Powered By Blogger

Tuesday, November 8, 2011

අද නොවෑම්බර් අටවෙනි අඟහරුවාදා

අද වෑඩට යනකොට උදේ 9.20 ට වගේ ඈති. උදේන්ම චමිල්ට කතා කරලා වෑඩක් කිව්වත්, මෑන් ඈවිල්ලවත් හිටියෙ නෑහෑ. මාව දෑකපු බොස් ඈවිල්ලා ඈහුවා " නවින්, ඊයේ කතා කරපු වෑඩව්ලින් මොනවද කරන්න පුළුවන් උනේ? " කියලත්. මම ඒත් කිව්වා, මේ ගමනේ යෑම් නිසා වෑඩටික කරගන්න වෙලාවක් නෑහෑ කියලා.

චමිල් ආවේ 10.00 ට වගේ. 8.00 වෑඩට එන්න ඕන මින්ස්සු එන්නෙ 10.00 ට. අනේ මම දන්නෙ නෑහෑ මේවා කොහොම හදන්නද කියලා. වේලාවට වෑඩට එන්නෙ නෑද්ද ඈහුවම උන් අහන්නෙ " වෙලාවට පඩි දෙනවද?" කියලා. මේ ප්‍රශ්ණෙ අසාධාරණ එකක් උනත්, අපේ කම්පෑණියෙ ප්‍රශ්ණ නිසා සමහරවෙලාවට අපිට කරන්න කියන්න දෙයක් නෑතිවෙනවා.

චමිල් එනකන් මම CECB එකෙන් ඉල්ලලා තියෙන ගෑස් ඩිටෙක්ෂන් BOQ එක ප්‍රයිස් කරන්න ගත්ත. ඒත් එක ලේසි පහසු වෑඩක් නෙමෙයි. කවදාවත් නොකරපු සබ්ජෙක්ට් එකක්නෙ. වෑරදීමක් වෙලා තිබුනොත් වෑඩේ අතින් කයිට් තමයි. පුළුවන් ටික ප්‍රයිස් කරා. තව දේවල් ටිකක් බොස් ආවහම අහලා දානවා කියලා හිතුවා.

දවල්ට අද වේලාසනින්ම කෑවා. ඒ කිව්වෙ 1.00 ට වෑගේ. කාලා චමිල්නුයි, නිමලුයි එක්ක මාළඹේ යන්න ගියා. ජයසේන තව 50mm බ්‍රෑකට් ඉල්ලුවා. එක නිසා ඒ ටික ගන්න මුලින්ම කොහුවලට ගියේ. කොහුවලින් බ්‍රෑකට් 40 ක් ගත්තා. ඒටිකත් අරගෙන මාළඹේ ගියා. ගිහින් හවස් වෙනකන්ම වෑකියුම් එකේයි, ගෑස් එකෙයි මෙෂර්මන්ට්ස් ගත්තා. මොකද, ජයසේනලාට සතුට බිල්ඩර්සලා ගෙව්වට, අපිට ගෙවන්න නම් අපි බිල දාන්න එපෑයි. ඔය වෑඩේ ඉවරවෙනකොට 6.00 ට වගේ ඈති.

ඊළඟට රෝෂි කතා කරලා කිව්ව " අනුරාධ, 110 පයිප්ප කෑලි වලටයි, බ්ලෝවර් එකටයි ගේට් පාස් එකක් දෑම්ම" කියලා. ඒ ගමන අනුරාධට කතා කරලා ඈහුවා, මම තාම මාළඹේ ඉන්නෙ තවටිකකින් එන්නම් කියලා. ඒ ගමන සෙත්සිරිපායට ගියා ඒ බඩු ටික ගන්න. මොකද, හෙට මේවා මට්ටක්කුලියෙ ගෙනියන්න ඕනනෙ.

මේටික අරගෙන එහෙ කට්ටියත් එක්ක කතා කරලා කාරිය එනකොට 7.00 ත් පහුවෙලා. වෑන් එකේ බට පුරවලා වෑඩි නිසා, ඔෆිස් එකට ගිහින් දෑම්ම, හෙට උදේට ඈවිත් ආපහු දාගන්නව කියලා.

කොහොමහරි අද ගෙදර එනකොට වෙලාව 8.00 ත් පෑනලා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .