Powered By Blogger

Friday, October 14, 2011

අද ඔක්තෝබර් දාහතරවෙනි සිකුරාදා

අද කළුතර සයිට් එකේ වෑඩේ කරන්න ඕන. යන්න ලෑසිතිවෙනකොටම මහ වෑස්සක් කඩන් වෑටෙන්න පටන් ගත්ත. ඒත් පරක්කු වෙලා බෑහෑනෙ. ආපහු කළුතරට එන්න ඕන. මම ඔෆිස් යනකොට 8.15 වගේ වෙලා තිබුණ. චමිල්නුයි, ගෝලයි, දෙන්නමත් හිටියා. ඕනකරන බඩුටිකත් ලෑස්තිකරගෙන ඔෆිස් එකෙන් පිටත්වෙනකොට 10.00ත් පහුවෙලා මගේ හිතේ.

කළුතරට යනකොට 11.30 ට වෑගේ ඈති. ඒ අස්සේ මාත් එක්ක ගිය මුස්ලිම් පෑන්චා කියනවා, අද සිකුරාදා නිසා පල්ලි යන්න ඕනලු. මොනවා කරන්නද, මට ඔය පෑත්තත් පුරුදු නෑහෑනෙ. මම සිකියුරිටිගෙන් ඈහුවා පල්ලියක් ලඟ තියනවද කියලා. මෑන් කිව්වා, කළුතරටම යන්න ඕන කියලා. ඒ මදිවට කලින් එළියට යන්නනම් ගේට් පාස් එකක් ඔව්නලු. ඒ පාර මම ඉන්දිකට කතාකරලා ගේට් පාස් එකක් ඈරේන්ජ් කරලා දුන්නා.

කළුතර යන්න ඕන කිව්ව එකත් එක්කම මෑන් ටිකක් පස්ස ගෑහුවා. මොකද, මෑන්ට තනියම ගිහින්නෙ එන්න වෙන්නෙ. මිනිහා මේ පෑත්ත දන්නෙත් නෑහෑනෙ. කොහොමහරි ඒ වෑඩේ ඈරුනා.

මම කරන්න තියන වෑඩේ, පෙන්නලා ගෙදර එන්න ආවා කන්නත් එක්ක. එනගමන් ටෙලිකොම් එකට ගිහින්, ගෙදර ෆෝන් බිල ගෙව්වා. මොකක් හරි හේතුවකින් මට ජූලි මාසේ බිල ගෙවන්න බෑරිවෙලා, එරියර්ස් පෙන්නනවා කාලෙක ඉඳන්. මම දන්න තරමට අමතක් උනෙත් නෑහෑ. ඒත් ගෙවපු රිසිට් එකකුත් නෑති එකේ, මට අමතක වෙන්න ඈති. ඒක නිසා මේපාර මාස දෙකටම ගෙවලා ඉවර කරා. ඒක ගෙවලා ගෙදර ආවා කෑම කන්න.

කෑම කාලා ටිකක් වෙලා ඉඳලා ආපහු යන්න ගියා කළුතරට. ඒ වෙනකොට චමිල්ලා එක ස්ලීව් එකකට ස්ලෑබ් එක කඩාගෙන තිබුණ. මම ගියාට පස්සෙ තමයි, අනික පටන් ගත්තෙ.

එතන තිබුනෙ මාර සෑලෑබ් එකක්. අඩියක් විතර ගනකමයි. කඩන්න මාර ගේමක් දෙන්න ඕන. පව්, කොල්ලො දෙන්නට සෑහෙන්න අමාරුයි. ඒකත් කෑඩුවට පස්සේ, එතන ස්ලීව් දෙක තියන්න ගත්තා. ඒක කරද්දි ඉන්දික අඬගෑහුවා ස්විමින්ග් පූල් එකේ වෑඩේ බලන්න. ඒපාර මම එතනට ගියා, චමිල්එතන තියලා මම ගියා පූල් එක ගාවට. පූල් එක වටේට තියනවා ඩ්‍රේන් වගයක්, ඒවායේ ඈක්සස් මෑන් හෝල් වගයක් තියනවා පූල් ඩෙක් එකේ. එවායේ කෑඩිච්ච ගෑන තමයි මෙයාලා අහලා තිබුනෙ. ඊට අමතරව, පූල් ලයිට්ස් වල කනෙක්ෂන් බොක්සස් වගයකුත් තිබුන කෑඩිලා. මම කිව්වා, මේ සේරම ලයිට් වයර් කනෙක්ෂන් බොක්ස් මෙහේ කෙනෙක්ට කියලා හොයාගන්න පුළුවන් කියලා. අර මෑන් හෝල් වෑඩෙත් කාට හරි කියලා ෆෑබ්‍රිකේට් කරගන්නකියලා.

පූල් එකේ ඩ්‍රෙන් ගටර් එකේ වෑඩේ විතරක් මම බලන්නම් කිව්වා. මේ ගෑන බලද්දි කළුවරත් වෙලා. මේ වෙනකොට චමිල් දෙවෙනි ස්ලීව් එක කොන්ක්‍රීට් දාන්න ලෑස්තිවෙනවා. මම එතනටත් ගිහින් ඒක කරනකන් හිටියා.

වෑඩ ටික කරලා, ඉවරවෙනකොට රෑ 7.00ත් පහුවෙලා. මම ගෝලයො දෙන්නව පානදුරෙන් බෑස්සුවා. ෂේක් ගෑන තමයි ප්‍රශ්නෙ තිබුනෙ, මොකද මෑන් මට්ටක්කුලියෙ යන්න ඕනනෙ. මම එත් කිව්වා බස් නෑත්නම් ත්‍රීවීලර් එකක යන්න, ෆෙයාර් එක ගෙවන්නම් කියලා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .