Powered By Blogger

Saturday, October 8, 2011

අද ඔක්තෝබර් අටවෙනි සෙනසුරාදා

අද නගරසභහ කිහිපයක් චන්දෙ දවසනෙ. ඒක නිසා ඔෆිස් එකේ කිහිපදෙනෙක් අඩුයි. ඒත් අද වික්ටෝරියා පාර්ක් අපාර්ට්මන්ට් එකේ, ගෑස් සිස්ටම් එක සර්විස් එක දාගෙන තිබුනනෙ. ඒක නිසා, උදේ ගෙදර ඉඳන්ම චමිල්ට කතා කරලා කිව්ව 9.00 වෙනකොට ගිහින් වෑඩේට යන්න ලෑස්තිවෙන්න කියලා. මොකද අද මම මගේ වෑඩවලට චමිලත් එක්ක යන්න දාගෙන හිටපු නිසා.

මම උදේ 9.10 ට යනකොටත් චමිල් ඔෆිස් ඈවිත් හිටියෙ නෑහෑ. අද සයිට් වල සේරම ඔෆිස් ඈවිත් හිටියා. මොකද චන්දෙ නිසා අද සයිට්වල ඒ හෑටි වෑඩක් කෙරෙන්නෙ නෑතුව ඈති.

9.30 ට මෙන්න චමිල් ආවා. මම මෑන් ආපු ගමන් පොඩි සද්දයක් එහෙම දාලයි කතාකරේ. මොකද බොසුයි අනික් සේරමයි ඉන්න තෑනට මේකා 9.30 ට වෑඩට එනවා. මිනිහා හෑබෑයි ඊයෙත් නිවාඩු අසනීප නිසා. ඒ නිසාම තමයි අදත් පරක්කුවෙලා ඈවිත් තියෙන්නෙ. හොඳටම හෙම්බිරිස්සාව හෑදිලා තියෙද්දිත් මම සර්විස් එකට යන්න ඕන කිව්ව නිසා තමයි ඈවිල්ලා තියෙන්නෙ.

මම කිව්වා සර්විස් එකට ගෙනියන්න ඕන කරන් බඩු ටික ලෑස්තිකරගන්න කියලා. මම එනගමන් මඟින් ඕන කරන කොටන් වේස්ට්, පේන්ට්, පේන්ට් බ්‍රෂ් අරගෙනයි ආවේ. ඒත් Teeepol එකක් ගන්න ලෑබුනෙ නෑහෑ.

අපි පොල්හේන්ගොඩ ඉඳන් ටවුන් හෝල් එකට යනකම්ම මගින් Teeepol ඩිෂ් වොෂ් හෙව්වත් ලෑබුනෙ නෑහෑ. සිල්ලර කඩවල් Teeepol නෑහෑ කියන්නෙ හරියට හෝටල්වල පරිප්පු නෑහෑ වගේනෙ. මොනව කරන්නද, චමිල් කිව්වා, එයා ඒ පෑත්තෙ කඩේකින් Teeepol එකක් ගන්නම් කියලා.

නාරහේන්පිටදි චමිලා කතා කරලා කිව්වා " ඒයා දෑන් මිරිහනෙන් පිටත් වෙන්නයි හදන්නෙ " කියලා. ම්ම කිව්වා " මටත් පරක්කු උනා, මම දෑන් යන්ගමන් නාරහේන්පිට ඉන්නෙ, ඔයා නුගේගොඩ ෆෑෂන් බග් එකට වෙලා ඉන්න. මම ඉක්මනට ටවුන් හෝල් ගිහිල්ලා එන්නම්" කියලා.

මම ගිහින් චමිල්ට කරන්න තියන වෑඩ ටික පෙන්නලා එහෙම, වසන්තටත් කතාකරලා කිව්වා " මට අද හදිස්සි වෑඩකට යන්න තියනව, චමිල් වෑඩේ කරගෙන යයි, ඕනකමක් උනොත් මට කෝල් කරන්න " කියලා.

එහෙම කියලා මම ඉක්මනට නුගේගොඩ එන්න ආවා. කිරුළපන හරියෙදි චමිලා කතා කරලා ඈහුවා මම කොහේද ඉන්නෙ කියලා. මම කිව්ව දෑන් කිරුලපන ඉන්නෙ, ඔයා දෑන් එලියට ඈවිත් ඉන්න කියලා. කොහොමත් දෑන් චමිලත්, එයාලගෙ ගෙදර අයත් දන්නවා මම වෙලාවක් කිව්වොත්, ඒ වෙලාවට එනෙනෙ නෑතිබව. හෑමදාම ලේට්. මට ඔය වෙලාවට තමයි අපේ හිටපු චන්ද්‍රිකා ජනධිපතිතුමිය මතක් වෙන්නෙ. එයාට කිව්වෙත් ඕල්වේස් ලේට් කියලනෙ.

චමිලව ගන්න කොට 11.45 ට වගේ ඈති. අපි එහෙමම වෑල්ලවත්තෙ පෑත්තට ගියා. 1.30 වගේ වෙනකන් චෑට් එකක් දාගෙන හිටියා. දවල් කෑම කන්න හයිඩ්පාර්ක් එකේ ෆුඩ් කෝනර් එකට ගියා. එහෙන් දවල්ට කාලා, අම්මා කිව්ව කප් කේක් හදන පේපර් බාස්කට්ස් තියනවද බලන් එන්න කියලා. සුපර්මාර්කට් එකට ගිහින් ඒවත් අරගෙන මහරගම එන්න ආවා.

අද තිබුණ ප්‍රධානම ඔෆිෂල් වෑඩේ තමයි, කාර්ඩ් බලන එකයි, කේක් බොක්ස් බලන එකයි. එදා අත්තිඩියේ කේක් හදන ඈන්ටි කිව්ව තෑනට තමයි අපි ආවේ.

ඒකේත් අතුරු කතාවක් තියනව.එදා ඈන්ටි කිව්ව, "මහරගම රෙඩ් ක්‍රොස් එක උඩ කඩයක් තියනවා, ඒකේ ඕන තරම් ඕය කාර්ඩ්, බොක්සස් තියනවා තෝරගන්න" කියලා. මම ඒත් කිහිප දෙනෙක්ගෙන් ඈහුවා, මහරගම් රෙඩ් ක්‍රොස් එක තියෙන්නෙ කොහේද කියලා. එත් කවුරුත් දන්නෙ නෑහෑ. චමිලගෙනුත් ඈහුවා, එයාලා ෂොපින් යන්නෙ මහරගම නිසා. ඒත් එයත් දෑනගෙනහිටියෙ නෑහෑ. ඒයා නිකමට වගේ අම්මගෙන් අහුවම කියල තියනව " ඔය කියන්නෙ, රෙඩ් රොස් එක වෙන්නෑති" කියලා. ඉතින් දෙයියනේ මහරගම නෑති රෙඩ් ක්‍රොස් එකක් කවුරුත් දෑනගන්න බෑහෑනෙ.මට ඈන්ටි 'රෙඩ් රෝස්' කියපු එක ඈහිල තියෙන්නෙ 'රෙඩ් ක්‍රොස්' කියලා. ඕක තමයි පටලෑවිල්ල.

එකනිසා අපි ගියේ කොහොමත් රෙඩ් රෝස් එක ගාවට. එතනින් ගිහින් අහුවම කිව්ව, උඩතට්ටුවෙ පාර පෑත්තෙ ඒ ශොප් එක තියෙන්නෙ කියලා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .