Powered By Blogger

Friday, November 4, 2011

අද නොවෑම්බර් හතරවෙනි සිකුරාදා

අද උදේන්ම මගේ උපාධි සහතිකේ අරගෙන ID ඔෆිස් එකට යන්න හිතන් හිටියෙ. ඒත් උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා කිව්ව PEO TV කනෙක්ෂන් එක දෙන්න එනවා කියලා. අපේ අම්මලා, තාත්තලට ඔය කියන දේවල් මතක තියාගන්නත් බෑහෑනෙ. ඒක නිසා ඒ ගොල්ලො ඈවිත් වෑඩේ කරාම යනවයි කියලා හිතුවා.

හෑබෑයි 8.15 වගේ වෙනකොට ටෙලිකොම එකේ අය ආවා. ඈවිත් වයරින් එක කරලා ලෑස්තිවෙනකොට, මම PC එක දාලා එයාලගේ රවුටරේ සෙටප් කරල දුන්න වෑඩේ ඉක්මන් වෙන්න. කොහොමහරි ඒ අයගේ වෑඩේ විනාඩි 15න් වගේ ඉවරයි. ඒත් මගේ කනෙක්ෂන් එක ඈක්ටිවේට් කරගන්න එයාලා කොළඹට කතා කරා, පෑය භාගයක් විතර. ඒත් කිසිම කෙනෙක් ආන්සර් කරේ නෑහෑ. අනේ මන්දා, තාමත් මේකෙ අය වෑඩකරන්න හරියට ආණ්ඩුවේ කන්තෝරුවල වගේද කොහෙදො. ටෙලිකොම් එකේම අය ඉන්ටනල් නොම්මරේකට කතාකරාම ආන්සර් කරන්නෙ නෑත්නම්, කස්ටමර් කෙනෙක් හොට් ලයින් එකට කතා කරාම ආන්සර් කරාවිද?

වෑඩේ හරියන්නෙ නෑති නිසා, මම කරන්න ඕනටික ආපු අයගෙන් අහගත්ත. හවසට ගෙදර ආවම බලන්නම් කියලා කිව්ව. කෝකටත් කියලා, ආපු එක්කෙනෙක්ගෙ මොබයිල් නොම්මරේ දීලයි ගියෙ.

ඊයේ, සුදු පුන්චියි, මද්දු අම්මයි ඈවිත් තිබුණ. ඒ දෙන්නව අද උදේ රත්මලානෙ මානෙල් කුඩම්මලයි ගෙදරට දාන්න කිව්ව. ඒක නිසා ඒ දෙන්නත් එක්කම මම වෑඩට එන්න ආවා. රත්මලානෙ, තාප්පෙ හන්දියෙන් ඒ දෙන්නව බස්සවලා, මම කෙලින්ම ගියා ID ඔෆිස් එකට. එතනට ගිහින් 9 කවුළුවට ගිහින් කිව්වා, මෙහෙම සිද්ධියකට ආවෙ කියලා. එතන හිටපු කෙනා මගේ ෆයිල් එක අරගෙන ටිකක් ඉන්න කිව්වා, කවෘ හරි එනකන් සහකාර කොමසාරිස් ගාවට යවන්න කියලා. මේ අස්සේ තවත් දෙමළ ලමයෙකුත් ඈවිත් හිටියා, එයාගේ නම දෙමළෙන් ලියාගන්න ඕන කියාල. ඉතින් අපි දෙන්නටම, වාත වෙවි ඉන්න උනා, කවුරුහරි එනකන් ඈතුලට අපිව ගෙනියන්න.

මුලින්ම අර ළමයා ගිහින් එයාගේ ඕනකම සහකාර කොමසාරිස්ට කිව්ව. මම ඉතින් දොරළඟ බලන් ඉන්නවා. මොකද ඈතුලට යන්න දෙන්නෙ නෑහෑනෙ. ටික වෙලාවකින් මට සහකාර කොමසාරිස් කතා කරලා ඈහුවා " ඔයාගේ ප්‍රශ්ණෙ මොකද්ද? " කියලා. මම කිව්ව " ඊයෙ මම ඈප්ලයි කරේ, ඒත් උපාධි සහතිකේ ඔරිජිනල් එක බලන්න ඕන කියලා, අද මට ගෙනෑත් පෙන්නන්න කිව්ව. ඒකයි මේ ඒක පෙන්නන්න ආවේ " කියලා. ඒ පාර මෑන් කියපි " මම ඒක දෑන් ප්‍රොසීඩ් කරන්න යෑව්ව " කියලා. මට ඉතින් වෑඩේට යකාත් නෑග්ගා. එහෙනම් මොන කෙහෙම්මලකටද මට අද මේකත් අරන්න කිව්වෙ කියලා හිතුනා. ඒත් ඉතින් මොකුත් කියන්නත් බෑහෑනෙ, මගේ වෑඩේ කරගන්න ඕනනෙ. මම ඉතින් හවසට ඈවිත් ID එක ගන්නවා කියලා හිතන් ඔෆිස් එකට ගියා.

ඔෆිස් එකට යන්කොට 11.00 ට වගේ ඈති. යනකොට බොස් හිටියා. එයා කතා කරලා කිව්ව ' සයිට් වල වෑඩ ගෑන කතාකරන්නත් බෑරි උනානෙ, ටිකක් ඒ ගෑන බලමු " කියලා. ඒ පාර මම බොස්ට මගේ සයිට් වල කරන්ට් සිටුඑෂන් එක ගෑන කිව්ව.

යනකොට රුක්ෂානුත් හිටියා. මම ඉතින් එයාට කිව්වා " මට වෑඩ වගයක් කරගන්න තියනවා, ඒක නිසා මම දෙන ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන මාළඹේ මීටින් එක පෑත්තෙ ගිහින් එන්න " කියලා. එහෙම කියලා මම ඒ ටික ලෑස්තිකරල දීලා, ඊයේ ගත්ත 35mm කොපර් එල්බෝටිකත් ජයසේනට දෙනන කිව්ව.

ඊට පස්සේ මට්ටක්කුලියෙ සයිට් එකේ යවන්න තිබුණ සේරම ප්‍රොෆෝර්මා ඉන්වොයිස් ටික ලෑස්ති කරලා, ඒවට අදාල කවරින් ලෙටර්ස් හදලා එන්වලොප් එකක දාලා ගිහින් දෙන්න ලෑස්තිකරා.

මේ ටික කරලා දවල් වෙලා තිබුන නිසා කෑම කෑවා. කාලා ඉවර වෙලා, පොඩි කොටේෂන් එකක් ඉල්ලලා තිබුන, ෆයර් එක්ස්ටින්ගිෂර්ස් වගයකට. ඒකත් කරලා ෆෑක්ස් කරන්න කිව්ව.

ඊළඟට අපේ කිලියරින්ග් ඒජන්ට්ගෙ වෑඩේ. අපේ සප්ලයර්ගේ ඉන්වොයිස් කොපි අපෑහෑදිලියි කියලා බෑන්කුවෙන් අත්සන කරලා දීලා තිබුනෙ නෑහෑ. ඒ නිසා ඒ ටිකත් පෑහෑදිලිව හදලා දීලා, නිශාන්තිට ෆෑක්ස් කරන්න කිව්ව.

එ වෙනකොට වෙලාව 4.00 ට කිට්ටුයි. මම ID එක ගන්න යන්න ඕනනෙ. වෑන් එක වෙනකට් අරන් ගියා තාම නෑහෑ. ත්‍රිවීලරයකට කතා කරගෙන ID ඔෆිස් එකට ගියා. අන්තිම වෙලාවනෙ, කට්ටිය සූ ගාලා ID ගන්න පෝලිමේ. මම ගිහින් එතන ඉන්න සිවිල් ආරක්ෂකයෙක්ට කිව්ව ( ඒ ගොල්ලො එතන ඩියුටි ) "මම ඊයේ දුන්නෙ, අඩුපාඩුවක් නිසා අද තමයි ගන්නෙ " කියලා. ඒ පාර එයා ෆයිල් එකක් අරගෙන මගේ නම අහලා, මගේ ID එක තියන් ෆයිල් එක නිකුත්කරන එක්කෙනාට දුන්න.හොඳ වෙලාවට කිසිම අවුලක් නෑතුව ඓඪ් එක ප්‍රින්ට් කරලා තිබ්බ. ඒ පාර මම ඒකත් අරගෙන ඔෆිස් එන්න ආවා.

ආපහු තිබුණ වෑඩ වගයක් කරලා, 6.00 ට වගේ ගෙදර එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .