Powered By Blogger

Friday, October 21, 2011

අද ඔක්තෝබර් විසි එක්වෙනි සිකුරාදා

ඊයේ චින්තක ඉල්ලපු හොට් වෝටර් පයිප්පවල ඉන්සියුලේෂන් කොන්ටිටි එක දෙන්න බෑරි උනා, ඔෆිස් එකට එනකොට හවස් උන නිසා. ඈරත් ආපු ගමන් මට ආපහු ඩෙල්මන් එකටත් යන්න උනානේ.

අද උදේට ඕක දෙන්න බෑරි උනොත් ඉතින්, ඕක ලොකු කේස් එකක් කරගන්නව. ඒක නිසා ගෙදර ඉඳන් මේ වෑඩේ කරලම ඔෆිස් යනවා කියලා හිතගත්ත.

උදේ සුපුරුදු විදිහට දිනපොත බ්ලොග් එක කොටලා, උදේට කාලම වෑඩේ පටන් ගන්නවයි කියලා හිතාගත්ත. උදේට කාලා ඈවිත් වෑඩේ කරන්න ගත්ත.

එක දිගටම මේක කරන්නත් කම්මෑළියිනෙ ඉතින්. බ්ලොග් කියවමින්ම වෑඩේ කරගෙන ගියා. මොකක් නිසාද මන්දා, බොස්ගෙන් ඈරුනම එක කෝල් එකක්වත් ආවෙත් නෑහෑ. බොස් 10.00 ට වගේ කෝල කරලා ඈහුවා "නවින් කොහේද ඉන්නෙ" කියලා. මම කිව්වා "තාම ගෙදර ඉන්නෙ, ඊයේ චින්තකගෙ වෑඩේ කරන්න බෑරිඋනනිසා අද මම ඒක ගෙදර ඉඳන්ම කරනවා" කියලා. ඒ පාර බොස් කියනවා "එහෙනම් ඔහොමම නයින් වෙල්ස් වෑඩේත් කරන්න " කියලා.

කොහොමත් මම අද මේ වෑඩේ කරලා ඔෆිස් එකට යන්නයි හිටියෙ. මොකද, මට්ටක්කුලියෙ බිල ප්‍රොසෙස් කරන්න තව ඩොකියුමන්ට්ස් වගයක් QS ඉල්ලුවා. එත් එ ටික මට තාම දෙන්න බෑරිඋනානෙ. අන්තිමට බිල පරක්කු උනත් ඒකත් කෑරකිලා ආපහු එන්නෙ මටමනෙ.

මම චින්තකගෙ වෑඩේ කරලා මේල් එකක් දාලා, කෝල් කරලා කියලා, දවල්ටත් කාලා ඔෆිස් ගියා. ඔෆිස් එකට යනකොට වෙලාව 13.30 ට වගේ ඈති.

ගිහිපු ගමන් මම කියපු බිලට අවශ්ය සපෝර්ටින්ග් ඩොකියුමන්ට්ස් ටික ලෑස්තිකරා. ටිකක් මේල් කරලා දෑම්ම. ඊට පස්සෙ, මාළඹේ සයිට් එකට ඕන කරන, ඉම්පොර්ටින් අයිටම්ස් ගෙන්නන්න ඕන කරන ප්‍රොෆෝර්මා ඉන්වොයිස් ඉල්ලලා මේල් දෑම්ම.

ඒ වෑඩ ටික ඉවර වෙනකොට වෙලාව 5.00 ත් පහුවෙලා. එත් වෑන් එක ඉල්ලගෙන ඩ්‍රයිවර්ව බත්තරමුල්ලෙ සෙත්සිරිපායට යෑව්ව නිසා, මට වෑන් එක එනකන් වාත වෙවී ඉන්න උනා. වෑන් එක එනකොට 6. 30 වගේ වෙලා.

අදත් වෑන් එක බොයිල් කරලා. අපේ ලයන්ත වෑන් එක අරන්ගියොත් මේ වෑඩේ වෙනව. මීට කලින් දවසකුත්, ලයන්ත ට්‍රෑෆික් වෙලාවක අරන් ඈවිත් තිබුනෙ බොයිල් කරගෙන. මම ඒත් අද මෑන්ට කිව්වා" ඔයා වෑන් එක ගෙනිච්චම තමයි මේක වෙන්නෙ " කියලා. මිනිහා අපේ චයිනීස් ලොරියෙ පුරුද්දට, වෑඩිපුර රේස් කරන් තමයි ඉන්නෙ මගේ හිතේ. ඒකයි මේ බොයිල් කරන්න හේතුව.

කොහොමහරි ඉතින් රේඩියේටරේ නිවෙනකන් ටිකක් ඉඳලා, කූලන්ට් පුරවගෙන තමයි මට එන්න උනේ. නෑත්නම් ඉතින් මගදි ආපහු බොයිල්වෙයිනෙ.

එනකොට මගදි වෑස්ස පටන්ගත්ත. ඒක නිසා පාරේ මහ ට්‍රෑෆික් ජෑම් එකක්. කොහොමත් ඉතින් වහිනකොට ට්‍රෑෆික් වෑඩිවෙනවනෙ. ඒකනිසා ගෙදර එනකොට රෑ 7.40 ට වගේ ඈති. ඈවිත් තේකක් බීලා එහෙම ආවා කොටන්න.

කොටන්න කිව්වට බ්ලොග් කෙටුවෙ නෑහෑ. බ්ලොග් බෑලුවා. නමයට වගේ කන්න ගියා. කෑම කාලා TV බලලා වොෂ් දාගෙන ඈවිත් වාඩිවුනා දවසේ බ්ලොගය කොටන්න. දෑන් ඒකත් ඉවරයි. දෑන් වෙලාව 23.00 ‍යි. මේ දවස් ටිකේම රෑ උන නිසා ඈස්වලට අමාරුයි. ඈස් දෑවිල්ල වගේ. එක නිසා දෑන් නිදාගන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .