් දවස. මාළඹේ සයිට් එකට සතුට බිල්ඩර්ස්ලා ගෙන්නපු ෂිප්මන්ට් එකේ, පයිප්ප බ්‍රෑකට් එවල තිබුනෙ නෑහෑ. ඒක එහෙම වෙලා තිබුනෙ අපේ සින්ගප්පූරු සප්ලයර්ගෙ අවුලකින්. ඒත් සතුට බිල්ඩර්ස් එකේ අය හිතන්නෙ අපි වන්චාවක් කරා කියලා. මොලේ කියලා කළඳක් වත් තියනවනම් එහෙම හිතන්න බෑහෑනෙ. ඔය බ්‍රෑකට් ටිකක් අරගෙන අපි මොනවා කරන්නද?

අපේ සින්ගප්පූරු සප්ලයර්, ඔය කියන බ්‍රෑකට් ටික එවලා දෑන් මාස ගානක් වෙනවා. ඒත් අපේ ලොක්ක ඔය ටික ක්ලියර් කරේ නෑහෑ සල්ලි නෑහෑ කියලා. ඔන්න ඔය නිසා තමයි අරවගේ කතාවක් කියන්න මූලික හේතුව. කොහමත් අපි සයිට්වල බෑනුම් අහන්නෙ ගොඩක් වෙලාවට අපේ ලොක්කගෙ වෑඩපිළිවෙල නිසා.

කොහොමහරි ඊයේ හවස ඔය කියන බ්‍රෑකට් ටික ක්ලියර් කරගෙන අපේ ස්ටොර්ස් එකට ආවා. ඒකටත් මහ කට්ටක් කන්න උනා. මොකද අදාල ඩොකියුමන්ට් හදන්න ඕන මමනෙ. ක්ලියරින්ග් ඒජන්ට් කියන කියන විදිහට ඒවා වෙනස් කරන්න ඕන. මොකද මේවා වුනේ අවුලකින් නිසා.

මම උදේ ඔෆිස් ගියාම චමිල් කෝල් කරල කිව්ව " අද වෑඩට එන්න වෙනෙනෙ නෑහෑ කියලා. පුළුවන්නම් පයිප්ප ත්‍රෙඩ්කටින් මෑෂින් එකේ පොට අඟල් බාගේ ඩයිසෙට් එක දාලා හරිගස්සල දෙන්න කිව්වා, වෑඩේ කරගෙනගිය මුස්ලිම් පෑන්චට. "

කොහොමහරි ඉතින් ඕක කරන්න එපෑයි. මම ඉතින් තෙල් නාගෙන මෑෂින් එකේ ඩයිසෙට් එක මාරුකරලා දුන්න.

ඊට පස්සෙ, ඊයේ මේල් කරපු BOQ සමහරක තිබුණ අඩුපාඩු කිව්ව ඒව බලල, ආපහු සෙන්ඩ් කරා. ඒටික කර්ලා මාළඹේ සයිට් එකට ආපු බ්‍රෑකට් ටිකත් දාගෙන, පෙරේරාවත් නිකන් ඉන්න එකේ අඬගහගෙන සයිට් එකට යන්න ගියා. මොකද ජයසේන කරපු වෑඩවලට අපි බිල් කරන්න, මෙෂර්මන්ට් ගන්න තව කෙනෙක් ඕනනෙ.

1 comment:

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .