Powered By Blogger

Monday, November 14, 2011

අද නොවෑම්බර් දාහතරවෙනි සඳුඳා

කටුස්සන්ගෙ කරේ රන් බෑඳීම


පහුගිය සිකුරදයි, සෙනසුරාදයි වගේම අදත් ඔෆිස් ගියගමන් රෝෂිගෙන් ඈහුවෙ මන්ජුලා වෑඩට එන්නෙ නෑද්ද කියලා. මොකද මට සිකුරදා පොඩි ආරන්චියක් ආවා, අපේ තුන්කට්ටුව කියන කරන දේවල් නිසා, එයා අප්සෙට් එකේ හිටියෙ කියලා. හෑමදාම රෝෂි කිව්වෙ මන්ජුලාට අසනීපලු එකයි නෑත්තෙ කියලා. අද කියනවා එයාට ඈස් ලෙඩ හෑදිලලු ඒක නිසා ටික දවසක් යනකන් එන්න වෙන්නෙ නෑහෑයි කියලා.

අදත් ඈවිත් හිටියෙ නෑති නිසා, මට ආරන්චිවුන සිද්ධිය හරි වගේ. මට බොස් කතාකරපු වෑඩකට ගිහින් ඒකෙන් පස්සෙ නිකමට වගේ මම බොස්ගෙනුත් ඈහුවා මන්ජුලා වෑඩට එන්නෙ නෑද්ද කියලා. ඒ ගමන එයාත් කියනවා මන්ජුලාට ඈස් ලෙඩ හෑදිලා, ඒක නිසා දවස් කිහිපයකින් එන්නම් කිව්වා කියලා ඈවිත් PC එක දිහා බලාගෙන ඉන්න බෑරිනිසා. මම ඒ ගමන කිව්ව " මට හිතෙන විදිහට මන්ජුලා නෑවතිලා, මේ කස්ටිය මොනව හරි එයාට කියල තියනව. බදාදත් මොකහරි දෙයක් වෙලා තියනවා " කියලා.

එහෙම කියලා මම ඈවිත් මන්ජුලාගේ මේ දවස්වල හිටිය ගෝලයා, රුක්ෂාන්ට කතා කරලා බෑලුවම එයත් වෑඩට එන එක නවත්තලා. මම ඒත් කිව්ව ඈයි මටවත් කියන්නෙ නෑතුව නෑවතුනේ කියලා. එයා කියන්නෙත් හරියට වෑඩක් කරන්න බෑහෑ, සපොර්ට් එකක් නෑහෑ, ඈහුවම උත්තරයක් දෙන්න දන්නෙ නෑහෑ, ඒක නිසා එයාගෙන් මෙහෙට වෑඩක් වෙන්නෙ නෑතිනිසා නෑවතුනාලු. මම ඒත් එයාට කිව්ව, මන්ජුලාත් නෑවතිලාවෙගේ, මම මන්ජුලාට කතා කරලා ආපහු කතා කරන්නම් කියලා.

ඒ ගමන මම ආපහු ගිහින් බොස්ට කිව්වා, රුක්ෂාන්නුත් එන්නෙ නෑහෑලු. මන්ජුලාත් වෑඩට එන එකක් නෑහෑ. මේ කට්ටිය මොනව හරි එයාට කියලා තියනවා, බදාදා වෙලා තියන සිද්ධියක් තමයි ආසන්නම හේතුව කියලා. ඒ ගමන් බොස් කිව්වා, මට මන්ජුලාට කතා කරලා බලන්න, එයත් කතා කරන්නම් කියලා. මම ඈවිත් මගේ වෑඩ කරන්කොට මට ඈහුනා බොස් මන්ජුලා එක්ක කතා කරනවා. ඒක නිසා මමත් ඒ හුස්මටම කතා කරන එක හරි නෑතිනිසා මම දවල්වෙලා කතා කරනව කියලා හිතුවා.

මේක ගෑන ලොක්ක දෑනගෙන හිටියෙ නෑතිනිසා, ඔන්න ඒ ගමන ලොක්ක එයාගේ ගෝලයො දෙන්නව කාමරේට අරගෙන කතාව. දෑන් ඉතින් මොනවා කතා කරත් වෑඩක් නෑහෑනෙ. වෑඩේ වෙලා ඉවරනෙ. මේවා ඉතින් අපේ ලොක්කට හොඳ පාඩම්. ඒත් අපේ ලොක්කා වෙන කිසිම දෙයකින් පාඩමක් ඉගෙන ගන්න ජාතියෙ මිනිහෙක් නෙමෙයි.

අපේ ලොක්කගෙ සුවච , කීකරු, විශ්වාසවන්ත යයි කියාගන්න මේ ගෝලයෝ ආවට පස්සෙ ඈතිවුන සිද්දීන්වලින් අපේ කම්පෑණියෙ හිටපු වෑඩ දන්න, කරන්න පුළුවන් අය එක්කෙනා ගානේ අඩුවෙනවා. හෑබෑයි මම මේ තත්වය ඈතිවෙනබව අපේ හිටපු කට්ටියට කිව්වෙ මීට අවුරුදු දෙකකට වගේ කලින්. මම මේකේ අවුරුදු හතක් හිටිය නිසා, මේ වෑඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය මේ ව්දියට කෙරෙයි කියලා දෑක්කෙ ඒ දවස්වලමයි. කොහොමත් මේකේ ප්‍රතිඵල තවදුරටත් බලාගන්න පුළුවන් ඉදිරි මාස කිහිපය ඈතුලත. තවත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අයින් උනාම.

මේ කට්ටිය කියන කතා කොහොමත් මේ අයගෙන්ම ආරම්භවුන දේවල් කියලා මම හිතන්නෙ නෑහෑ. මේවගේ පටන්ගෑන්ම තියෙන්නෙ අනිවාර්යයෙන් අපේ බොස්ගෙන්. මේ කතා කියන අයට කිසිම අවබෝධයක් නෑහෑ වෑඩක් කරන්න දන්න මිනිහෙකුගෙ වටිනාකම. ඒ අය හිතන්නෙ ඒ අය තමයි දෑන් ඉන්න වීරයො කියලා. ඒ අයට වීරත්වයක් ඔලුවට දාලා දීලා තිබුණෙ අපේ බොස්ම තමයි. මොකද, මට ඒ කාලේ ආරන්චි වෙච්ච හෑටියට බොස් තමයි කියලා තිබුනෙ, ඔයාලා මෙන්න මෙහෙම තමයි ඉන්ජිනියර්ස්ලගෙන් ප්‍රශ්ණ කරන්න ඕන කියලා. ඔය වගේ ගොන් වෑඩත් එකක් අද එයාලට ප්‍රශ්ණ කරන්න ඉන්ජිනියර්ස්ලා ඉතුරුවෙලත් නෑහෑ. දෑන් ඉතින් එයාලට එයාලගෙන්ම තමයි ප්‍රශ්ණ කරගන්න වෙලා තියෙන්නෙ අපි මොකක්ද කරේ කියලා.

මම කොහොමත් මේ අයට ඉස්සරත් කියලා තියනවා, බොස් කෙනෙක් කියන හෑමදෙයක්ම, හෑමතිස්සෙම හරි දේ නෙමෙයි. අපි එයා කියන දේට එකඟ නෑත්නම් මේක මෙහෙම කරන්න බෑහෑ, මෙහෙම කරමු කියන එකයි කරන්න ඕන කියලා. බොස් කියන දේට හා සර්, ඔව් සර්, ඒක හරි සර්, එහෙම කරමු සර්, කියන එක නෙමෙයි හරියට රස්සාවක් කරනවා කියන්නෙ. කරන්න බෑරි දේට බෑහෑ කියන්න ඕන. බොස්ව සතුටු කරන්නත්, එයාගෙන් හොඳනම ගන්නනම් මේ උත්තර හොඳයි. මේ ගෝලයන්ට ඕන උනෙත් මෙච්චරයිනෙ. ඒත් අපි එහෙම නෑති නිසා අපි මේ කම්පෑණියට හොඳ නෑති මිනිස්සු.

මේ දෙන්නගෙන් එක්කෙනෙක් මගේ නම නොකිය කියලත් තිබුණ ඔය ඩිග්‍රි තිබුනට, උගත් කියන අය කිසිම වෑදගත් කමක් නෑහෑ කියලා. හෑබෑයි මේ දෙන්නගෙම වෑදගත්කමෙ තරම ඔෆිස් එකේ වෑඩ කරන හෑමොටම පේනවා. මේ අයගෙ ඔෆිස් එකේ වෑදගත් හෑසිරීම මට මේකේ ලියන්නත් බෑහෑ.

මේක කියවන අයට සමහරවිට වෑරදි වෑටහීමක් එන්න පුළුවන්, මම මේ දේවල් කියන්නෙ මේ අය ගෑන තරහකින් කියලා. නමුත් මම කියන්නෙ මම දකින, තේරෙන සහ වෙන දේ සහ මම අතීතයේ මෙහෙම වෙනවා කියලා දෑකලා, අනාවෑකි කියලා තිබුණ දේවල් දෑන් යථාර්තයක් වෙලා තියන් බව කියන්න විතරයි.

මම අවන්කවම පිළිගන්නව කිසියම් දෙයක් හරි විදිහට නොකරත්, පිළිවෙලකට වෑඩක් මේ අයනිසා කෙරුනා කියලා. මොකද මීට අවුරුදු දෙකකට කලින් අපිට හිටියෙ මාස හයෙන් හයට වගේ මාරුවෙන පිරිසක්. ඒක නිසා වෑඩක් පිළිවෙලකට උනේ නෑහෑ.ඒත් ඒ කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ඈත්තෙ නෑහෑ, අනික් පෑත්තට කරන කියන වෑඩ වලින්. මේ අය කරගෙන තියෙන්නෙ හරියට කිරි දොවලා, ඒකට ගොම දාගත්තා වගේ වෑඩක්.අන්තිමට මේ අයට වෑඩ කරන්න ඉතුරු වෙන්නෙ බොස් විතරක් වෙන්නත් බෑරි නෑහෑ, මේ තත්වය වෙනස් නොවී ඉදිරියටත් ගියොත්.

මේකට විසඳුම තියෙන්නෙ මේ අයගෙ ක්‍රියා කලාපෙ මතම නෙමෙයි, බොස්ගෙ ක්‍රියා කලාපය මත. මේ වෙන දේවල් වලින්වත් පාඩමක් ඉගෙනගෙන, වෑඩ කරන මිනිස්සුන්ට ඒ හෑටියට සලකන්න, නිසි තෑන දෙන්නත්, ඊට පහතින් ඉන්න ඕන අයගේ සීමාවල තියන්නත් දෑනගන්න ඕන. ඒ සීමාවන් ඉක්මවල තෑබීම තමයි මේ කඩා වෑටීමට මූලික හේතුව විදිහට මම දකින්නෙ. ( මට මතක් වෙන්නෙ අර " කටුස්සන්ගෙ කරේ රන් බෑන්ඳා වගේ " කියලා කතාවක් තියනවනෙ. අන්න ඒ කතාව මේකට හරියටම ගෑලපෙනවා )

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .