Powered By Blogger

Monday, October 24, 2011

අද ඔක්තෝබර් විසිහතරවෙනි සඳුඳා

අද උදේන්ම මදුසන්ක කතාකරලා කිව්වා " මට හොඳටම උණ, ඒක නිසා පුළුවන්නම් සයිට් එක පොඩ්ඩක් බලන්න" කියලා. ඒක නිසා මම කෙලින්ම මට්ටක්කුලියට ගියා. සයිට් එකට යනකොට වෙලාව 10.00 ට වගේ ඈති. මම අපේ කට්ටිය වෑඩකරන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බාත් රූම් එකට ගියා. කට්ටියම වෑඩ.

එත් මේ දවස්වල වෑස්සට සේරම පයිප්ප වල මඩ. මම එත් ශාන්තට කිව්ව " තෙත නිසා ගම් ඈලෙන එකක් නෑහෑ. හොඳට පිහිදාලා වේලුනාම අලවන්න" කියලා. ඒ වෑඩටික බලල මම ගියා අපේ කන්සල්ටන්ට් නෝනා හම්බුවෙන්න. ඒ කිව්වෙ අපේ නිසූපාව. නිසූපා ඒ පාර කියපි " ඔයත් එක්ක බොහොම පරිස්සමින් කතා කරන්න ඕන " කියලා. මම ඈහුවා "ඈයි ?" කියලා. ඒ පාර කියනවා "මම කියන සේරම බ්ලොග් එකේ දානවලු. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනලු මාත් එක්ක කතා කරනකොට." මම ඔය එකම එක SMS එකක් දාපු එකටයි මෙහෙම කියන්නෙ. නෑත්නම් ඉතින් මට දාන්න දේවල් නෑතුවයෑ, නේද?

අහ්.... ඒ අස්සේ නිසූපා, එයාගේ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක නිසා මගෙන් අහනවා " මොකද්ද එයා මහත්වෙන්න හේතුව ?" කියලා. මට ඒක නිසූපට කියන්නත් මොකද්ද වගේ හිතුන නිසා මඟ ඈරියා. ඒත් මදුසන්කත් ඉන්න වෙලාවක එයාට හේතුව කියන්න ඕන. පොඩි චෑට් එකක් එයත් එක්ක දාගෙන ඉඳලා මාළඹේ සයිට් එකට එන්න ආවා.

මාළඹේ සයිට් එකේ වෑඩකරන ජයසේන දවස් ගානක ඉඳන් ප්යිප්ප සොකට් වගයක් ඉල්ලන්නෙ. ඒකත් අපේ ඔෆිස් එකෙන් අරන්දෙන පාටක් නෑති නිසා මම චින්තකට කිව්ව, මට සයිට් එකේ පෙටිකෑෂ් වලින් කීයක් හරි දෙන්න, මම මෑන්ගෙ අඩුපාඩු එකේන් අරන් දෙන්නම් කියලා. චින්තක කිව්ව හෙට ඒ වෑඩේ කරන්න බලන්නම්, අදට පුළුවන් දෙයක් කරන්න කියලා.

ජයසේනගෙන් ඈහුවම යුනියන් ප්ලේස් එකේ කඩවල තඹ පයිප්ප සොකට් තියනවයි කිව්ව නිසා, මට්ටක්කුලියෙ ඉඳන් ආවේ, යුනියන් ප්ලේස් එකට. ඈවිත් හෑම කඩයකම බෑලුවත් තියෙන්නෙ, අඟලේ පයිප්ප වල ෆිටින්ග්ස්. ඒවා ඉතින් මිලිමීටර් පයිප්ප වලට හරියන්නෙ නෑති නිසාත්, පයිප්ප සාම්පලයක් නෑතුව මොකුත් තීරණයක් ගන්න බෑරි නිසාත්, මාළඹේ ගිහින් සාම්පල් කෑලිටිකක් අරන් එන්න හිතුවා.

මම සයිට් එක ළඟට යනකොට, අපේ රුක්ෂාන් එනවා. මම ඈහුවා "කොහේද යන්නෙ?" කියලා. එතකොට කිව්වා, "ඔෆිස් එකෙන් එන්න කිව්වා නයින් වෙල්ස් එකේ ස්ලීව් තියන වෑඩේ කරන්න" කියලා. ඒපාර මම කිව්වා "මමත් දෑන් ආපහු යනවා, මාත් එක්ක යන්න පුලුවන් මට පයිප්ප සාම්පල් ටිකක් ගන්න ඕන "කියලා. එත් රුක්ෂාන් කිව්ව ජයසේනලා කන්න එළියට ගිහින් කියලත්. මම ගිහින් සයිට් එකෙන් පයිප්ප සාම්පල් කෑලි තුනක් කපාගත්තා.

ඊළඟට ගිහින් චින්තක එක්ක පොඩි චෑට් එකක් දාලා, ජය්සේන දීලා තිබුණ තුන්වෙනි බිලත් දුන්නා, එයාගේ පේමන්ට් එක ඈරෙන්ජ් කරන්න කියල. ඊට පස්සෙ රුක්ෂාන් එක්ක ඔෆිස් එකට ආවා. එතකොට වෙලාව 1.45 ට වගේ ඈති.

ඈවිත් මට්ටක්කුලියේ ඈස් බිල්ට් ඩ්‍රොවින් ටික QS ට ආපහු මේල් කරා. ඒත් ඒක ආපහු රිටන් උනා.මම ජයාදිට කිව්ව, මේල් එක එන්නෙ නෑහෑ. මම ටිකකින් ඩොකියුමන්ට්ස් ටික ගෙනත් දෙන්නම් කියලා.

මම කාලා ඉවරවෙලා, ඈවිත් තිබුණ මේල් වලටත් රිප්ලයි කරලා එහෙම දවල් කෑම කෑවා. ඊළඟට අර QS ඉල්ලපු ඩොකියුමන්ට්ස් ටික අරන් ගියා Cost Management Services එකට ගිහින් ජායදිට ඒ ටික දුන්නා.

මම ආපහු ඈවිත් ලොක්ක හෑමදාම මතක් කරන නයින් වෙල්ස් එකේ PVC මෑටීරියල් කොන්ටිටි එක හදන්න පටන්ගත්ත. වෑස්සත් පටන් ගත්ත නිසා 6.00 වෙනකන් වගේ දිගටම වෑඩේ කරා. යන්තම් අටවෙනි තට්ටුවෙ කොන්ටිටි එක හදලා ඉවර කරා. ඒක ඉවරයි කියන්නෙ තට්ටු හතරක් ඉවරයි කියන එක . මොකද 5- 8 කියන්නෙ ටිපිකල් ෆ්ලොර්ස් නෙ.

හය පහුවෙලා කට්ටියත් එක්ක එන්න ආවා. වෑස්ස නිසා රෝෂි කිව්ව, එයාව නුගේගොඩින් දාගෙන යන්න කියලා. එයාවත් නුගේගොඩ සුපර්මාර්කට් එක ගාවින් දාගෙන එන්න ආවා. වෑස්ස නිසා මාර ට්‍රෑෆික්. ඩ්‍රයිව් කරන්න එපා වෙනවා. එනකොට 7.30 ත් පෑනලා මගේ හිතේ.තේකක් හදාගෙන ඈවිත් PC එක දාගෙන බ්ලොග් ටිකක් කියෙව්වා.

මේ බ්ලොග් කෙරුවාව නිසා නිසා මේ දවස්වල ගෑණුලමයත් තරහවෙලා ඉන්නෙ. එයා කියන්නෙ, "ඔයාට කොටන්න ඕන තරම් වෙලා තියනවා. මාත් එක්ක කතා කරන්න තමයි, වෙලා නෑත්තෙ" කියලා. පෙරහිදා රෑ කොට කොට කතාකරද්දී තමයි " ඔයා ඔහොම කොට කොට ඉන්න මම ආයිත් කතා කරන්නෙ නෑහෑ. ඔයාට හිතුන වෙලාවක කතා කරන්න " කියලා ෆෝන් එක කට් කරේ.

ඔය වගේ ටොක්ස් වලින් පුලුවන්ද මට ගනන් පෙන්නන්න. මමත් ඉතින් කෑමෑත්තක් කරන්න කියල හිටියා. ඊයේ එයාගේ ට්‍රයල් එක. මාත් එක්ක තරහවෙලා ෆෝන් එක කට් කරනිසා මාත් විෂ් කරන්නවත් කතාකරේ නෑහෑ. මෙන්න 1.45 ට වගේ කතා කරලා කිව්ව "මම ට්‍රයල් එක පාස් "කියලා. මම කිව්ව "හොඳයි " කියලා. ඒ පාර අහුව, " මම කියපු පිරමාල් ග්ලාස් එකේ ඈනුවල් රිපෝර්ට් එක ගෑන හෙව්වද? " කියලා.

මම කිව්වා "යාළුවට කතා කරලා උත්තරයක් දෙන්නම්" කියලා. මාත් එක්ක කතා කරන්නෙ නෑහෑයි කිව්ව නිසා මම කොහොමත් වෑඩේ මතක් උනත් චමින්දගෙන් ඒ ගෑන ඈහුවෙ නෑහෑ. මොකද, මම මොකටද ඒව ගෑන හොයල බලෙන් දෙන්න යන්නෙ. චමින්දගෙන් ඈහුවම කිව්වා " සෙකට්‍රි ගාවත් කොපියක් නෑහෑ, හෙඩ් ඔෆිස් එකෙන් ගෙන්නලා කියන්නම්" කියලා. ඒ පාර මම ඒ විස්තරේ කියල, ෆෝන් එක තිබ්බා.

රෑ එනගමිනුත් "ගෙදර ආවාද?" කියලා මෑසේජ් එව්වා. මම රිප්ලයි කරා "තාම මඟ" කියලා. 8.00 ට විතරත් මෑසේජ් එකක් ආවා "දෑන් ගෙදරද?" කියලා. මම "ඔව්" කියලා රිප්ලයි කරා. ඒ පාර මෑසේජ් එකක් එනවා "අනික් ෆෝන් එක ඔෆ්නෙ" කියලා. මම රිප්ලයි කරා "තවත් මාත් එක්ක කතා කරන්නෙ නෑහෑයි කිව්ව නිසා ඒ ෆෝන් එක ඔන් කරලා වෑඩක් නෑහෑනෙ" කියලා. ඒ පාර එකටත් රිප්ලයි එකක් ආවා "ඔයා කතා කරන්නෙ නෑති නිසයි එහෙම කිව්වෙ" කියලා. ඒකට සද්ද නෑතුව හිටියා. ආපහු මෑසේජ් එකක් ආවා "ඔයාගේ තීරණේ ඕක නම්, මම කරදර කරන්නෙ නෑහෑ" කියලා. ඒකෙන් සන්වාදය ඉවරයි.

මේ වෙලාවට තමයි හිතෙන්නෙ ගෑණු කියන්නෙ වෙලාවකට මහම මහ කරදරයක් කියලා. මම ඒත් දවසකුත් විහිලුවෙන් වගේ එයට කිව්වා දෑන් මළ ඈනයක් වෙලා තියෙන්නෙ කියලත්. ඕන දෙයක් වෙච්චදෙන් කියලා ටික දවසක් සද්ද නෑතුව ඉන්නවා.

3 comments:

  1. navindra eika nam aththaa bro phon eika welawakata maha kara darayak visheshayen ganu lamayek innawaa nam.
    gedara awith wath tikak nidahase wena wadak karana ba eiyalata onee paya ganan ithin katha kara innaa nee, thrum karan nan harima amarui hee... nice daily diary keep it up

    ReplyDelete
  2. ඔව් මචන් මේවා ඉතින් මගේත් වෑරදි තමයි. මම තමයි මෙයාට මල්සිම් එකක් අරන් දුන්නෙ. නෑත්නම් ඉතින් පෑයගනන් කියවන්නෙ නෑහෑනෙ. මේ වගේ මෝඩකම් තවත්නම් කරන්නෙ නෑහෑ කියලා හිතාගෙනයි ඉන්නෙ.

    ඈරත් මේ කතාව කිව්වෙ, හවස හතට විතරත් කතා කර කර ඉඳලා, ආපහු සරයක් 8.20 ට වගේ සුපුරුදු වෙලාවට කතාකරද්දි.

    ReplyDelete
  3. ඔයා ඔය දාන ගෑස් ටික එයත් ඔයාට දාන්න ගත්ත දවසට තමා තේරෙන්නෙ..:P

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .