Powered By Blogger

Sunday, November 13, 2011

අද නොවෑම්බර් දහතුන්වෙනි ඉරිදා

අද උදේ නෑගිටිනකොට වෙලාව 6.15 යි. නෑගිටල ගිහින් බලනකොට අම්ම නිදි. තාත්තනම් ඈහෑරිලා TV බල බල හිටියා. කුස්සියට ගිහින් තේ හදන්න වතුර කේතලේ තියලා ඈවිත් PC එක ළඟ වාඩිවෙලා බෑලුවා ඊයේ රෑ ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබ්බ , ලොක්ක ඉල්ලපු මියුසික් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරද කියලා. ඒක ඉවර වෙලා තිබුණ. Pause කරලා තිබුණ 6 GB එක රෙසියුම් කරලා, ආවා තේහදන්න.

ඈවිත් කෝපි හෑදුවා. කෝපි එකත් අරගෙන ආපහු ආවා ඵ්C එක ළඟට. ඈවිත් පොඩ්ඩක් සර්ෆ් පාරක් දෑම්මා. ඊට පස්සෙ, වාහනේ සර්විස් එකට දාන්න ඕන නිසා, යම්තම් මූණකට හෝදගෙන ඈඳුමක් දාගත්ත. වාහනේ තිබුණ සේරම අඩුම කුඩුම ටික පිලෙන් බාලා, වෑන් එක අරගෙන ගියා පල්ලිමුල්ල හන්දියෙ තියෙන සර්විස් ස්ටෙෂන් එකට.

අම්ම කිව්වා, උදේට කන්න වන්ඩු ආප්ප ගේන්න කියලා. ඒක නිසා යනගමන්ම වන්ඩු ගන්න කඩේට ගියා. මම ගිහින් වන්ඩු 6ක් ඉල්ලුවා. කඩේ තිබුනෙ හතයි. තව මෑන් කෙනෙක් ඈවිත් කන්න වන්ඩුවක් ඉල්ලුවා. හොඳ වෙලාඅවට ගියේ. නෑත්නම් සොරි තමයි.

ඒකත් අරගෙන යනකොට, එක වෑන් එකක් එතෑනට ගෙනෑත් තිබුන. ඒකේ වෑඩ පටන් අරගෙනයි තිබුනෙ. මම දෙවෑනියා. මම ඒත් ඔෆිස් කෙකේ මෑන් එනකන් ඉඳලා, මේ මේ ටික කරන්න කියලා එන්න ආවා.

ඈවිත් 7.30 ට රිවිදින අරුණෑල්ල බලබල කෑවා. වෑස්සත් නෑති එකේ, උදේන්ම වෑඩ පටන් ගන්න හිතුවා. ඒක නිසා මූණ කට හෝදගෙන ෂෝටක් දාගෙන වත්තේ වෑඩට බෑස්සා.

මුලින්ම කරේ ග්‍රාස්කටර් එක දාගෙන ඉස්සරහ ඉතුරුවෙලා තිබුණ හරිය කපන්න පටන්ගත්ත එක. ටිකක් වෙලා කපලා, සරික්කමුල්ලට යන්න ගියා. මොකද අම්ම කිව්වා, පුළුවන්නම් දෙල් ගෙඩියක් අරන් එන්න කියලා. ඒපාර මම දෙල්ගෙඩියකුයි, අඹගෙඩි තුනකුයි අරන් ආවා. අඹ මාලුව කියන්නෙ මගේ ප්‍රියතම කෑමක්. මාර්කට් එකේ අඹ තියනව දෑක්කොත් මම ගෙනියන්න අමතක කරන්නෙ නෑහෑ.

ආපහු ඈවිත් වත්ත සුද්දකරා දවල් වෙනකන්ම. එකට වගේ ඈවිත් දවල්ට කෑවා. දවල් කෑම කාලා පොඩ්ඩක් සර්ෆ් පාරක් දාලා, ලොක්ක කියපු කෑලෑන්ඩරේ වෑඩෙයි, නිව් ඉයර් කාර්ඩ් එකේ වෑඩෙයි කරන්න පින්තූර ටිකක් හෙව්වා. ඒටික සේව්කරලා තියලා, ආපහුගියා වත්තෙ වෑඩට.

ඒ ගමන් ගිහින් මුලින්ම, මම පස් බෑඳලා මුල් අද්දව ගත්ත පේර ඉත්ත, ලොකු මල් පෝච්චියක ඉන්දුවා. මේ පේර ගහ ලොකු අයියයි, මමයි ගිහින් කොළඹ මහජන පුස්තකාලේ ඉස්සරහ තියන පෑල තවානෙන් ගෙනාවෙ 2004 හරි 2005 හරි. ඒ එක්ක ගෙනාපු අඹගහේ ඉස්සර අතු පහත්වෙන්න ගෙඩි එනවා. දෑන් නම් එන්නෙ කිහිපයයි. එ වෙල්ලෙයි කොළොම්ඹන් පෑළයක්. ඉදුන ගෙඩිවල රස කියලා වෑඩක් නෑහෑ. මේ කියපු පේරගහේ අතු බද්දකරලා හදාගත්ත ගහක් තාමත් තියනවා ගේ පිටිපස්සෙ. ඒත් ඒක අපි ඕකිඩ් වවන්න ගත්තම ඒක ඈතුලෙ තියෙන්නෙ. ගෙඩි හෑදුනත් වෑඩිය කන්නෙ නෑහෑ, ඕකීඩ් වලට බෙහෙත් ගහන නිසා.

අනික පේර ගහේ කොලයක් කොලයක් ගානේ, කොඩයො කූඩු හදනවා. ඒක නිසයි මේ ගමන, පොච්චියක් ඉන්දල බලන්න හිතුවෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා. දෑන් මගේ පෝච්චියෙ තියෙන උගුරෑස්ස පෑලේ ගෙඩි එනවා. අදත් දෑක්ක ඉදුනු ගෙඩි තුන හතරක් තියනවා. ඒත් කඩලා කන්න බෑරි උනානෙ.

වෑන් එක ගෙන්නත් ඕනනෙ. පොඩි අයියට කිව්වා, මාව සර්විස් ස්ටේෂන් එක ගාවට ගිහින් දාන්න කියලා වෑන් එක ගේන්න. එයා මාව එතෑනින් දාලා ආවා. මම උදේ කිව්වා මෙයාලට ඩිෆරන්ෂල් ඔයිල් මේ ගමන මාරු කරන්න කියලා. ඒත් ඩිෆරන්ෂල් ඔයිල් ඩ්‍රේන් ඈනේ, තදයිලු. ඒක නිසා ගෑරෙජ් එකකට ගිහින් බුරුල් කරගෙන එන්න කිව්වා. මම ගෑරෙජ් දෙකකටම ගියත්, වෑඩේ කරගන්න බෑරිඋනා, මොක්ද අද ඉරිදනෙ, ඊටත් වෑඩිය හවස් වෙලානෙ. මම ඉතින් ඒ අදහස අත ඈරලා ආව.මම එතන ගනන් බේරලා, ගෝලයො දෙන්නට 100 ගනේ ටිප් එකත් දීලා එන්න ආවා.

වෙන කතාවලට ගියාම, මුල් කතාව අමතක වෙනවනෙ. උදේ ඉඳන් සුද්දකරපුවා පුච්චන්න ගත්තා. කුණුටික පුච්චලා ඉවරවෙලා, මිරිස් වගාවට කාලෙකින් පොහොර දාන්න බෑරිඋන නිසා පොහොර දෑම්මා. ඒ එක්කම, පෝච්චිවල ඉන්දල තියෙන උගුරෑස්ස පෑලේටත්, දොඩම් පෑලේටත්, වෙරලු පෑලේටත් පොහොර දෑම්මා සති තුනකින් විතර.

මේ වෙනකොට හවස් වෙලා, අම්ම තේ හදලා අඬගෑහුවා තේ බොන්න. තේකත් බීලා, තිබුන ඉතුරු වෑඩ ටික ඉවරකරලා, අන්තිම වෑඩේ, පොල්ගෙඩි තුනක් ලෙලිගහලා දීලා වත්තෙ වෑඩට තිත තිබ්බා.

ඊට පස්සේ 6.00 ට වෙගේ නාගෙන කරෙගෙන ආවා. ඈවිත් කෑමරාමන්ට කතා කරලා ඈහුවා ඒහේ එන්නද කියලා. එයා කිව්වා, දෑන් ගමනක් යන්න හදන්නෙ, ඊටත් වෑඩිය පාර වතුර ප්යිප්ප දාන්න කඩලා තියන නිසා, වාහනෙන් එන්නත් බෑහෑනෙ, ලබන ඉරිදට එන්න කියලා.

ඒ ගමන් PC එකට ඈවිත් දින පොත කොටන්න ගත්තා. දෑන් කොටලා ඉවරයි. වෙලාව 7.40 ‍යි. ඔෆිස් එකේ වෑඩ ටිකක් තියනවා. ඒ ටික බලන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .