Powered By Blogger

Tuesday, October 11, 2011

අද ඔක්තෝබර් එකලොස්වෙනි අඟහරුවාදා

අද එළාර්ම් එක වෑදුනත් නෑගිටින්න හිතුනෙ නෑහෑ. ඒකට හේතු දෙකක් තිබුණ. එකක් තමයි අද වප් පෝය දවසනිසා නිවාඩු. අනික තමයි ඊයේ රෑ ගෑණුලමයා කතා කරා පාන්දර තුනවගේ වෙනකන්. මොකද, ඊයේ රෑ 08.20 ට වගේ සුපුරුදු වෙලාවට එයත් එක්ක කතා කරන්න ලබුනේ නෑහෑ, පොඩි අයියා රෑවෙලා අපේ ගෙදර ඈවිත් චෑට් එකක් දාගෙන හිටිය නිසා.

එත් එහෙමයි කියලා අද නිදාගන්නත් බෑහෑ, මොකද අද තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න, ලන්කා හොස්පිටල් එකට 9.00 ට යන්න ඕන.

කොහොමහරි 6.30ට වගේ නෑගිටලා ගියා. අම්මා තේ හදලා තිබුණා. තේකත් අරන් ඈවිත් ඵ්C එක ඔන්කරගෙන, මම දකින හෑටි බ්ලොගයට අළුත් පොස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න ගත්තා. ඒක කර කර ඉඳලා බලන්කොට වෙලාව 7.20 යි.

මගේ අම්මේ . . . හොඳටෝම පරක්කුවෙලා. දඩි බිඩි ගාලා ගිහින් මූන කට හෝදගෙන ලෑස්ති උනා. කොහොමහරි 7.50 ට වගේ මම රෙඩි. එත් අම්ම උදේන් නෑගිටලා උයන්න අරන් තිබුනත්, උයලා ඉවරවෙලා තිබුනෙ නෑහෑ.

මම අම්මට කිව්ව " කන්න හිටියොත් වෙලාවට යන්න බෑරිවෙනවා. ඒක නිසා අපි හොස්පිටල් එකේ කෑන්ටින් එකෙන් මොනවා හරි කන්නම් " කියලා. එහෙම කියල 7.55ට වගේ පිටත් උනා. අද පෝය දවස නිසා පාරේ ට්‍රෑෆික් නෑහෑ. එක නිසා 8.35 වෙනකොට අපි ලන්කා හොස්පිටලෙ එකේ. අපරාදේ උදේට කාලත් එන්න තිබුණ.

තාත්තට කරන්න තිබුණ ටෙස්ට් එක ස්කෑන් එකක්. ඒකට මුලින් නික්ෂේපණයක් දීලා, පෑය තුනක් ඉඳලයි ස්කෑන් එක කරන්නෙ. 9.40 ට වගේ ඒක දීලා කිව්වා, 1.30ට ආපහු එන්න කියලා. 9.40 ඉඳන් 1.30 වෙනකන් ඉන්න වෙච්ච එක තරම් කට්ටක් නෑහෑ. මොනවා කරන්නද, ආපහු ඈවිත් යන්න දුර වෑඩියිනෙ. පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත විකිලීක්ස් හෝරාව පොත අරගෙනයි ගියේ සිද්ධිය දන්න නිසා.

කොහොමහරි ස්කෑන් එකටත් පෑය භාගයක් වගේ ගියා. ඒක ඉවර වෙනකොට 2.15 ට වගේ ඈති. දවල්ට කාලත් නෑහෑනෙ, ඉක්මනට ගෙදර එන්න ආවා. 3.00 වෙනකොට ගෙදර. ඈවිත් දවල් කෑම කෑවා. අද හරියට මගේ දවල් කෑම වෙලාව, ඔෆිස් ගිය දවසක වගේ. කෑම කාලා ඈඳට ඈවිත් ගෑණු ළමයත් එක්ක කතා කරා. ඒත් එයා ඈහුවා අද කොටන්නෙ නෑද්දත් කියලා. කතා කරලා ඈවිත් කොටන්න ගත්ත.

හවස්වෙලා පන්සල් ගියා. අද අපේ පන්සලේ හදපු අළුත් සන්ඝාවසයයි, ධාතු මන්දිරයයි විවෘත කරා. පන්සලේදි තමයි, පරණ යාළුවො එහෙම හම්බවෙන්නෙ. ඒ අයත් එක්ක කතාබහ එහෙමත් කරලා ගෙදර එනකොට 9.00 ත් පහුවෙලා.

ඈවිත් කාලා බිලා, ඈඟ සෝදාගෙන ඈවිත් අවසන් කොටස කෙටුවා. අදනම් වෙලාව 10.30 යි. ඊයෙ රෑත් හරිහෑටි නින්දක් නෑති එකේ, අද කලින් නිදාගන්න ඕනා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .