Powered By Blogger

Friday, September 30, 2011

අද සෑප්තෑම්බර් තිස්වෙනි සිකුරදා

අද මාළඹේ සයිට් එකේ වෑඩ පටන් ගන්න කියලා බොස් කිව්වා. උදේට ජයසේන එයි කිව්ව. ජයසේනට කරපු වෑඩ වලට පේමන්ට් එකත් උදේට දෙන්න කිව්ව.

මට ඊයේ ඩ්‍රොවින් එක ගන්නත් බෑරිඋන නිසා, මම ඔෆිස් එකට ගියා ඒක ගන්න. ඊළඟට වෑඩ කරන්න ඕන්කරන බ්‍රෑකට් තිබුනෙත් නෑතිනිසා ඒවත් අරන් එන්න කියලා, ජයසේන කිව්වා. ඒ ටිකත් අරගෙන, ජයසේනගෙ සල්ලිත් අරගෙන මම සයිට් එකට යනකොට වෙලාව 10.15 ට වගේ ඈති.

චින්තක කොහොමත් ජයසේනට වෑඩ පටන්ගන්න දීලා තිබුනෙ නෑහෑ, ප්‍රශ්නත් එක්ක. මට ඈවිත් ජයවර්ධනත් එක්ක කතා කරලම වෑඩ පටන් ගන්න කිව්වා.

මම ගිහින් ජයවර්ධන ලොක්කව හම්බ උනා. මෑන් අහනවා " දෑන් මොකද කරන්නෙ?" කියලා. මම කිව්වා " අද අපි ආපහු වෑඩ පටන් ගන්නවා, අපිට කරන වෑඩ වලට සතිපතා ගෙවන්න" කියලා. ජයවර්ධන කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. කතා කරන්නෙත් මහ ජරා විදිහට. මොනවා උනත් මිනිස්සු දෑන ගන්න ඕන වෑදගත් විදිහට කතා කරන්න. මිනිහ සමහර වෙලාවට කතා කරන්නෙ සත්තුන්ට වගේ. මිනිහගේ කෙස් ඉදිල තියෙන්නෙ අකලටද කියල්ත් මට හිතෙනවා. අපේ මීටත් වඩා ප්‍රශ්ණ තියෙන සයිට් තිබුණ. ඒත් ඒ මිනිස්සු මීට වඩා වෑදගත් විදිහට තමයි, ප්‍රශ්ණ තියනවා කතා කරලා විසඳුවෙ. මොනවා කරන්නද? හෑම මනුස්සයෙක්ම එක වගේ නෑහෑනෙ. වෑදගත්කම කියන එක, උගත්කමයි, අධ්යාපනයයි තිබුනට ලෑබෙන්නෙ නෑහෑනෙ. ඒක පිහිටන්නෙ, මිනිස්සුන්ගේ සමාජ තත්වයත් එක්ක බව තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.

කොහොමහරි සයිට් මීටින් එකට යන් කිව්වා. එතනදිත් ලෝකේ නෑති දේවල් කියලා, කරගෙන යන වෑඩේ පටන් ගන්නකො කිව්වා. ඒකත් කිව්වෙ නිකන් ඕනවට එපාවට වගේ. අපේ අනිත් වෑඩ පස්සේ බලමු කියනවා.

වෑඩකරලා, කරපු වෑඩේට ගෙවන්න බෑහෑයි කියන මිනිස්සු එක්ක තමයි අපි මේ වෑඩ කරන්නෙ. අපේ චින්තකත් දෑන් අපේ බිල ප්‍රොසෙස් කරන්නෙ නෑහෑ. අඩුමගානේ බිල බලලවත් තිබුනෙ නෑහෑ. එයාලා අරන් දීපු බඩුවලට අඩු කරපු හෑටි තේරෙන්නෙ නෑහෑ කිව්වා. මම කිව්ව " කිසිම අසධාරනයක් නෑති විදිහට තමයි, ඒවා අඩුකරේ " කියලා.

Thursday, September 29, 2011

අද සෑප්තෑම්බර් විසිනමවෙනි බ්‍රහස්පතින්දා

අද උදෙත් මදුසන්කවත් අරගෙන ඔෆිස් එන්න ආවේ. මොකද, ඊයේ එයාගේ බෑන්කුවෙ වෑඩේ කරගන්න බරිඋනානේ මාත් එක්ක පෑලියගොඩ චාටර් කාපුනිසා. මදුසන්කව නුගේගොඩින් බස්සලා මම ඔෆිස් ගියා.

මට උදේන්ම කරන්න තිබුණෙ, මාළඹේ සයිට් එකට ඕන කරන බඩු ලයිස්තුව හදන එක. ඒක කර කර ඉන්නකොට මදුසන්කත් ඔෆිස් එකට ආවා. මම කිව්ව එයාට " මට්ටක්කුලියෙ බිලේ වෑඩේ බලන්න මම කරන වෑඩේ ඉවරවෙනකන් " කියලා.

මගේ වෑඩේ කරල ඉවරවෙලා, මම මදුසන්ක හදපු බිලේ, මේන් පේජ් එකයි, කවරින් ලෙටර් එකයි ලෑස්තිකරා. ඒටික කරලා මම බිලේ ප්‍රින්ට් අවුට්ස් අරන්, මෙෂර්මන් ඩ්‍රොවින් ටික ගන්න කියලා මදුසන්කට කිව්වා.

සුරන්දි මේ දවස්වල නිවාඩු නිසා, ට්‍රිලියම් එකේ සුපර්විෂන් නෑහෑනෙ. ඒක නිසා මට ඒපෑත්ත බලන්නත් වෙලා තියනව මේ දවස්ටිකේ. මම ට්‍රිලියම් එක පෑත්තෙ විසිට් එකක් දාලා එනකන්, අර ඩ්‍රොවින් ටික අරන් තියන්න කියලා මම පිටත් උනා.

දෑන් කොහොමත් බඩු වෑඩිත් එක්ක සයිට් එකේ. සුරන්දි වෑඩිපුරත් එක්ක බඩු ඕඩර් කරලා. . . . . කොහොම උනත් දෑන් වෑඩේ යනවනෙ. ක්ලයන්ට්ගෙනුයි, කන්සල්ටන්ගෙනුයි, මේන් කන්ට්‍රෑක්ටර්ගෙනුයි දෑන් අවුලක් නෑහෑ. වෑඩේ වෙලාවට කෙරෙනවනම් කොහොමත් සයිට් කරන එක ලේසියි. එත් ඉතින් මොනවා කරන්නද? අපේ මේ ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම් එකත් එක්ක එක සයිට් එකක්වත් හරියට ගොඩ දාගන්න බෑහෑනෙ. මේවගේ සපෝර්ට් එකක් දෙනවනම්, අපිත් දෙනවා වෑඩේ එළකිරි වගේ.

සයිට් එකේදි, Mr. එරිල් හම්බ උනා. එයා තමයි දෑන් ට්‍රිලියම් සයිට් එකේ නේවාසික ඉන්ජිනේරුවා. ම්නිහත් දෑන් වෑඩයන තත්වේ ගෑන සතුටුයි. වෙච්ච දේවල් ගෑන එහෙම පොඩි චෑට් එකක් දාගෙන හිටියා. ආ ගිය කතාබහක් එහෙම දාලා එන්න ආවා.

සන්කෙන් එකේ අයටත් එක දාගන්න ඕනනෙ, සයිට් එකට ආවම. ඉතින් ඒ අයටත් පෙනිලා කාරිය, අපේ මෑන්ස්ලගෙ වෑඩ බලන්න උඩට ගියා. වෑඩේ, තුන්වෙනි තට්ටුවටම ඈවිත් දෑන්. තව සති එකහමාරකින් වගේ ලොබිවල වෑඩ ඉවරවෙයි. ඊලඟටත් ලොකු වෑඩක් තියනවා. රයිසර් එකයි, මීටර් ඈල්ලිල්ලයි පටන් ගන්න ඕන. ඒක ලබන සතියෙ ප්ලෑන් කරන්න වෙනවා.

ආපහු ඔෆිස් එකට ආවා. ඈවිත් මේල් වගයක් ගහන්න තිබුනා. ඒටික කරලා දෑම්මා.

ගෑණු ළමයගෙන් හෑමදාම වගේ කම්ප්ලේන්, කරන්න තියන වෑඩ ගෑන බලන්නෙ නෑහෑ, උනන්දුවක් නෑහෑ කියලා. ඒකනිසා මදුසන්කට කිව්වා, යනගමන් කාර්ඩ් වෑඩෙයි, කේක් වෑඩෙයි බලන්න යමු කියලා, එයාගේ මල්ලිගෙ වෙඩින් එකට ගිය තෑන්වලට.

මුලින්ම ගියා නුගේගොඩ කාර්ඩ් මෑන් ගාවට. ගිහින් එයා ළඟ තිබුන සාම්පල් කාරිය බෑලුවා. ඒත් ඒවා ගෑණු ළමයට පෙන්නලනෙ ඈප්පෘවල් එකක් ගන්න ඕන. එයාවත් අරගෙන දවසක එන්නම් කියලා එන්න ආවා. ඊළඟට යනගමන් රත්මලනේ තාප්පෙ හන්දියෙ තෑනකට ගියා කේක් වෑඩේ බලන්න. මම කිව්ව විදිහට ලොකුවට කේක් කෑල්ලක් හදන්න 60ක් වත් ඕන කිව්ව. ඒත් මදුසන්ක කිව්වා, කියන ගානටම කෑමති වෙන්න එපා, අඩුකරගන්න බලන්න කියලා. ලබන සඳුඳා හවසට සාම්ප්ල් කෑල්ලක් දෙනනම් කිව්වා. ඒකත් බලලම ඕඩර් එක දෙන්න ඕන ලබන සතියෙවත්, මොකද කේක් එක මාස දෙක තුනකට කලින් දාන්න එපෑයි.

ඒ ටික කරගෙන ගෙදර එන්න ආවා. මදුසන්ක ගොළුමඩම හන්දියෙන් බෑස්ස. ගෙදර එනකොට වෙලාව 7.30 ට වගේ ඈති. තේකක් එහෙම බීලා, ඩයරිය කොටන්න ගත්ත.

Wednesday, September 28, 2011

අද සෑප්තෑම්බර් විසිඅටවෙනි බදාදා

අද මට්ටක්කුලියෙ මීටින් දවසනෙ. අපේ ඔෆිස් එකේ අයට එහෙම සයිට් එකක් තියනව කියලා මතක් වෙන්නෙත්, මීටින් දවසට කලින් දවසෙහරි, එදාට හරි තමයි. ( මේක ඉතින් මටත් සමහර වෙලාවට පොදුයි, මොකද මගෙත් ඔෆිස් එක මේකනෙ. )

ඔන්න ඉතින් ඊයේ හවස බොස්ගෙ ඉඳන් හෑමෝම මට්ටක්කුලියෙ සයිට් එක ගෑන තමයි කතාව. හෙට මීටින් අරන් යන්න මේවා ගේනත් දෙන්න, අරව ගෙනත් දෙන්න, අරක බලන්න, මේකට මොකද උනේ? ඔයවගේ ප්‍රශ්ණ කෝටියයි. හෑබෑයි, මේ වෙලාවට තමයි මට Mr. ජයන්තිකුමාර කියන කතා ඈත්ත කියලා මතක් වෙන්නෙ.

එයා මීට්න් එකේදි කියන්නෙ " උඹලට මේ සයිට් එක ගෑන මතක් වෙන්නෙ බදාදා මීටින් ආවම විතරනෙ. මෙතනින් ගිය ගමන් මේ සයිට් එක අමතක කරලා දානව , ආපහු මීටින් එකකට එනකන් " කියලා. එක වෙලාවකට මට හිතෙනවා මිනිහගේ කටේ මසුරන් දාන්න, කියන ඈත්ත කතාවට. ඒ කොහොම උනත් එහෙමම වෙන්නෙ නෑහෑ, සමහර ප්‍රශ්ණ නම් ආපහු ගියාම මතක් වෙන බව ඈත්ත. ඒත් ඒ සේරම නෙවෙයි. අනික් එයා Meeting Minutes එවන්නෙත් බදාදා උදේනෙ. ඉතින් අපි ඒ මිනිට්ස් දකින්නෙත් මීටින් එකෙදි මිසක් කලින් නෙවෙයිනෙ. එතකොට කොහොමද අනේ, ප්‍රශ්ණ වලට උත්තර හොයන් එන්නෙ? ප්‍රශ්ණෙ ආපහු දකින්නෙත් ඊළඟ මීටිමේනෙ.

කොහොම හරි අදත් සුපුරුදු ලෙස අපෙන්ම මීටිම පටන් ගත්තා. ඔන්න ඉතින් Mr. ජයන්තිකුමාර කියනවා " පහුගිය මිනිට්ස් වල හෑටියට මේවා ඉවරවෙලා තියෙන්නෙ ඕන, අරක කෙරිලා තියෙන්නෙ ඕන " කියලා. අපෙන් ඊළඟට අහනවා "දෑන් කොහොමද තත්වෙ?" කියලා. මදුසන්ක කියනවා" අරකෙන් භාගයක් ඉවරයි, මේක කරන්න තියනවා" කියලා. එතකොට මෑන් අහනවා" ඈයි කරන්න බෑරි උනේ?" කියලා. එතනදි, හෑමදාමත් එකම උත්තරයයි තියෙන්නෙ. සයිට් එකේ බඩු නෑහෑ වෑඩ කරන්න.

ඕකට ඉතින් Mr. ජයන්තිකුමාර හොඳටිකක් කියලා, හෑමදාමත් කියන්නෙ ඕකනෙ කියනවා. මම ඉතින් කිව්ව " ප්‍රොෆෙසර්ට කියලා අඩු බඩු ටික ගන්න ඕන" කියලා. " ගන්න ඕනනම් තවත් බලන් ඉන්නෙ? මෙච්චර කල් බලනෙනෙ නෑතුව, ඉල්ලන්න තිබුනනෙ? "මෑන් කියනවා. ඒ වෑඩෙත් සති දෙකක ඉඳන් බලන්නෙ. පොඩි පොඩි අවුල් නිසා තමයි පරක්කුව. නෑතුව අපි මේගෑන නොබෑලුවා නෙමෙයි. එත් ඒ ප්‍රශ්ණ මෙයාලට excuses නෙමෙයි තමයි. ඒත් මොනවා කරන්නද, වෑඩ කරනකොට ඔහොම තමයි.

කොහොමහරි ඉතින් ඒකත් ඉවර උනානේ. අපේ ලොකු අයියා අම්මට එව්ව exercise machine එක ලන්කාවට ඈවිත් දෑන් මාසෙකටත් කිට්ටුයි. වරායේ PBY එකෙන් කෝල් කරලා අහුවට වෑඩක් උනේ නෑති නිසා, අද ඒකට ගිහින් බලනවයි කියලමයි හිතාගෙන ආවේ.

මම ඉතින් ඒකට යනවයි කිව්වම, මදුසන්කත් කිව්ව "එයාටත් බෑන්කුවක වෑඩකට යන්න තියන නිසා මාත් එක්ක එනවයි " කියලා. ඒත් මම කිව්වා " මම මේ වගේ වෑඩකට යනනිසා, ඔයාගේ වෑඩේට යන්න ලෑබෙයිද දන්නෙත් නෑහෑ " කියල.

කොහොම හරි එතෑනට ගියා. මුලින්ම කිව්ව ගිහින් බලන්න කියලා පෑකේජ් එක ඈවිල්ල තියනවද බලන්න කියලා. ඒකට කාමර අන්ක 2 ට යන්න කිව්වා. එතන හිටිය කෙනා බලලා කිව්වා " මේක ඈවිත් තියෙන්නෙ 16 වෙනිදානෙ, ඈයි මෙච්චර කල් හිටියෙ" කියලා.

හිට්ය හෙතුවත් ඉතින් එතන වෑඩකරන රාජ්ය සේවකයන්ගෙ හොඳකමනෙ. මම කෝල් කරල දෙතුන් පාරක්ම ඈහුවා. එතකොට එතනින් දුන්නෙ දෙපෑත්තටම නෑති උත්තරනෙ. " ඒක අවිල්ලත් නෑ වගේ පේන්නෙ. පස්සෙ කෝල් කරල බලන්න" ඔන්න ඔයවගේ උත්තර තමයි මට ලබුනෙ වරායේ PBY එකට කතා කරාම.

Tuesday, September 27, 2011

අද සෑප්තෑම්බර් විසිහත්වෙනි අඟහරුවාදා

ඊයේ පාන්දර නුවර ගිහින් රෑවෙලා ආපුනිසා මොකුත් සටහනක් දාන්න බෑරිඋනානෙ.

අද උදේන්ම බොස් කතා කරලා අහුවා " වෑඩට එනවද?" කියලා. මම කිව්වා " හොඳටම හෙම්බ් රිස්සාව හෑදිලා ඉන්නෙ, ටිකක් අමාරුනිසා පරක්කුවෙලා එන්නම් " කියලා.

ට්‍රිලක්ෂිකා එකෙන් ඕකීඩ් ගේන්නත් කිව්වනිසා, මල් ටිකත් අරගෙන මම ටවුන් හෝල් ගිහින් දීලයි ඔෆිස් ගියේ. ඔෆිස් එකට යනකොට වෙලාව 11.00 ට වගේ ඈති.

මම යනකොට බොස් හිට්යා. මාව දෑකල අඬගහලා කිව්ව " මේ මේ වෑඩ ටික තියනව, මේ ටික ඉක්මනට කරලා දාන්න ඕන " කියලා. මම මුලින්ම ගත්තෙ හෑව්ලොක්සිටි දෙවන අදියරේ, ගෑස් සිස්ටම් එක. එකේ, BOQ එකක් බොස් හොයාගෙන තිබුණත්, මට ඒක ඈල්ලුවෙ නෑහෑ. ඒක නිසා මම අලුතින් BOQ එකක් හෑදුවා, ඪ්ESඓඥ් ඩ්‍රොවින් එක බලාගෙන.

කොහොමහරි, පයිප්ප වල අළුත් ගනන් දන්නේ නෑති නිසා, අපේ සින්ගප්පූරු සප්ලයර්ට මේල් එකක් දෑම්මා, අළුත් මිල ගනන් එවන්න කියලා. ඒ ටික ඈරුණම BOQ එක සේරම ඉවරකරා. ගනන් ලෑබෙනකන්, පුරුද්දෙන් ප්යිපවල ගනන් දාලා වෑඩේ ඉවරකරා. හෙට අළුත් ගනන් ලෑබුණම, කරණ වෙනසක් කරනවා කියලා හිතාගෙන.

ඒ ටික ඉවරවෙනකොට වෙලාව 5.00ත් පහුවෙලා. අසනීප නිසා ඈඟට මාර අමරුයි. ඒත් වෑන් එක ඩ්‍රයිවර් අරන් ගිහින් සයිට් එකකට. වෑන් එක එනකන් මේසෙ උඩ ඔලුව තියාගෙන හිටියා, අමරුව වෑඩි කමටම. වෑන් එක එනකොට වෙලාව 7.00 ට කිට්ටුයි. මොනවා කරන්නද? අමාරුවෙන්ම ඩ්‍රයිව් කරගෙන ආවා. ගෙදරට එනකොට 8.20 ට වගේ ඈති.

ඈවිත්, තේකක් බීලා හන්සිවෙලා හිටියා රෑට කනකන්. නෑගිටලා රෑ කෑම කනකොට 10.30 වගේ වෙලා. කන ගමන් TV බලලා, කාලා ඉවරවෙලා, Piriton, Panadol බීලා නිද ගත්ත.

Sunday, September 25, 2011

අද සෑප්තෑම්බර් විසිපස්වෙනි ඉරිදා

අද ආයිත් ඉරිදාවක්. ඒ කියන්නෙ මට වෑඩ වෑඩි දවසක්. අදත් සුපුරුදු විදිහට උදේ 6.45 ට වගේ නෑගිට්ටා. තේකක් බීලා එහෙම, ඉන්ටර්නෙට් එකේ පොඩි සර්ෆ් පාරක් දාලා බලන්කොට වෙලාව 7.45 ට වගේ ඈති. ඉදලත් අරන්ගියා ඉස්සරහ අතුගාන්න. ඉස්සරහ පෑත්තම කොස් කොල වලින් වෑහිලා. ඒකටත් හෙතුවක් තිබුණ. ඒක තමයි ගිය ඉරිදා අල්ලපු වත්තෙ කොස්ගහ යට ගොඩගහල තිබුණ, ගස් කපලා දාපු අතුටික එකපාරටම ගිනිගත්ත එක.

මම ගිය ඉරිදා අතුගොඩට මෙහායින් කුනු වගයක් පිච්චුවා. මෙන්න බොලේ ටික වේලාවකින් සර සර ගාලා සද්දයක් ඈහිලා බලන කොට වෑට අයිනෙ මහා ගිනි ජන්ජාලාවයි. ඒ ගින්නෙ ගිනි දෑල් මීටර් 3ක් 4ක් වගේ උසට ඈදුන නිසා, ඒ කොස් ගහේ කොල සේරම පිච්චිලා තිබුනා. දෑන් ඒ කොල ටික වෑටිලා ඉවරවෙනකන් ඉතින් අතුගාලා පිරිමහන්න බෑරිවෙනවා.

ටිකක් අතුගාලා එහෙම ඈවිත් කොළකෑඳ එකක් බිව්වා. ඒක බීලා වෑන් එක හෝදන්න ගත්තා. වෑන් එකෙන් පස්සේ පොඩි අයියගේ බයිසිකලේ. ඒ දෙකම හෝදලා ආව උදේට කන්න. අද තිබුණෙ සුදු කව්පි. කෑමෙන් පස්සේ මූණකට හෝදගෙන, හෝදන්න තියන ඈඳුම් සබන් වල පෙඟෙන්න දෑම්මා.

Saturday, September 24, 2011

අද සෑප්තෑම්බර් විසිහතරවෙනි සෙනසුරාදා

අද උදේට අම්මල එක්ක යන්න ඕන බොරෑල්ලෙ වෑඩකට. ඒක නිසා ගෙදරින් යනකොට 9.20 ‍යි. සෙනසුරාදා උනත්, පාරේ මාර ට්‍රෑෆික්. මම උදේන් ගියානම් මම හිතන්නෙ මෙච්චර ට්‍රෑෆික් එකකට අහුවෙන්නෙ නෑහෑ. කොහොමහරි එතනට යනකොට වෙලාව, 11.00 ට කිට්ටුවෙලා තිබුණ. ඒ වෑඩේ ඉවරවෙනකොට 12.00ට කිට්ටුයි.

වෑඩට යන්නත් ඕන නිසා, අම්මලව ගිහින් දෑම්මා නුගේගොඩ බස් ස්ටෑන්ඩ් එකට. ඊළඟට ආවා ඔෆිස් එකට. ඔෆිස් එකට ආවට ඉන්න කියලා වෙලවක් තිබුනෙත් නෑහෑ. මොකද, නුගේගොඩදිම ගෑණු ළමයා කතාකරල කිව්වා එයගේ EXAM එක ඉවරයි එන්න කියලා. මම ඉතින් කිව්වා මම ඔෆිස් එක පෑත්තෙ විසිට් එකක් දාල එනකම්, හවුස් ඔෆ් ෆෑෂන් එකේ රවුමක් දාන්න කියලා. මොකද ඒ වගේ දෙයකින් ගෑණු ළමයෙක් තියාගන්න එකනෙ, ලේසිම ක්‍රමේ.

මට අද කොහොමත් ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුඳා පාන්දරින්ම නුවර යන්න ඕනනේ. නුවර් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක ගන්නයි, අර ෆිෂර් රෙගියුලේටර් ටික ගන්නයි තමයි, ඔෆිස් යන්න ඕන වුනේ. ගිය එකේ, මදුසන්ක හදාගෙන යන බිලත් බෑලුවා. අවශ්ය කරණ බඩු ටික දාගෙන පිටත් උනා.

අද චමිලාගනේ තමයි ලන්ච් එක. මොකද එයාගේ බර්ත්ඩේ එක දවසෙත් මට මොකුත් අරන් දුන්නෙ නෑහෑනෙ. හවුස් ඔෆ් ෆෑෂන් එක ගාවට ගිහින් කෝල් කරලා කිව්වා, පාරට එන්න කියලා. එයා ආවහම අහුවා කොහෙටද ලන්ච් ගන්න යන්නෙ කියලා. පොත් ප්‍රදර්ශනේටත් යන එකේ එතනටම යමු කිව්ව.

BMICH එක ගාව මාර තදබදේ. මොකද අද සෙනසුරාදා හින්දා මිනිස්සු එනව වෑඩියි. වාහනේ ඈතුලට දාන්නත් බෑහෑ, කාර් පාර්ක් ෆුල්ලු. මල්ලසේකර මාවතේ තිබුණ කාර් පාර්ක් එකකට යන්තම් දාගත්ත.

මුලින්ම ගියා කෑම කන්න තෑනක් බලන්න. ගිහින් බත් කෑවා. ඩෙසර්ට් තියන තෑනක් හොයන්කොට දෑක්ක, මවුන්ට් ලෑවේනියා හොටෙල් එකේ ෆුඩ් අවුට්ලට් එක. එතනින් ගත්තා කෑරමල් පුඩින්නුයි, අයිස් කෝපියි. ඒවත් සප්පායම් වෙලා තමයි, ප්‍රදර්ශනේ බලන්න පටන් ගත්තෙ.

අද කොළඹ ජාය්ත්යන්තර පොත් ප්‍රදර්ශණයේ අන්තිම දවසට කලින් දවස. මේපාර තිබුනෙ 13 වෑනි පාරට උනත්, මම හිතන්නෙ මේ මගේ නොකඩවා ගිය 5ස්වෙනි හරි 6වෙනි පාර. මට මේකට යන්න පුරුදුකලේ අපේ ලොකු අයියා. මේ ගමන එයා මෙහේ නෑතිනිසා, එයාට යන්න බෑරිඋනා. මොනවා උනත් අපේ අයියා නිසා තමයි, මම හෑමදාමත් මේකට දෑන් නොකඩවා යන්නෙ.


Friday, September 23, 2011

අද සෑප්තෑම්බර් විසිතුන්වෙනි සිකුරාදා

අද අර කර්නල් මාරඹේලගෙ ගෙදර බාත් රූම් එකේ රෙපෙයාර් එක කරන්න යන්න ඕන. ඒක නිසා මදුසන්කට කිව්වා ශාන්තව ඔෆිස් එකට උදේට එවන්න කියලා.

මම හරියටම උදේ 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. ඒ යනකොට ශාන්ත ඈවිත් හිටියා. අවශ්ය කරණ ආයුධ ටික ලෑස්තිකරගන්න කියලා, ඉක්මනටම ගියා මාරඹේලගෙ ගෙදරට. හරියටම 9.30 ට මම කිව්වා වගේ යන්න පුළුවන් උනා.

මම ගිහින් ශාන්තට කරන්න ඕන වෑඩේ පෙන්නලා, අවශ්ය බඩු ටික අරන් එන්න ආපහු ආවා. කොහොම හරි වෑඩේ ඉවරවෙනකොට 1.00 ත් පහුවෙලා තිබුණ. ඔෆිස් එකට එනකොට 1.45 වගේ වෙලා. ඈවිත් ඉක්මනට කෑවා. මොකද, මන්ජුලාට අසනීප නිසා, එයාගේ නයින්වෙල්ස් සයිට් එකේ ස්ලෑබ් එකේ ස්ලීව්ස් තියන්න යන්න කියලා බොස් කිව්ව.

අව්වෙ යන්නත්, 3.00 පහුවෙනකන් පාරෙ ට්‍රෑෆික් වෑඩි නිසාත්, ඔෆිස් එකට වෙලා හිටිය 3.30 වගේ වෙනකන්. ශාන්තවයි, විමලසේනවයි අරගෙන ගියා නයින්වෙල්ස් සයිට් එකට. පුළුවන් හරියෙන් පටන් ගත්තා ස්ලීව් තියන්න.

ඒ දෙන්නා වෑඩේ කරනක්න් මට මාර කම්මෑළියි. මම පහලට ඈවිත් ගියා ආර්ථිකේ පෑත්තෙ. නාරාහේන්පිට ආර්ථික මධ්යස්තානෙ තියෙන්නෙ, නයින්වෙල්ස් හොස්පිටල් එක ඉස්සරහනෙ. ගිහින් එතන වාඩිවෙලා ඉඳන් චමිලාත් එක්ක චෑට් එකක් දාගෙන හිටියා. ඊට පස්සෙ පොඩි රවුමක් දෑම්මා. ඈබල්ලෝන් හතු තියනවා දෑකලා, හතු පෑකට් දෙකක් ගත්තා. ඒකත් අරන් ස්යිට් එක පෑත්තට ආවා.

ටිකක කම්බ් බෑඳලා ඉවරවෙලා තිබුනෙ නෑහෑ. ඒ නිසා ඒකට හෙට එනවයි කියලා හිතාගෙන, පහළට බෑස්සා. ඔන්න ආනන්ද කියන මෑන් සෙට් උනා. මෑන් කියපි, කොහොම හරි අදම වෑඩේ කරල යන්න කියලා.

ඒ ගෑන කතා කර කර ඉන්නකොට තමයි මත්ක් උනෙ, තිබ්බ සමහර ස්ලීව්ස් වල පොසිෂන් එක වෑරදියි කියලා. මොනවා කරන්නද? විමලසේනට කිව්ව " ආපහු වෑරදි ස්ලීව් සේරම අඟල් හයක් ඉස්සරහට ගන්න " කියලා. ඒ අස්සෙ ශාන්ත ඉන්න බෑහෑ යන්න ඕන කියනවා. මම මෑන්ට කිව්වා මේ වෑඩේ කරලා දාලම යන්න කියලා. මිනිහා බෑහෑම කිව්ව නිසා, විමලසේන උඩටගියාට පස්සෙ, මාත් උඩට ගියා.

මෙන්න ටිකකින් ශාන්තත් ආපහු ආවා. මමත් හිටිය නිසා, මෑන්ට යන්න බෑරුව වෙන්නෑති. කොහොමහරි වෑඩේ ඉවර වෙනකොට වෙලාව 9.00 ත් පෑනලා.

ශාන්ත කිව්වා එයාව බොරෑල්ලට දාන්න කියලා. ශාන්තවත් බොරෑල්ලට දාගෙන, විමලසේනවත් මහරගමින් බස්සගෙනම මම ගෙදර ආවා. එනකොට වෙලාව 10.00ත් පහුවෙලා.